කුරුලු පිහාටු දී රවටා චූටි පැටියෙකු සාහසික ව මරා දැමූණු සදීප ලක්ෂාන් ඝාතනය

අපේ රටේ අමතක කළ නොහැකි ළමා ඝාතන අතර සදීප ලක්ෂාන් කියන නම කිසිම දවසක අමතක කළ හැක්කේ නෑ.කුරුලු පිහාටු සිදුවීම ලෙස ජනප්‍රිය වූ මේ කතාව දරුවන්ව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යළි යළිත් සිතන්නට බල කෙරෙන කතාවක්.

සදීප ව්‍යාපාරික පවුලක පුතෙක්.ඔහු ඒ වෙද්දී ඉගෙන ගනිමින් සිටියේ 3 වසර පන්තියේ.පවුලේ බාලයා වූ සදීප හැදී වැඩුණේ අප්‍රමාණ ආදරයකට ලක් වෙමින්.

සදීපගේ අතුරුදහන් වීම

සදීප අදාළ දිනයේදී පාසල් ඇරී නිවසට එනවිට ඔහුට දන්නා කියන අයියා කෙනෙකු මුණගැසී තිබෙනවා.ඔහු සදීපගෙන් කුරුලු පිහාටු අවශ්‍ය දැයි විමසා තිබුණා.ඒ වයසේ ඕනෑම කුඩා දරුවකු සේ සදීප යෝජනාවට කැමැත්ත පළ කර තිබුණා.නිවසේ අම්මා සිටියේ නැති අතර සහෝදර සහෝදරියන් සහෝදරියන් ද සිටියේ නැහැ.ඉතා ඉක්මනින් බත් පිඟාන කා අවසන් කළ සදීප වහාම කුරුලු පිහාටු ගන්නට දිව ගොස් තිබුණා.ඒ නිවසේ අය ඔහුව දුටු අවසාන මොහොතයි.

සදීපගේ තාත්තාට ආ දුරකථන ඇමතුම

ක්‍රියාකාරී ජාලයක හිමිකරුවකු වූ සදීපගේ තාත්තා වූ ජයන්ත සිල්වා මහතාට දුරකතන ඇමතුමක් පැමිණෙනවා.ඒ 1999 ඔක්තෝම්බර් 8 වැනිදා.

“පුතා ඉන්නේ අපි ළඟ.අපට ලක්ෂ 25ක් ඕනේ.සල්ලි නොදුන්නොත් හරි පොලිසියට කිව්වොත් හරි සදීප මරනවා.”

ඒ දුරකථන ඇමතුමෙන් ජයන්ත මහතා ඉතාම කම්පනයට පත් වනවා.කරන්නේ කුමක්දැයි ඔහුට සිතා ගන්නට නොහැකි වෙනවා. ඉන්පසු ඔහුට දින තුනක් තිස්සේ දුරකථන ඇමතුම් එනවා.එය නිවසේ දුරකථනයට,කාර්යාලයට,ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් එනවා.මුදල් නොලැබුණොත් පවුලම මරා දමන බවට තර්ජනය කරනවා.

“ලක්ෂ දාහතක් තියනව,ඉතුරුවට නෝනාගෙ රත්තරන් බඩු දෙන්නම්”

එයටද කප්පම්කරුවන් එකඟ වූයේ නෑ.ඔවුන්ට වැඩි මුදලක් අවශ්‍ය නැති බවත් අඩු මුදලක් පිළි ගන්නට අනවශ්‍ය බවත් ඔහු පවසනවා.

“අනේ පුතාට වචනයක්වත් කතා කරන්න දෙන්න,මම එයා නැති වුණත් හරි කාලත් නෑ”

ජයන්ත ද සිල්වා මහතා හැඬූ කඳුළින් ඉල්ලා සිටියත් එය කප්පම්කරුවන් එය ප්‍රතික්ෂේප කළා.

පොලිසියේ රහසිගත පරීක්ෂණ

පොලිසියට මෙය සඟවා ඵලක් නැති බව සිතූ ජයන්ත මහතාගේ සහෝදරයා,ජගත් අවසානයේ කලුතර කොට්ටාසයේ ජේෂ්ට පොලිස් අධිකාරි ලයනල් කල්දේරා මහතා මුණ ගැසුණා.කල්දේරා මහතා රහසේ පොලිස් පරීක්ෂණ ආරම්භ කළා.ඔහු පොලිස් ස්ථාන කිහිපයකම නිලධාරි කණ්ඩායම් එයට යොදා ගන්නවා.

ජගත්ට පොලිසියෙන් රාජකාරි කිහිපයක් පැවරුණා.පළමුවැන්න කප්පම්කරුවන්ට දෙන නෝට්ටුවල අංක ලියා ගැනීම,ඊළඟ කාරණාව ජයන්තගේ දුරකථනයට පටිගත කිරීම් යන්ත්‍රයක් සවි කිරීමයි.

සූදානම් කර ගන්නා මුදල්

ජයන්ත ලංකා රුපියල් ලක්ෂ 16ක්, අමෙරිකානු ඩොලර් 594ක්, ස්ටර්ලින් පවුම් 94ක්, ඉන්දියානු රුපියල් 810ක්, සිංගප්පූරු ඩොලර් 25ක්, ස්විස් ප්‍රෑන්ක් 60ක් සහ මාර්ක් 20ක් සොයාගන්නවා. ඒ මුදල් මිටියේ එවකට වටිනාකම රුපියල් 2,484,000 ක්.ජයන්ත මේ මුදලේ වටිනාකම,අදාළ මුදල් වර්ග වෙන වෙනම සටහන් කරමින්, කොළයක ලියා ගන්නවා. මුදල් මිටිය කොළයක ඔතා නැවත බ්‍රවුන් පේපර් එකක ද ඔතා ෂොපින් කවරයක බහා සූදානම් කරගන්නවා.

කප්පම්කරු කොස්ගොඩ හන්දියේ දුරකථන කුටියක එය තබන්නැයි උපදෙස් දෙනවා.ඔක්තෝබර් 11 වෙනිදා එසේ මුදල් තබා දරුවා ගැනීමට අලුත්ගම තුන්වන පටු මගට පැමිණෙන්නැයි කප්පම්කරුවන්ගෙන් උපදෙස් ලැබුණා.නමුත් දරුවා පැමිණියේ නෑ.ජයන්ත නිවසට අමතන විට කප්පම්කරුවන් පොලිස් අත් අඩංගුවට පත් වී ඇති බවත්,නිවසට පැමිණෙන ලෙසත් ඔහුට නිවසින් පවසා තිබුණා.

එහෙත් නිවසට ගිය ජයන්ත දැන ගත්තේ සදීප මරා දමා ඇති බවයි.

කප්පම්කරුගේ විස්තර

ඝාතකයා වූයේ අවුරුදු විස්සක අමිල නම් තරුණයා.විදේශගත වී පෙම්වතිය නිසා නැවත ලංකාවට ආ ඔහු හරි ආදායම් මාර්ගයක් තිබූ අයෙක් නොවේ.ඔහුගේ ප්‍රේම සම්බන්ධයට පෙම්වතියගේ ගෙදරින් අකමැති වී තිබුණා.ලක්ෂ දෙසීයක කප්පම් සිදුවීම වාර්තා වූයේ ඒ කාලයේ ඔහු සදීප පැහැර ගන්නට සිතුවේ ව්‍යාපාරික ජයන්තගෙන් මුදල් ලබාගෙන පොහොසත්වීමේ අධිෂ්ඨානය සහිතවයි.

සදීප ඝාතනය කළ ආකාරය

කුරුලු පිහාටු දෙන බව පවසා ඔහු සදීපව ඔහුගේ ආච්චිගේ නිවසට රැගෙන ගියා.දරුවා සිහි නැති කරන්නට සිතා ඔහු සදීපගේ නහයත් කටත් වසාගෙන සිටි අතර සදීප හුස්ම හිරවී මිය ගියා.සිරුර පොලිතින් උරයක දමා වැසිකිළි වලකට දමා ඔහු ජයන්ත අමතා තිබුණා.නිවෙස් දෙකකට එහා නිවසක වැසිකිළි වළක දරුවාගේ මළ කද ඇති බව නොදන්නා ජයන්ත සදීප බේරා ගන්නට මුදල් සොයන්නට වුණා.සදීපගේ තාත්තාට අමතන්නට ඔහු මිතුරු සහය ද ලබාගෙන තිබූ අතර ඔවුන් ද අත්අඩංගුවට පත් වුණා.අමිල බයිසිකලයකින් ගමන් කරද්දී ඇති වූ සැකයට ප්‍රශ්න කරද්දී ඔහු ක්‍රමයෙන් සත්‍ය වමාරා තිබුණා.

දඬුවම් ලබා දීම

1999 ඔක්තෝම්බර් 08 දා අලුත්ගම දී මුතුමුනි සදීප ලක්ෂාන් ද සිල්වා පැහැර ගෙන ගොස් මරණය සිදු කිරීම සහ ඔක්තෝම්බර් 11 දා දරුවාව ඝාතනය කරන බවට දරුවාගේ පියා වන ජයන්ත බියට පත් කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ලබා ගැනීම සම්බන්ධයෙනුත් අධිචෝදනා නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහි ව ඉදිරිපත් කළා.ඉන්පසු 2000 සැප්තැම්බර් 21 අමිල නුවන් සිල්වාට මරණ දඬුවම තීන්දු කරනවා.

ඝාතකයා හසු කරගත් පොලිස් කණ්ඩායමට තෑගි මුදල් පිරිනැමුනා. ජයන්ත සිල්වා මහතාට කප්පම් මුදල යළි ලබා දෙන්නටත් පොලිසිය ක්‍රියා කළා.

සදීප ලක්ෂාන් ජීවත් වූවානම් මේ වෙද්දී ඔහු තිස් එක් හැවිරිදි තරුණයෙක්.ඔහුගේ ජීවත්වීමේ අයිතිය විනාශ කළ අමිල අදටත් සිර දඬුවම් විඳින්නෙක්.

ඉතා ඉක්මනින් මුදල් සෙවීමට තරුණයෙකුට පහළ වූ නිහීන සිතුවිල්ල නිසා මිලානව ගිය කුඩා ජීවිතය අදටත් ලාංකිකයන්ගේ ඇස් කඳුළින් බර කරන සිදුවීමක්.

Related Articles

Don't Miss


Latest Articles