දිගු නීරෝගී කෙස් කළඹක් සඳහා ස්වභාවික කරපිංචා තෙල් සත්කාරයක්

නිවසේදීම,කෘත්‍රිම රසායනික ද්‍රවයන්ගෙන් තොරව සාදාගන්නා මේ තෙල් වර්ගය ඔබේ පසුම්බියට බරක් නොවෙනවා සේම වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්නත් හේතුවේවි.

අවශ්‍ය දේවල් මේවායි

  • කොහොඹ කොළ හා කරපිංචා කොළ කිහිපයක්
  • ️පිරිසිදු පොල් තෙල් 25ml
  • එඬරු තෙල් 25ml
  • ඔලිව් තෙල් 25ml
  • ️කෝමාරිකා පිත්තක්
  • ️විටමින් E කරල් 3-4

සාදා ගන්නා ආකාරය

  • කොළ දෙවර්ගයම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • තෙල් වර්ග තුනම මිශ්‍ර කර පිරිසිදු ඇලුමිනියම් භාජනයකට දමා ඩබල් බොයිල් කරගන්න.
  • නැතිනම් මද ගින්දරේ ලිපේ තියන්න.
  • එම මිශ්‍රණයට අඹරාගත් කොල මිශ්‍රණය හා කෝමාරිකා කෑල්ල එකතු කරගන්න.⁣
  • විනාඩි විස්සක් පමණ කෝමාරිකා කෑල්ල තෙල් භාජනයේ තෙල් තුළ තැම්බෙන්නට දෙන්න.
  • එය තැලීම හෝ පොඩි කිරීම ක් කරන්න ට එපා.
  • තෙල් පෙරා ගැනීමට පෙර කෝමාරිකා කෑල්ල පොඩි නොකර ඉවත් කරගන්න.
  • පසුව මෙම මිශ්‍රණය පෙරනයකින් පෙරා ගන්න.
  • ලිපෙන් ඉවතට ගත් පසු විටමින් E කරල් එකතු කරගන්න.
  • සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම තෙල් හිස ගල්වා ⁣මෘදු ලෙස ඇඟිලි තුඩුවලින් විනාඩි 5-10 ක් සම්බාහනය කරන්න.
  • පැය දෙකක් පමණ තිබෙන්නට හැර ⁣මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර සෝදා හරින්න.

Related Articles

Don't Miss


Latest Articles