ඔබේ ජංගම දුරකථනයේ තියෙන ඔබ වැඩිපුරම පාවිච්චි කරන යෙදවුම (app) මොකද්ද ?
Facebook, Instagram එහෙමත් නැත්නම් whatsApp ?
ඒ මොන යෙදවුම (app) වුනත් අපේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සහ සන්නිවේදන කටයුතු පහසු කරන්න මේ යෙදවුම් උපකාරී වන බව නම් අපි හැමෝම බොහොම හොඳින් පිළිගන්න කාරණාවක්.
ඉතිං අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ මේ යෙදවුම් (app) කීපයක ඉතිහාසය ගැන බොහොම රසවත් තොරතුරු කීපයකුයි.
අපි බලමුද ඒ මොනවද කියල ?
Facebook / ෆේස්බුක් (FB)
අපි කවුරුත් දන්න facebook කියන්නෙ ඉතාම දැවැන්ත වගේම ප්‍රසිද්ධ ඇමෙරිකානු සමාජ මාධ්‍ය ජාලයක්.
2004 වර්ෂයේදී Facebook නිර්මාණය ලැබුවෙ හාවඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් වන මාක් සකර්බර්ග්, එඩුආර්ඩෝ සවේරින්, ඩස්ටින් මොස්කොවිට්ස් සහ ක්‍රිස් හියුග්ස් විසිනුයි.
මුලින්ම හාවඩ් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ව්‍යාප්ත වුන facebook වෙබ් අඩවිය පසුකාලීනව බොස්ටන් ආසන්න විශ්වවිද්‍යාල සිසුන් අතරත් ක්‍රමයෙන් ඇමෙරිකාව සහ කැනඩාව පුරාත් ව්‍යාප්ත වුනා.
2006 වර්ෂයේ සැප්තැම්බර් වන විට වලංගු විද්‍යුත් තැපැල් ගිණුමක් (e – mail) හිමි අවුරුදු 13 ට වැඩි සෑම කෙනෙක්ටම facebook ගිණුමක් ආරම්භ කිරීමේ හැකියාවක් තිබුණා.
Facebook හි මුල්ම මූලස්ථානය කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ හිත් වර්තමාන මූලස්ථානය කැලිෆෝනියාවේ මෙල්නෝ පාක් හිත් පිහිටා තිබෙනවා.
Facebook හි වර්තමාන හිමිකරු මාක් සකර්බර්ග් වන අතර මෙටා සමාගමට අයත් වෙබ් අඩවියක් ලෙස පවත්වා ගෙන යන facebook හි අද වෙද්දී වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 844.89 ක් සහ කොටස් වෙළඳපොල අගය ඩොලර් 329.19 ක් බවයි සඳහන් වෙන්නෙ.
ලෝකයේ වඩා සක්‍රීයම සහ ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලය වන facebook හි වර්තමාන පරිශීලකයන් ගණන බිලියන 2.989 කට වැඩි බවයි සඳහන් වන්නෙ.
Instagram / ඉන්ස්ටග්‍රෑම් (IG)
ඉන්ටග්රෑම් කියන්නෙ ඇමෙරිකානු ජායාරූප සහ වීඩියෝ පට හුවමාරු කරගන්න සමාජ මාධ්‍ය ජාලයක් බව ඔබ දන්නවනෙ.
පරිශීලකයන්ට විවිධ filters භාවිත කරමින් නැවත සකසන ලද සහ වීඩියෝ සහ ජායාරූප තමන්ගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකරන්නත් විවිධ hashtags සහ location සඳහන් කරන්නත් අවස්ථා ලැබෙනවා.
වර්තමානයේදී instagram වල හිමිකාරීත්වය දරන්නෙ මෙටා සමාගම විසිනුයි.
2010 දී iOS පද්ධති සඳහා මුලින්ම හඳුන්වා දුන් instagram යෙදවුම නිර්මාණය කරන ලද්දේ කෙවින් සිස්ට්‍රෝම් සහ මයික් ක්‍රීගර් විසිනුයි.
අද වන විට iOS, Android, Fire OS වගේම Microsoft Windows පද්ධති සඳහාද භාවිත වෙනවා.
භාෂා 25 කින් සමන්විත instagram යෙදවුමේ පරිශීලකයන් 2018 වර්ෂයේ ජූනි මාසයේදී බිලියන එකක් ඉක්මවනු ලැබුවා.
අද වෙද්දී බිලියන 2.35 ක් ඉක්මවූ පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින ඉන්ස්ටග්‍රෑම් හි වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 47.4 ඉක්මවන බවයි සඳහන් වෙන්නෙ.
Whatspp / වට්ස්ඇප්
මෙටා සමාගමට අයිති සන්නිවේදන යෙදවුමක් (app) වන whatspp අද වන විට ලොව පුරා පරිශීලකයන් බිලියන 2.7 කට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන බොහොම ජනප්‍රිය යෙදවුමක්.
යුක්රේන සරණාගතයෙක් ලෙස සැන් ජෝස් විශ්වවිද්‍යාලයේ පන්ති කීපයක් සඳහා සහභාගී වූ ජැන් කෝම් සහ බ්‍රයන් ඇක්ටන් විසින් වර්ෂ 2009 දී whatspp යෙදවුම නිර්මාණය කරනු ලැබුවා.
මුලින්ම iOS පද්ධති සඳහා නිර්මාණය වුනත් අද වෙද්දී නම් ඔබේ Android පද්ධති සඳහාද සහය දක්වනව.
අද වෙද්දී whatspp හි වෙළඳපොල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 105.6 ඉක්මවනවා.
Tik tok / ටික් ටොක්
Tik tok කියන්නෙ ලොව පුරා සිටින බිලියනය ඉක්මවූ තම පරිශීලකයන්ට කෙටි වීඩියෝ පට නරඹන්න, නිර්මාණය කරන්න වගේම බෙදාහරින්නත් අවස්ථාව සලසල දීල තියන අද වෙද්දී ඉතාම ජනප්‍රිය යෙදවුමක්.
ByteDance කියන චීන තාක්ෂණ සමාගම විසින් 2016 දී tik tok යෙදවුම හඳුන්වා දුන්නා.
අද වෙද්දී බීජි, ලොස් ඇන්ජලීස්, මොස්කව්, මුම්බායි, සෝල් සහ ටෝකියෝ යන නගර වල ටික් ටොක් හි කාර්යාල පිහිටා තිබෙනවා.
Canva / කැන්වා
ඕස්ට්‍රේලියාවේ මෙලනි පර්කින්ස්, ක්ලිෆ් ඔබ්රෙච් සහ කැමරන් ඇඩම්ස් විසින් 2013 ජනවාරි පලමුවැනිදා canva යෙදවුම ලොවට හඳුන්වා දුන්නා.
ග්‍රැෆික් නිර්මාණකරන පද්ධතියක් වන කැන්වා වලින් නොමිලේ වගේම මුදල් ගෙවා විවිධ අතිරේක පහසුකම් ලබාගන්නත් පරිශීලකයන්ට අවස්ථාව සලසල දීල තියෙනව.
මිලියන 100 ඉක්මවූ පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින canva යෙදවුමේ හිමිකාරීත්වය දරන canva Inc. සමාගමේ මූලස්ථානය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටා තිබෙන අතර එහි සේවකයන් 3500 ක් පමණ සේවය කරනවා.
You tube / යූ ටියුබ්
යූ ටියුබ් කියන්නෙ අද වෙද්දී ඉතාම ජනප්‍රිය වීඩියෝ නරඹන්න සහ නිර්මාණය කරන ලද වීඩියෝ හුවමාරු කරගන්න නිර්මාණය කරන ලද වෙබ් අඩවියක්.
PayPal හි කලින් සේවය කරන ලද චැඩ් හර්ලි, ස්ටීව් චෙන් සහ ජාවෙඩ් කරීම් විසින් වර්ෂ 2005 පෙබරවාරි මාසයේදී යූ ටියුබ් හඳුන්වාදෙනු ලැබුවා.
ඇමෙරිකානු වීඩියෝ බෙදාහැරීමේ ජාලයක් වන මෙහි මූලස්ථානය කැලිෆෝනියාවේ සැන් බෲනෝ හි පිහිටා තිබෙන අතර google සමාගම විසින් වර්ෂ 2006 නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.65 කට මිලදී ගනු ලැබුවා.
ඉතිං මේ රසවත් වගේම වැදගත් තොරතුරු ඔබේ එදිනෙදා දැනුමට උපකාරී වෙන්න ඇතැයි අපි විශ්වාස කරනව.
අද ඔබේ පුංචි නිර්මාණයත් දවසක ලෝකයක් කතා කරන නිර්මාණයක් වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි කියල ඔබේ උත්සහය අත් හරින්න එපා කියල අපි ආදරෙන් මතක් කරනවා.
සටහන – දුලානි නවෝද්‍යා