Book of The Week

වසන්ති නානායක්කාර මහත්මිය ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් ලෙස අපි කවුරුත් හඳුනන චරිතයක්.ඇගේ පළමුවැනි පොත එළි දැක්වීම නිසා දැන් ඇය ලේඛිකාවක් බවටත් පත් වෙලා.ඒ ගැන අපි කළ කතාබහයි මේ. මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද? මේ දවස්වලනම් ගොඩක් සතුටින් ගෙවෙන්නෙ.මොකද මගේ පළමුවැනි පොත "පුංචි කාලේ මං" කෘතිය ජනගත කළා.ඒ පසුගිය දහතුන් වෙනිදා.ගොඩක් බාධක මැද තමයි...
Manohari jayalath
මනෝහාරි ජයලත් වෘත්තියෙන් නීතිඥවරියක්.ඇය සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ මැට්ටි නම් යොවුන් නවකතාව හරහා.පසුගිය විසිතුන් වැනිදා ඇය විසින් රචිත කෘති දෙකක් දොරට වැඩියා.මේ ඒ ගැන ඇය Smartlady සමඟ බෙදා ගත් ආකාරයයි. සමාජ ජාලා කියන්නේ සමාජයට එක්වුණු විනාශයක් කියලා ජනමතයක් තියෙන කාලෙක තමා මම ලියන්න ගත්තේ. මං හිතන විදියට සමාජ මාධ්‍ය තමා මට...
හද්ද පිටිසර ගමක පාසලින් ආරම්භ වන 'මල්ලිගේ විත්ති' කෙළවර වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙන් ය. හාස්‍ය රසයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියක් වන මල්ලිගේ විත්ති අප බොහෝ දෙනෙකුගේ ළමා විය හැඩ කළ කෘතියක්. දඟකාර කුඩා පිරිමි දරුවෙක්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ කෘතිය ලියන්නේ ගුණදාස ලියනගේ මහතා විසින්. ඉරිදා ලංකාදීප පුවත්පතට 'ලොකු අයියා" යන අන්වර්ථ...
ස්මාර්ට්ලේඩි කෙනෙක් හැටියට ඔබට වගේම පාසල් වයසේ ඉන්න දූලාට පුතාලටත් ගැළපෙන අපූරු පොතක් ගැන තමයි අද කියන්නේ. " එයාගේ පුංචි නිදන කාමරය දැන් එයාගේ කියවීම් ශාලාව වෙලා . හැම හවස් වරුවෙම හොඳ චොකලට් වීදුරුවකුත් රස්නෙට හදාගෙන පොත් කියවනවා. තට්ට තනියම ගෙදරට වෙලා ඉන්න සවස් වරුවේ ,ඒ වගේ උණුසුම් බීමක් හදාගෙන...
ලොව පුරා පාඨක සිත් මෝහනය කළ Little house කතා පෙළ. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් කියන්නේ ගැහැණු ළමයෙක් මුණ ගැසිය යුතුම චරිතයක්. ලෝ ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ඔබ කොහොමටත් අසා ඇති. අද අපි ඔබට කියන්නේ ලෝරාගේ අපූරු ජීවිත අන්දරය ගැන යි. මේ පොත් පෙළ ලියැවෙන්නේ කතාවේ ප්‍රධාන චරිතය ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් අතින්...
ගැහැනුන් දෙදෙනා- කර්තෘ ඇල්බර්ටෝ මොරාවියා පරිවර්තනය අසෝක නිස්සංක ️යුද්ධයකදී වඩාත්ම පීඩාවට,ගර්හාවට හා සූරාකෑමට ලක්වන්නේ කාන්තාවන් හා දරුවන් යන ලෝ සත්‍ය පසක් කරවන තවත් අනුවේදිනීය නවකතාවක් මේ.ලෝ ප්‍රකට ලේඛක Alberto Moravia ගේ Two Women නවකතාව.අසෝක නිස්සංක මහතා විසින් "ගැහැණුන් දෙදෙනා" නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශනයට පත්ව දැන් ටික කලක් වනවා. දෙවන ලෝක...
ඔව් මයෙ හීං කොල්ලෝ…ආතා කියලත් ලියනවා…අම්මා-තාත්තා-ආතා-කිරිඅම්මා-පුංචිඅම්මා-මාමා-නැන්දා. මේ ඔක්කොම ලියනවා. තව මේ ලෝකෙ නැති දේවල් පවා ලියනවා. අන්න එහෙම ලියලා ලෝකෙ ගැන ඉගෙනගනිං… පුතේ. ලොකු සල්ලිකාරෙක් නෙමෙයි, ලොකු දැවැන්ත මිනිහෙක් වෙයං… එහෙව් මිනිස්සුන්ට විතරයි මේ සමාජේ ගොඩනගන්න පුළුවං. වීරප්පුලියෝ, උඹල මං කියන එක හිතට අරං, කොල්ල අකුරු ලියන්න යොමු කරපං....
ඇනා කැරනිනා ඉතා ඈත අතීත කාලයක් පසු බිම සහිත ව හෙවත් එම කාලයේම වාසය කළ ලියෝ තොල්ස්තෝයි විසින් රචනා කළ විප්ලවකාරී නවකතාවක් ලෙස ඇනා කැරනිනා හඳුන්වන්න පුළුවන්. සිය ප්‍රභූ සැමියා ගෙන් සහ එකම පුතණුවන් ගෙන් මිදී තමා ප්‍රේම කරන තරුණයා සමඟ ගොස් ඔහු සමඟ නිත්‍යානුකූල නොවන විවාහ ජීවිතයක් ගත කරන අතිශයින්ම...
පෝලා - ඉසබෙල් අයියන්දේ පෝලා කියන්නේ ඉසබෙල් අයියන්දේ ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය කියන්න පුළුවන් .නමුත් එය  ලියැවෙන්නේ ඇයගේ දියණිය, මරණාසන්න ව වැතිර සිටින මොහොතක ,ඇයව අමතා කරන කතාවක් විලසින්. "මට ගන්න ඉතිරිවෙලා තිබුණේ තීරණ දෙකයි." මතකය අවදිකරමින් ඉසබෙල් පවසනවා. "එක්කො,දිවිනසා ගන්න එක,එහෙම නැත්නම් ඒ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක." ඉතාමත් ආකර්ෂණීය ආකෘතියකින්  එම...
''ගිම්හානය පළතුරුවලට හොඳ කාලයක් නොවිණ.ඒත් කඳවුරේ සාත්තුව හොඳ හෙයින් හොඳ පළතුරු වාරයක් දීමට ගිම්හානය වුවද තීරණය කර තිබිණි. කඳවුරෙන් මයිලයක් පමණ ඈතින් මහ පාරවිය. මහපාරෙන් කඳවුරට හැරෙන හන්දියේ පළතුරු වෙළඳ සැලක්අලුතෙන් අරඹා තිබිණි.සිරකරුවෙක් එතුල වෙළඳාම් කළේය. වෙළඳ සැලට සමීපයේ ආරක්ෂක භටයෙක්! ඔහු සමඟ ගැවසින. ''අඹ කීයද'' තරුණිය සිරකරුගෙන් ඇසීය. ''ගන්න නෝනා ලාබයි'' සිරකරුගේ මුහුණ ප්‍රිය මනාප බවක්...