සිරුරේ ආකර්ෂණීය බව වැඩිකරන නිවැරදි ම Bra එක මේ විදියට තෝර ගන්න.

ලස්සනට අඳින්න අපි කවුරුත් හරිම කැමතියි. මිල අධික ඇඳුම් සහ සිරුරට ඉතාම ලස්සන විලාසිතා පැය ගණන් ෂොපින් ගිහින් අරන් එන අපි යට ඇඳුම් ගැන හිතන්නෙම නැති තරම්. අතට අහු වුණු එකක් බිලක් දාලා අරන් එන අතට අහු වුණු බ්‍රා එකක් අල්මාරියෙන් අරන් අඳින අපි නොහිතනම දෙයක් මතක් කරන්නද?

බ්‍රා එක හරියට නොඇන්දම අපිට සම්පූර්ණයෙන්ම වෙනස් පෙනුමක් ලැබෙනවා.

ඉතින් අපි කොහොමද හරියට බ්‍රා එකක් තෝරා ගන්නේ?

ඉස්සරලම අපි කරන්න ඕන දේ අපේ පියයුරු වල ප්‍රමාණය හරියටම මැන ගැනීම. ඒක කරන්නේ මෙහෙමයි.

  • මුලින්ම පියයුරු වලට පහළින් ඉල ඇට වටා වට ප්‍රමාණය මැනගන්න. ඇඟේ මිම්මටම මැනගැනීම අනිවාර්යයයි. ටේප් එක පිට පැත්තෙන් පහළට හෝ ඉහළට යන්න නොදී සමාන්තරව තබාගන්න.
  • දැන් පියයුරු වටා මැනගන්න. මෙහිදී ටේප් එක තනපුඬු හරහා යන විදියටත්, පිටු පසින් එල්ලා නොවැටෙන්නත්, තරමක් බුරුලටත් මැනගන්න.
  • මුලින්ම ඉල ඇට වටා මැනගත් මිනුම තමා ඔබේ බ්‍රා එකේ බෑන්ඩ් එකේ මිනුම. මෙහිදී 31 1/2 වගේ බාග ගණනක් ආවොත් ආසන්නම වැඩි අගය වන 32 අගය ලබාගන්න. ඉන්පසු මෙම අගය සෙන්ටිමීටර (cm) වලට හරවා ගන්න.
  • දැන් ඔබ ලබාගත් පපුවේ මිම්මෙන් බෑන්ඩ් එකේ මිම්ම අඩු කරන්න. ඉතිරි වන අගය අනුව කප් සයිස් එක තෝරා ගන්න පුලුවන්.

කප් සයිස් ගැනත් දැනුවත් වෙන්න ඕන නේද?

සෙ.මි 13 වෙනස කප් සයිස් – A
සෙ. මි 15 වෙනස කප් සයිස් – B
සෙ. මි 17 වෙනස කප් සයිස් – C
සෙ. මි 19 වෙනස කප් සයිස් – D
සෙ. මි 21 වෙනස කප් සයිස් – DD නැත්නම් E

ඊට පස්සේ අපිට පුලුවන් හරියන බ්‍රා සයිස් එක තෝරා ගන්න.

  • බෑන්ඩ් එකේ සයිස් එකයි කප් සයිස් එකට අනුව එන අකුරයි තමා ඔබේ බ්‍රා සයිස් එක. ඒ කිව්වෙ බෑන්ඩ් එක අඟල් 32 සහ කප් සයිස් එක B නම් බ්‍රා සයිස් එක වෙන්නෙ 32B.
  • බ්‍රා එකක් තෝරගන්නකොට ඔබේ මිනුම් වලට අනුව එන බ්‍රා එක බෑන්ඩ් එකෙන් තදයි නම් ඊට වඩා ලොකු බෑන්ඩ් සයිස් එකෙන් පොඩි කප් සයිස් එක තෝරගන්න.

ඔන්න දැන් අපි අපේ බ්‍රා එකේ සයිස් එක හරියටම දන්නවා.

තෝරා ගත්තු බ්‍රා සයිස් එක හරියටම හරිද කියලා තීරණය කරන්නේ මෙහෙමයි..

  • බ්‍රා එකේ බෑන්ඩ් එක පිටට සහ අත් යට ප්‍රදේශයට තද වෙන්න බෑ. බෑන්ඩ් එකට උඩින් හෝ යටින් මස් පිඬු පිම්බී තියෙනවා නම් බ්‍රා එක තදයි. ඔබේ දබරැඟිල්ල පහසුවෙන් බෑන්ඩ් එක වටේ ගෙනියන්න හැකියාව තිබීම තමයි පර්ෆෙක්ට් බෑන්ඩ් සයිස් එක තෝරා ගන්න සලකුණ.
  • කප් එකේ දෙපැත්තෙන් හෝ ඉදිරියෙන් පියයුරු තෙරපී එළියට එන්නත් බෑ. ඒ කියන්නේ ඒ කප් සයිස් එක පොඩියි කියන එක.
  • අත් දෙක දෙපසින් දමා සීරුවෙන් සිට ගත් විට ඔබේ තනපුඬු උරහිසත් වැලමිටත් අතර හරි මැද උසක පිහිටනව නම් ඔබ නිවැරදි බ්‍රා සයිස් එක තෝරගෙන තියෙනවා.
  • බ්‍රා එක ඇඳලා අත් දෙක ඉස්සීමේදී පිටුපස පටිය නොසෙල්වී තියෙනවදත් බලන්න.

අපි දැන ගත යුතු Bra වර්ග කිහිපයක්.

Push up Bra

පියයුරු ඉහළට ඔසවා පෙන්වනවා. ඔබේ පෙනුම සරාගී කරන්න මේ බ්‍රා එකට පුලුවන්. මේ වර්ගයේ බ්‍රා එකකට පුළුවන් ඔබේ පියයුරු කුඩා ප්‍රමාණයෙන් යුතුනම් ඒවා විශාලකර පෙන්වීමට වගේම පියයුරු වලට පහසුවක් වීමට. ඒ වගේම ඔබේ පියයුරු පහතට එල්ලා වැටෙනවනම් ඒවා සෘජුව සහ ආකර්ශණීය ආකාරයට තියන්නත් මේ වර්ගයට පුළුවන්.

Padded Bra

දිනපතා ගමන් වලට ඉතා සුදුසුයි. හේතුව මේ බ්‍රා එක සුවදායක වීමයි.

Strapless bra

උරහිස් නිරාවරණය වුණු ඇඳුම්වලට ගැලපෙන්නට පටි නොමැතිව නිෂ්පාදනය කරලා තිබෙන මේ බ්‍රා වර්ගය බොහොම ප්‍රසිද්ධයි. පටි නොමැති නිසා එක පැත්තකින් ශරීරයට පහසුවක්

Sports bra

සැහැල්ලු ආකාරයෙන් සකස් කරලා තියන නිසාත් ක්‍රියාකාරකම් අතරේ පියයුරු අනවශ්‍ය ලෙස චලනය වලක්වන නිසාත් මේ වර්ගය ක්‍රීඩාවේ යෙදෙන ඔබට බොහොම වැදගත්.

Minimiser bra

පියයුරුවල ප්‍රමාණය අඩුකර පෙන්වීම සඳහා මෙම බ්‍රාවර්ගය භාවිතා කරනවා. අඟලක් දෙකක් පමණ පපුවේ ප්‍රමාණය අඩුකර පෙන්වනවා.

T shirt Bra

ටී ෂර්ට් හෝ ටී ෂර්ට් රෙද්දෙන් මැසූ ඇඳුම් සඳහා වඩාත් සුදුසු වෙනවා. සිරුරේ හැඩය වඩාත් ඉස්මතු කර පෙන්වන බ්‍රා එකක්. විනිවිද පෙනීමත් වළක්වනවා. මෙයත් පැඩිං සහිත බ්‍රා වර්ගයක්.

නිවැරදි ව Bra එකක් තෝරා නොගැනීම නිසා වෙන හානි.

  • ස්නායු, නහර සහ වසා ගැටිති සිරවීමෙන් පියයුරු වල වේදනාවක් ඇති වීම
  • ගැටිති, කැපුම් තුවාල, දද සහ කුශ්ට රෝග මතු වීම
  • ඉරියව් වලට බාධා වී ඔබේ කොඳු ඇට පෙළට හානි වීම.
  • බුරුල් බ්‍රා ඇඳීමෙන් ඔබේ පියයුරු එල්ලා වැටීම.
  • ඔබේ පෙනුමට සිදු වන හානි.

ලස්සන ඇඳුම් තෝරන්න බොහොම මහන්සි වෙනවා වගේම මීට පස්සේ ඇඟට ගැළපෙන බ්‍රා එක තෝරා ගන්න එකත් ස්මාර්ට් විදියට කරගන්න. ඔයාගේ පෙනුම ආකර්ෂණීය සහ සරාගී වෙන්න බ්‍රා එක නිවැරැදි ව ඇඳීම අත්‍යවශ්‍යම දෙයක්.

ලස්සනට සහ ස්මාර්ට් විදියට ඉන්න සුබ පැතුම්.

Related Articles

Don't Miss


Latest Articles