අනෝරා මල් වැහි 15

“ඔයා මේ ලඟඳ ඉන්නේ?”

“නෑ මැඩම් මම ඉන්නෙ බොරැල්ල කිට්ටුව”

“ඔයාගෙ ශිෆ්ට් එක පටන් ගන්නෙ කීයටද?” 

“උදේ දහයෙ ඉඳල හවස 4 වෙනකම් මැඩම්”

“මම මේව අහන එක වැරදිද?”

සුවපහසු අසුනේ වාඩිවී තාරා එසේ ඇසුවේ මහිල් දෙසම බලගෙනය. තමන් ඉඳගෙන සිටින පුටුව පහලින් කුඩා බංකුවක වාඩි වී තම දෙපා ඔහුගේ උකුල මත තබා ගෙන හුන් මහිල් ඔහුගේ දෙනෙත් එක එල්ලේම රදවාගෙන උන්නේ තමන්ගේ දෙපා මත බව තාරා දුටුවාය. ඒ නිසාම ඔහු දෙස එක එල්ලේම බාධාවකින් අපහසුතාවයකින් තොරව බලා ඉන්නට තාරාට අවකාශ තිබුනි.

මහිල්ට ඇත්තේ මදක් කැරලි ගැසුණු කෙටි කොණ්ඩයකි.ඒ කැරලි ගැසුණුභිස කේ නලල මත මවන්නේ දඟකාර රටාවන්‍ ය. ස්පා එකේ වායු සමීකරණයට පිටුපා වාඩි වි සිටින නිසාවෙන් ඒ හිස කේ වැඩි වැඩියෙන් නලල මත රඟන අතර සමාධියකට වැදී මෙන් පෙඩිකියු සත්කාරය කරන මහිල්ගේ ධ්‍යානයට එය බාධාවකි. 

“ඔයා දැන් මෙහෙ කොච්චර කල් ඉඳලවැඩ කරනවද?” 

මහිල් ධ්‍යානයකට සම වැදී උන්නද තාරා උන්නේ නිහඬතවය දරාගන්නට අමාරුම තැනකය. ආයුර් ස්පා එකේ නිහැඬියාවත් අඳුරත් වෙන දවසක නම් සිත සනසන්නට හේතුවක් වුවත් අද තාරාට උවමනා වූයේ කවුරුන් සමග හෝ කතාකරන්නටය. නිහැඬියාව සමගින් සිත ඇදී යන්නේ නිවස වෙතය. චිරායු වෙතය. තාරාට ඒ ගැන සිතන්නට උවමනාවක් නැත. ඒ සිතුවිලි බරවැඩිය. 

“දැන් මෙහෙ අවුරුදු තුනක් විතර මැඩම්”

“ඔයා දිගටම මෙහෙද වැඩ කරේ?”

“නෑ මැඩම් මම අවුරුද්දක් විතර බාලිවල ඉඳියෙ. ඊටපස්සෙ මෙහෙ ආව”

“බාලිවලදි වැඩ කලේ හොටෙල් එකකද?”

“නෑ මැඩම් ආයුර් එකේම බ්‍රාන්ච් දෙකක් තියෙනවනෙ එහෙ. මම ඒකෙන් එකක තමයි වැඩ කරේ”

“ඇයි ඉතින් මෙහේ එන්න හිතුවෙ බාලි හොඳ නැද්ද?”

තාරා ඇසුවේ මදක් සිනසෙමිනි.

“අනේ නෑ මැඩම්. මෙහෙ ඉතින් මගෙ රටනෙ. මෙහෙ ඉන්න එක හොඳයි කියල හිතුනා”

සෙමෙන් සැරේ නිය කටරයෙන් අපිලිවෙලට වැවුනු නියපොත්ත කපමින් මහිල් සිනසෙමින් පවසයි. ඔහුගේ අතැඟිලි තමන්ගේ දෙපා මත ඉතා සැලකිල්ලෙන් ඇදෙන්නකි. නියපොතු කපා නියමල් කපා අවසන් කා, නියපොතු අස්සේ රැඳී තිබෙන කුණු දුහුවිලි ඉවත් කර මහිල් දෙපා වල ඇති වියලුණු සම ඉවත් කරන්නට එය සූරා දැමුවාය. එය සනීපයක් ලෙස දැනුනද යටිපතුල් කරද්දී තාරාට කිතියක් දැනුනි. ඒ නිසාවෙන්මදෝ මහිල්ගේ උකුල මත රැඳී තිබුණ දෙපා ගැස්සුණි.

මහිල් තාරා වෙත දෙනෙත් යොමු කලේ ඒ අනුවය.

“සොරි”

“ටික්ලිශ් නේද?”

මහිල් සිනාසෙමින් අසද්දී එයට පිලිතුරු සිනාවක් නොදී ඉන්නට හැකියාවක් තාරාට තිබුණේ නැත. 

“ටිකක්”

“මැඩම්ගෙ කකුලෙ ලොකුවට කුණු නෑ. හරිම ක්ලීන්. මීට කලින්මේ ලඟදි පෙඩිකියු එකක් කරගත්තද?”

“නෑ. අන්තිමට අර ඔයාට කියල පෙඩිකියු එක කරගත්තයින් පස්සෙ මේ අද තමයි ආවෙ.”

“ඒ උනාට කකුල් හරිම ක්ලීන්.”

“මම ගෙදරදිත් ක්ලීන් කරගන්න නිසා වෙන්නැති නේද?” කියා තාරා මද සිනාසුනාය. සති අන්තයේ දිනයක් වුවද ආයුර් ස්පා එකේ මහිල් සහ තාරා උන් පෙඩිකියු කුටියේ වෙන කිසිවෙකුත් උන්නේ නැත.  ඒ තනිකම, නිහැඬියව මහිල් සහ තාරා අතර කතාබහක් ඇති කරන්නටත් එය පවත්වාගෙන යන්නටත් උත්තේජනයක් විය. 

මහිල්ට නිගඬවම තම කාර්‍යය කරන්නට ඉඩ දී තාරා දුරකතනය අතට ගත්තාය. දහවල් කෑම අවසන් කල තමන් නිවසින් පිටත්වන්නට සූදානම් වෙද්දි චිරායුගෙත් ඔහුගෙ මවගේ සහ සහෝදරියගේ මුහුණේත් වූයේ නොරිස්සුමක් බව තේරුම්ගන්නට තරාට අපහසු වූයේ නැත. එහෙත් ඒ නොරිස්සුම් සහගත බැල්ම ගැන මොහොතකටවත් සිතන්නටවත් කාලයවැය නොකර ඉන්නට තාරා කටයුතු කරාය.

ඒ නිසාවෙන්මදෝ චිරායු කෙටි පණිවිඩයක්වත් එවන්නට කටයුතු කර තිබුනේ නැත. වෙනවෙලාවක නම් චිරායු සහමුලින්ම තමන් අමතක කර දමා ඇති වග සිතා සිත රිදවාගන්නට තමන් කටයුතු කරත් මේ මොහොතේ ඉන්නේ අලුතෙන්ම උපන් දරදඬු සිතක් ඇති ඇත්තියක බව තාරාටම දැනෙමින් තිබුණි.

දුරකතනයේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ගිය තාරා එහි ස්ටෝරි යෙදවුම විවෘත කරාය. කැමරාව මුහුණතට අරගෙන හිස පහතට කරගෙන පෙඩිකියු සත්කාරය කරමින් හුන් මහිල්වත් ආයුර් ස්පා එකේ පෙඩිකියු රූම් එකෙහිවටපිටාවත් පෙනෙන අන්දමින් ජායරූපයක් ගත්තාය. “පෙඩිකියු ටයිම්” යන අකුර සහිතව එය ඉන්ස්ටග්‍රාම් ගිණුමට උඩුගත කලාය.

“කකුල් වලින් තමයි කියනවනෙ මිනිස්සුන්ව මනින්න පුලුවන් නේද මැඩම්?”

මහිල් සෙමෙන් හිස ඔසවා තරා දෙස බැලුවෙ යන්තම් සිනාසීය.

“එහෙම කියනව මම අහල තියෙනව. ඇත්තද දන්නෙ නෑ ඉතින්”

“මැඩම් කොහෙ හරිවර්ක් කරනවද?”

“ඔව් ඇඩ්වටයිසින් ෆර්ම් එකක වැඩ කරන්නෙ.”

මහිල් හොඳින් සිනාසෙන්නට දන්නා මනුස්සයෙක් බව සිතුනේ ඉබේය. යමක් අසද්දිත් කියද්දිත් ඒ වදන් අවසන් වන හැම මොහොතකම මහිල් සොඳුරු සිනහවකින් මුව සරසාගනී. මින් පෙර කිසිදු පිරිමියෙකුඑසේ කරන බව තරා දැක නැත. ඒ නිසාම මහිල් පිලිබඳ කිසියම් විශේෂත්වයකින් සිතන්නට සිත කටයුතු කරයි.

“මම දෙයක් අහන්නද ඔයා වරදක් හිතන්නෙ නැත්තම්?”

තාරා ඇසුවේ මහිල් පිලිබඳ කුතුහලය මුසු වූ සිතුවිලි රැසක් සිත අස්සේ පොපියන බැවිනි. ඔහු සුන්දරය, නිහතමානීය, පැහැබරය. එවන් තරුණයෙකු මෙවන් තැනක නතර වී හිඳිය යුතු ද?

“ඉට්ස් ඕකේ, අහන්න මැඩම්”

“ඇයි ඔයා මේ වගේ ජොබ් එකක කරන්න හිතුවෙ? සාමාන්‍යයෙන් ගොඩක් බෝයිස්ල මේ වගේ ජොබ්ස් කරන්නෙ නෑනෙ”

තමන් එය ඇසුවද එය මහිල්ගේ සිත රිදවන්නට හේතුවක් වන්නට හැකිදැයි යන කුකුස සිත තුල නොතිබුනා නොවේ. එහෙත් මුවින් පිටකරගත් වදන් ආපසු අරගන්න්ට නොහැකි. මහිල් ඒ පැනයෙන් තිගැස්සේ හෝ කෝප ගනීවියැයි කියා සිතුවද මහිල් එයට පිලිතුරු ලෙසත් සුන්දර සිනහවක් තිළිණ කලේය.

“මම ඒලෙවල් කරාට පස්සෙ වෙන ඉගෙන ගන්න ගියේ නෑ මැඩම්. ගෙදර රස්තියදු ගහනව කියල අම්ම මාව මිගමුවෙ අපෙ මාමා කෙනෙක්ගෙ හොටෙල් එකක වැඩට යැව්ව. එතනදි තමයි මම ස්පා ට්‍රීට්මන්ට් ගැන දැනගත්තෙ. ඊට පස්සෙ මම ඒ ජොබ් එකෙන් ලැබුන සැලරි එකෙන් බාලි ගිහින් ට්‍රීට්මට් ස්ටඩි කරා. එහෙදිම තමයි මට ආයුර් එකේ ජොබ් එක හොයාගන්නපුලුවන් උනේ”

“මම එහෙම අහපු එක ගැන තරහ වෙන්න එපා. අයි වෝස් ජස්ට් කියුරියස්”

“අනේ නෑ ඒකට කමක් නෑ මැඩම්.මේ ස්ක්‍රබ් එක ඩ්‍රයි වෙනකම් ටෙන් මිනිට්ස් වගේ තියන්න ඕන මැඩම්. මම මැඩම්ට ඩ්‍රින්ක් එකක් අරගෙන එන්නම් එතකන්”

පෙඩිකියු සත්කාරය අවසන් වී මහිල්.පිලිගැන්වූ උණුසුම් හර්බල් ටී එක පානය කර අවසන් වෙද්දි යලිත් මහිල් ඒ පෙඩිකියු කාමරය වෙත පැමිණියේය.

හිඳගෙන උන් සුවපහස් අසුනෙන් නැගිටගත් තාරා අත් බෑගය ගෙන පිටව යාමට සැරසුණය.

“බායි මැඩම්. සී යූ සූන්”  කියා මහිල් සුපුරුදු ලෙස තාරාට ආයුර් ස්පා හි ආචාර ධර්ම අනුව ආචාර කරේය. 

එහෙත් සමුගන්නට කලියෙන් මහිල්ගෙන් අසන්නටදෙයක් තාරාට තිබුණි.

“මහිල්”

“කියන්න මැඩම්?”

“ඔයා ආයෙ කවද්ද වයිබ්ස් එකේදි සින්ග් කරන්නෙ?”

“මැඩම් ආයෙ වයිබ්ස් එකට යන්නෙ කවද්ද?”

“හෙට යන්න කියල හිතුවෙ”

මහිල් එයටත් සිනාසුනේය.

“ඇයි?” කියා අසද්දී කට හඬ වෙව්ලුම් කන බවක් තාරාට දැනුනි.

“මම එහෙනං හෙට සින්ග් කරන්නම් මැඩම්”

එය තමා භාරගත යුත්තේ සතුටෙන්ද කියා තාරා දැන උන්නේ නැත. ලෙහා වෙන් කර ගන්නට නොහැකි හැඟීම් පොදියක් සිත අස්සේ කැලතෙන බව තාරාට දැනුනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles