“ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල”
කොපමණ උනන්දුවෙන් වැඩ කරන්න සිත එකඟ කරගන්න උත්සාහ කරද
මිහිකට එවදන් සිතෙන් අමතක කරන්නට අපහසුය.
“ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල”
ඈත රටක සිට දිනය මුලුල්ලේම වෙහෙස වෙමින්, තම ආදරණීයයන්ගෙන්
වෙන් වී කාලය ගතකරමින්, සිටියදී නිදහසේ සිතූ සිතූ අන්දමට තැන තැන
යන්නට වශ්‍ය නිදහස චරිත්‍රාට ලැබුනේ තමන්ගේ සිත තුල පිරී තිබෙන ආදරය
නිසාවෙන් නොවේද?
ජීවිතය තමා ඉදිරියේ ගෙනවිත් තබා ඇත්තෙ එසේ මෙසේ අභියෝගයක්
නොවේ.
චරිත්‍රාව සැකකරන්නට කිසිදු හේතුවක් නැතැයි පෙරව සිතුව නමුත්, මුහුණු
පොතේ දුටු එකම එක ජායාරූපයක් නිසාවෙන් මෙතෙක් දිනක් නොදුටු වැරදි
පවා පේන්නට පටන් ගත්තේ සැකයට ලොල් කිරීම මනුෂ්‍ය ස්වභාව නිසා විය
හැකි බව යැයි සිතමින් සිත සමගම පෙරළි කරන්නට වෙහෙසන අතර
අතැඟිලි පරිගණකය මත හසුරුවාලන්නට තරම් සංයමයක් ඇති කරගන්නට
දහම් පාසල් ගොසින් සහ සෑම පොහොයකටම අම්මා සමග පන්සල් ගිය
මිහිකට හැකිය.
එනමුත් සිත තුල දැවෙන්නේ පිළිතුරක් නැති පැනයකි.
කිසිවකුගෙන් පිළිතුරක් අසා දැනගන්නට නොහැකි පැනයකි.
චරිත්‍රාගෙන් අසන්නට තරම් සිත හදාගන්නට බැරි පැනයකි.
“ඔයා කාත් එක්කද නුවර ගියේ?” යැයි යන සරල පැනය දුරකතන
ඇමතුමකින් හෝ කෙටි පණිවිඩයක් ඔස්සේ ඇයගෙන් විමසා බලන්නට
කොපමණ හැකියාවක් තිබුනද එම පැනයට පෙරලා ලැබිය හැකි පිළිතුර
කුමක් වුවත් එය සිත රිදවන්නට හේතුවක් විය නොහැකිද?
“මම තනියම ගියේ” යැයි කීවද එය බොරුවක් බව දන්නා නිසාත් “ඔව් මම
කොල්ලෙක් එක්ක ගියේ” යැයි කීවද අවසානයේ එය දිව යා හැකි දුර ගැන
සිතද්දී ඒ පැනය චරිත්‍රාගෙන් කිසිදිනක නොවිමසා සදහටම හදවත් කොනක
කුටියක අගුලු ලා වසා දැමීම සැනසුමක් බව මිහිකට සිතේ.
එසේ සිතන්නේද ආදරය නිසාවෙන් නොවේද?
ඇය තමා මුලින්ම පෙම් කල යුවතිය නොවුනද ගතින් බැඳුණු පලවන්
යුවතියයි. අන් සියලු දෙනාට වඩා තම සිත ඇඳ බැඳ තබාගත් තරුණියයි.
කිසිදු හෝ හේතුවක් මත ඇයව අහිමි කරගැනීමට සිත නොදෙන්නේ එබැවිනි.
“කන්න යන්නෙ නැද්ද?”
සිතුවිලි කන්ද පල්ලම් බසින්නට වූයේ එහා පස අසුන්ගෙන සිටින ඉන්දියානු
මිතුරා ගේ හඬටයි.
ප්‍රණව් සැබවින්ම හොඳ මිතුරෙකි. නිහඬ නිස්කලංක මිතුරෙකි. යමක් කියූ විට
ඉතා හොඳින් සවන් දී හිඳිමින් ඉතාම ප්‍රායෝගික විසඳුම් ගෙන එන්නෙකි.
එනමුත් ම්‍රේ ප්‍රශ්නය ඔහු සමගවත් බෙදාගන්නට හැකියාවක් නැත. චරිත්‍රා
සමග ජීවත්වන්නට අවැසි ලෙස ගෙය සකසන අතරවාරයේ අවශ්‍ය කරන දේ
මිලදී ගන්නට ඇතැම් විට ප්‍රණවගේ සහයෝගයද ලැබුණි. එපමණක් නොවේ
මෙරටට ආ මුල් කාලයේ මිනිසුන්ගේ තිබූ ආකල්පමය ගැටලු, තම මව් රටින්
ඈත්ව ගත කරන කාන්සිය මකාලන්නට ප්‍රණව කොපමණ නම් වෙහෙසුණිද?
උදෑසනම වැඩ රාජකාරි තිබෙන දිනයක දිවා ආහාරය සකසා ගෙන එන්නට
නොහැකි බැවින් තම ඉන්දියානු නැන්දනිය සමග වාසය කරන ප්‍රණව තමා
වෙනුවෙන්ද ඇතැන් දිනක ආහාර රැගෙන එයි.
ඉන්දියානු කුලුබඩු රස සහ සුවඳ වෑහෙන චපාති, නාන් රොටි සමග ඇඹුලට
තැනූ අඹ, පනීර් හෝ දාල් මකානි නොඑසේනම් සුදු බත් සමග රැගෙන එන
මීන් මොයිලි, චිකන් ටික්ක මසාලා, චට්නි ආදියේ රසයෙන් කුල්මත් වුණු
හිතක් ඇත්තෙකි මිහික.
එනමුත් තම බිරිඳ ගැන ඇතිවුණු සැකයක් ප්‍රණව සමගවත් බෙදා ගන්නට
හැකිද?
අනෙක් අතට එය සැකයක්ම පමණි. එකී සැකය සිත තුල මෙසේ
සිරකරගනිමින් සිටීමට වඩා ඇයගෙන් ඇසීම හොඳ නැද්ද?
සමහරවිට ඇය කාර්‍යාලයේ මිතුරෙකු සමග නුවර ගියා වන්නට හැක.
එම සියලු ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නටත් සිත පෙළන මේ සැකය
විසඳගන්නටත් ඇති එකම ක්‍රමය නම් චරිත්‍රාගෙන් මේ පිළිබඳව විමසීම
නෙවෙයිද?
එනමුත් සිත තුළ සැඟවී ඇති කුමක් හෝ නොදන්නා, පැහැදිළි කළ නොහැකි
කාරණාවක් එම ප්‍රශ්නය ඇයගෙන් ඇසීමෙන් තමන්ව වළක්වන බව මිහිකට
නොදැනුනා නොවේ.
ජීවිතයේ ඉදිරියට එන බොහෝ ප්‍රශ්නවලට ඇති විසඳුම නම් සිත තුල ගැටලු
සිරකරගනිමින් සිතෙන් දුක් විඳීම නොව කතා බස් කර ප්‍රශ්නය විසඳා ගැනීම
බව තමා කෙතරම් නම් මිතුරන්ම කෙතරම් නම් අවස්තාවක කියා ඇද්දැයි
මිහිකට සිතේ. එනමුත් තුවාලයේ වේදනාව දන්නේ තුවාල වූ මිනිසා ය.
මතුපිටින් බලා දාර්ශනික පිළිතුරු කොතෙක් දිය හැකි වුවද එය ක්‍රියාත්මක
කරන්නට ආ අවස්තාවක් එසේ කිරීම කෙතරම් අපහසුද යන්න මිහික දැන්
අත්විඳිමින් සිටී.
“අර සඳ පලුවෙන්
පාලු සිතේ විඩා නිවේ
මේ සුවිසල් බිම තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි”
වේරලියද්ද මහතාගේ මනහර කට හඬින් එකී ගීතය කොපමණ වරක් අසමින්
චරිත්‍රා පිළිබඳ ආදරයෙන් සිතන්නට ඇද්ද?
අද එදවස සිතට සවියක් දුන් සිතම තම සිත මෙතරම්ම පීඩාවට පත් කිරීම
ගැන සිතන විට ජීවිතයේ ඇති අහඹුතාවයන් පිළිබඳ මිහිකට මහා පුදුමයක්
සිතේ.
ඊයේ සිත තුළ වූ නිදහසේ සහ සතුටෙහි බිඳක්වත් අද සිත තුල නැත.
අද සිත තුළ තියෙන පීඩාව හෙට දින වන විට අවසන් වන්නටද හැක.
එසේ නොවන්නටද හැක.
ඊයේ තිබූ සතුට අද නැතිවීම තම අනුදැනුමකින් තොරව සිදු වූවක් වුවද අද
සිත තුළ ඇති පීඩනය හෙට දින තෙක් පවත්වා ගැනීම හෝ නොගැනීම
තමාට කල හැකි බවටත් හෙට දිනයට විවර වන දොරගුළු විවර කළ යුතු
යතුර තමා අත තිබෙන බවත් මිහික නොදන්නවා නොවේ.
බිය ඇත්තේ හෙට දිනයෙන් පසුව එලඹෙන අනාගතය ගැනයි.
ජීවිතය අවිනිශ්චිතය.
චරිත්‍රාගේ පිළිතුර මත ජීවිතය ඉන්පසු ගෙවෙන්නේ සතුට පෙරදැරිවද දුක
පෙරදැරිවද යන්න තීරණය වේ.
තමන් බිය දුකටය.
ප්‍රශ්නයක් අසන්නට මෙතරම් මැලි වන්නේ එනිසා නොවේද?
“ජීවිතේ කියන්නෙම මහ අරුම පුදුම දෙයක්.
අපි හිතපු දේවල් කවදාවත්ම නොලැබෙන, නොහිතපු දේවල් නොහිතපු
වෙලාවල් වල ලැබෙන මහ අරුම පුදුම ඇල්ගොරිතම් එකක් තියෙන දෙයක්.
සමහර වෙලාවට අපි ලැබේවි ලැබේවි කියල මහ ලොකුවට බලාපොරොත්තු
තියාගෙන ඉන්න දේවල් වලින් ලැබෙන්නෙ නැති තරමෙ සතුටක් අපි
බලාපොරොත්තු නොවිච්ච වෙලාවක, බලාපොරොත්තු නොවුන විදියට ලැබෙන
දේකින් අත්වෙන්න පුලුවන්.
එහෙම වෙලාවක් අපි ඒ සතුට හදවතින්ම විඳ දරාගන්න එක වැරදිද? මම
අහන්නෙ ඒක පවක්ද?”
සිතුවිලි අකුරු කරන්නට මහ වේලාවක් යන්නේ නැත.
චරිත්‍රා යනු ඉතාම ඉක්මනින් ඕනෑම වැඩ රාජකාරියක් ඉවර කරන්නට උපන්
හපන් ඇත්තියකි.
සිත තුළ පෙරලී කරමින් හිඳි පැනයට පිළිතුරක් අසා කියාගන්නට කවුරුවත්ම
නැති තැන සුපුරුදු ලෙස මුහුණු පොතේ අකුරු කරන්නට සිතුවේ මුහුණු
පොතේ තමා ෆලෝ කරන දහසක් මිනිසුන් අතරින් සිත බලාපොරොත්තු වන
අන්දමේ පිලිතුරක් ලැබේයැයි සිතමිනි.
බීප් බීප් ශබ්දයෙන් ඇසෙන්නේ මුහුණු පොතට එන නොටිෆිකේශන් වල
හඬයි.
“බලාපොරොත්තු නොවිච්ච වෙලාවල ලැබෙන සතුට කියන්නෙ ආශීර්වාදයක්”
“අක්කා අහන්නෙ ඔයාට සම්බන්ද දෙයක් ගැන නම් අනිවාර්‍යෙන්ම ඔව් අක්කේ.
අක්ක වගේ කෙනෙක්ට බලාපොරොත්තු වෙන නොවෙන හැම සතුටක්ම
ලැබෙන්න ඕන”
“සතුටෙන් ඉන්න එක පවක් කියල කොහෙවත් ලියල තියෙනවද? මම නම්
හිතන්නෙ නෑ”
“බලාපොරොත්තු වෙච්ච දේවල් වලින් ලැබෙන්නෙ දුකක් නම් බලාපොරොත්තු
නොවිච්ච දේකින් සතුටක් ලබන එක කිසිම වරදක් නෑ. යහපත් මිනිස්සුන්ට
සතුට ලැබෙන්නම ඕන නංගි”
එකිනෙක පිළිතුරු ලෙස ආ කමෙන්ටු රැසක් කියවගෙන යන අතරවාරයේ
දුරකතනේ වීදුරු මුහුනත මත දිවූ අතැඟිලි නැවතුනේ එක් කමෙන්ටුවක් ලඟ
ය.
“බලාපොරොත්තු වුන දේකින් දුකක් ලැබෙද්දි බලාපොරොත්තු නොවුන විදියට
තමන්ට ලැබෙන සතුටක් හදවතින්ම අත්විඳින එකේ කිසිම වරදක් නෑ.
ඒත් ඒ සතුට අත්විඳින්න කළින් අපි දෙතුන් වතාවක් හිතන්න ඕන මට
බලාපොරොත්තු නොවුන විදියට ලැබුන සතුට තව කෙනෙක්ට බලාපොරොත්තු
නොවුන විදියකට ලැබෙන හෝ ලැබෙන්න ඉඩ තියෙන වේදනාවක් වෙන්න
පුලුවන්ද කියල.
ඒක එහෙම නම් තව කෙනෙක්ට වේදනාවක් දීලා තමන් කොයිතරම් සතුටු
වුණත් ඒ සතුටට වටිනාකමක්වත්, අනාගතයක්වත් නෑ”
ඒ කිසි දිනක තමන්ට නොලැබෙන ආකාරයේ ව්‍යංග්‍යාර්ත සහිත කමෙන්ටුවක්
නොවේද?
මෙතෙක් දිනක් තමා ලියන සෑම අකුරක්ම, සෑම දෙයක්ම පාහේ අගයමින්
ලැබුණ කමෙන්ටු අතර අහඹු ලෙස බලාපොරොත්තු නොවුන මොහොතක මේ
ලැබුන කමෙන්ටුව නොසිතූ ලෙස පිළිතුරු කමෙන්ටු සහ හාට්, ලයික්
ඉමොටිකොන්ස් වැටේ.
නයනතාරා සෙව්මිණී මඩුගල්ල…
මිහිකගේ ඥාතී සොහොයුරිය.
මිහිකව විවාහ කරගන්නට බලාපොරොත්තුවෙන් උන් තැනැත්තිය.
තමාව අදටත් මිහිකගේ බිරිඳ ලෙස නොපිලිගන්නා මිහිකගේ වැන්දඹු ලොකු
අම්මාගේ එකම දියණිය.
ඇය තමාව ෆලෝ කරන බවවත් තමා දැන උන්නේ නැත.
ඒ සියල්ලටම ඉහළින් සිත තුල පෙරලි කරන්න ඇරඹුනේ තමන් ගේ ජීවිතය
ගැන තමන් විසින් සඟවා ගෙන සිටින, ලොවේ කිසිවෙකුත් නොදන්නවා යයි
තමා සිතා හිඳින යමක් ගැන නයනතාරා දන්නවාදැයි යන බිය ය.
කොළඹ වාසය කරන තමා පිළිබඳ නීතීවේදිනියක ලෙස කුරුණෑගල උසාවියේ
සේවය කරන නයනතාරාට දැනගන්නට ඇති ඉඩ අල්ප වුණත් මේ කුඩා රටකි.
ගහට ගහක් හමුවන රටකි.
එකිනෙකා අඳුරන මිනිසුන් සැම අතකම සිටින රටකි.
එනමුත් තමා මෙතෙක් දිනක් සබඳතා පැවැත්වූ කිසිවකු ගේ මුවින් තමා ගැන
එක වදනක්වත් පිට නොවන බව චරිත්‍රාට අත ඇති දෙයක් සේ විශ්වාසය.
තමා මෙතරම් සිතෙන් කලබල වුවද සමහර විට නයනතාරා මෙලෙස
කමෙන්ටුවක් දමන්නට ඇත්තේ නිකන් අහේතුකව විය හැක.
ඇය මේ පිළිබඳව දරන අදහස ප්‍රකාශ කරා පමණක් විය හැක.
තමන් කලබල වීම අපරාදේ සිතුවිලි අපතේ දැමීමකි.
දුරකතනයට නොටිෆිකේශන්ස් එන සෑම වරකම බීප් බීප් නාදයෙන් දුරකතන
හඬ තලයි.
කල්පනා සාගරයේ ගිලී උන්නේ දුරකතන අත මත තබා ගෙන බැවින් අත
වයිබ්‍රේට් වීම කල්පනා ලොවින් මෙලොවට පැමිණීමට මග කියයි.
තම පෝස්ටුවට ලැබෙන කමෙන්ටුවලින් බහුතරයක් නයනතාරා විසින් පල
කරන ලද අභියෝගාත්මක, වෙනස්ම කමෙන්ටුවට ලැබෙන පිළිතුරු ය.
“100% ඇග්‍රී”
“අනිවාර්‍යෙන්ම යහපත් සිතුවිලි තිබෙන මිනිස්සු ඉස්සෙල්ලම කරන්නෙ තමන්
විඳින සතුටකින් අනිත් කෙනෙකුට වේදනාවක් ලැබෙනවද කියල හිතන එක”
“ඒත් ඒ සතුට අත්විඳින්න කළින් අපි දෙතුන් වතාවක් හිතන්න ඕන මට
බලාපොරොත්තු නොවුන විදියට ලැබුන සතුට තව කෙනෙක්ට බලාපොරොත්තු
නොවුන විදියකට ලැබෙන හෝ ලැබෙන්න ඉඩ තියෙන වේදනාවක් වෙන්න
පුලුවන්ද කියල – 100% එකඟයි”
“ඒ වචන…”
වෙන වේලාවක් වුවා නම් නයනතාරා සමග වාදයක් වුව ඇති කරගන්නට
මෙය හේතුවක් වන්නට තිබුනි.
නයනතාරා තමන්ව ෆලෝ කිරීම අරඹා ඇත්තෙ මෙයට මාස ගණනාවකට
පෙරය.
එසේනම් බිය වෙන්නට කාරණාවක් ඇත්තේම නෑ නොවේද? එහෙත් මෙතෙක්
දිනක් දිනකට ලිපි දෙක තුන ල්
“එයාට ලැබෙන බලාපොරොත්තු නොවුන වේදනාවට හේතුව එයාමනම්?
එයාගෙන් මම බලාපොරොත්තු වුන දේ මට නොලැබුන නිසා බලාපොරොත්තු
නොවුන මොහොතක ආව සතුටක් විඳීම වරදක් කියල මට හිතෙන්නෙ නෑ”
යයි ඇයගෙ කමෙන්ටුවට පිළිතුරු ලෙස පළ කරන්නට කොතෙරන් සිතුනද එය
සමාජය ඉදිරියේ ප්‍රසිද්දියේ ඇඳිවත ගලවා ගැනීමක් බඳුය.
ඉතින් නිහඬව සිටින්නට තීරණය කලේ ඒ බිය නිසා මිස නයනතාරා ඉදිරියේ
පරාද වන්නට වීම ගැන වගක් නැති නිසා නම් නොවේ.
ඇයට තමා ගැන තරහක් ඇති බව සැබෑය. තමන්ද ඇයව එතරම් මායි
නොකරන බව ඇත්තය.
දැන හෝ නොදැන තමා සඟවා සිටින තම ජීවිතයේ අඳුරු පැතිකඩක් ගැන
කියවෙන වදන් පෙළක් නයනතාරා කමෙන්ටුවක් ලෙස පළ කර තිබීම
පහසුවෙන් අතැර දා හැකි කරුණක් නොවේ.
චරිත්‍රා බිය වූයේ එයටයි.
රහසින් ක්‍රියා කිරීම තරම් රහස් රැකගැනීම පහසු නොවේ.