Chicken & chickpea rice

අලුත් අවුරුද්ද සති අන්තයේ යෙදෙන නිසා ගෙදර අයට රසම රස ආහාර වේලක් හදලා සතුටු කරන්න ඔබට පුලුවන්.ඒ අයගේ සතුට එක්ක අලුත් අවුරුද්ද පටන් ගැනීම ඇත්තටම සුන්දර දෙයක් වෙයි නේද? අපි බලමු බොහොම ඉක්මනින් පිස ගන්න පූලුවන් බතක් දිවා ආහාරයට සකසා ගන්නා ආකාරය.

මෙයට අවශ්‍ය ද්‍රව්‍ය සකසා ගැනීමට මිනිත්තු 15 ක්ද සැකසීමට මිනිත්තු 25 ක් ද ගත වේ.මෙය තිදෙනෙකු සඳහා අවශ්‍ය ප්‍රමාණවලින් සමන්විතය.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බටර් 25g
  • චොප් කරගත් රතු ළූණු
  • රවුමට කපා ගත් කැරට් 100 g
  • කුඩාවට කපා ගත් චිකන් බ්‍රෙස්ට් 180g
  • කුරුඳු කැබැල්ලක්
  • දෙහි යුෂ ටිකක්
  • බාස්මතී 125g
  • මුද්දරප්පලම් සහ රට ඉඳි ටිකක්
  • චිකන් ස්ටොක් 250ml
  • තම්බා ගත් කඩල 215g

සාදා ගන්නා ආකාරය

chicken rice
  • පෑන් එකක් ලිප තබා බටර් දිය කර ගන්න
  • එයට ළූණු එක් කර බැද ගන්න
  • ඉන්පසු මස් සහ කැරට් එකතු කරන්න
  • කැරට් රන්වන් පැහැ වන තුරු බැද ගන්න.
  • දෙහි යුෂ සහ කුරුඳු එකතු කරන්න.
  • හොඳින් සීසන් කර ගන්න.
  • සහල් සහ මුද්දරප්පලම් ඉස ගන්න.
  • චිකන් ස්ටොක් එක දමා පිස ගන්න.
  • ඉන්පසු උඩින් කඩල ද දමා හොඳින් බත ඉදෙන්නට හරින්න.
  • චිකන් ස්ටොක් සිඳී ගියත් බත අමු ගතිය නම් ඔබට තවත් වතුර මිලි ලීටර් පනහක් පමණ එකතු කර විනාඩි පහක් පමණ පිසින්න පුලුවන්.
  • ඉන්පසු බත ලිපෙන් බා උඩින් බටර් ටිකක් සහ රට ඉඳි කැබලි ඉස පිලිගන්වන්න.

මේ බතෙහි පෝෂක ගුණ කොහොමද?

  1. කැලරි -167
  2. මේදය -9g
  3. කාබෝහයිඩ්‍රේට් -56g
  4. සන්තෘප්ත මේදය -5g
  5. සීනි 16g
  6. තන්තු 5g
  7. ප්‍රෝටීන් 24g
  8. ලුණු 0.5g

රසත් ගුණත් එක වගේ ඇති මේ බතට චිකන් හෝ මාළු කරි එකක්,කජු ව්‍යාංජනයක්,මිංචි සම්බෝලයක්,චිලි පේස්ට් වැනි දේ එකතු කරගන්න ඔබට පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles