නත්තල් රාත්‍රී මේසය රස ගන්වන්න අපූරු චීසි පාස්තා එකක් හදලා බලමු ද? සූපවේදිනි චන්දි ලක්ෂිතා මහත්මිය තමයි ඔබ වෙනුවෙන් මේ අපූරු රෙසිපිය ගෙන එන්නේ.
අවශ්‍ය දේවල්
- පැස්ටා 200g
- බෙල් පෙපර්ස්
- තක්කාලි
- පාස්ලි
- ක්‍රීම් චීස් මේස හැඳි 2
- රස පමණට ලුණු
- තක්කාලි / චිලි සෝස් මේස හැඳි 2
- ෆ්‍රෙෂ් මිල්ක් අඬු කෝප්පයක්
- කෑලි මිරිස් තේ හැඳි 2
- ගම්මිරිස් තේ හැන්දක්
- සීනි තේ හැඳි කාලක්
- කුඩාවට කපා ගත් ලොකු ළූණු ගෙඩි බාගයක්
- චොප් කරගත් සුදු ලූණු බික් තුන හතරක්
- තෙල් මේස හැඳි 2-3
සාදා ගන්නා ආකාරය
- ජලයට අවශ්‍ය පමණට ලුණු සහ තෙල් මේස හැන්දක් එක් කර පැස්ටා තම්බා ගන්න.
- තක්කාලි සහ බෙල් පෙපර් සිහින්ව කපා ගන්න
- පෑන් එකක් ලිප තබා තෙල් මේස හැදි දෙකක් දමා ගන්න.
- රත් වෙද්දී සුදු ළූණු එක් කරන්න. බැදෙන්න හරින්න
- ඉන්පසු ළූණු එකතු කරන්න
- තක්කාලි ද එකතු කරන්න.
- මද වෙලාවක් තැම්බෙන්න හරින්න.
- බෙල් පෙපර් එකතු කරන්න.
- කෑලි මිරිස්, ගම්මිරිස් එකතු කරන්න.
- සෝස් ද එකතු කරන්න
- තැම්බෙන්නට හරින්න
- ඉන්පසු චීස් එකතු කරන්න, කිරි ද එකතු කරන්න.
- මද ගින්නේ උතුරන්නට හැර සීනි එකතු කරන්න.
- පාස්තා හොඳින් තැම්බුණු පසු උණුවතුර පෙරා ඇල් වතුරෙන් සෝදා ගන්න.
- ඉන්පසු ඉහත පරිදි සාදා ගත් මිශ්‍රණය එකතු කරන්න.
- කුඩාවට කැපූ පාස්ලි ඉස ගන්න.