චිරායු ඉරිදා නිවසට ආවේ හවස් වීය. එහෙත් ඒ වෙනදාට වඩා වේලසනින් ය. ඒ කුමක් නිසාද කියා තාරා නොදත් නමුත් තාරා බලා උන්නේ චිරායු සමග දික්කසාදය ගැන කතා බස් කරන්නය. එහෙත් තමා ඒ කතාවට එළඹිය යුත්තේ කොතනින්ද කියා කිසිත් අදහසක් තාරාට තිබුනේ නැත. චිරායුගෙන් වෙන්වීම සහ මහිල් සමග එකතුවීම මහත් බලාපොරොත්තුවක් වුවත් එය චිරායු සමග කතා කරන්නට මුල පුරන්නේ කෙසේද කියා අදහසක් තාරාට කොහෙත්මතිබුනේ නැත.
තාරා උන්නේ ඒ පැකිලීමෙනි. චිරායුගෙන් මෙය අසන්නට මොහොතක් එන තුරු තාරා පැකිලෙමින් උන්නාය.
“තේ එකක් හදන්නද?”
චිරායුගේ මුහුණෙන් පෙනෙන වෙහෙසකර ගතිය මග හරිමින් අහක බලාගෙන මෙන් තාරා එසේ අසන ගමන්ම කේතලය රත්වෙන්නට තැබුවාය.
කෑම කාමරයේ පුටුව ඇද ගෙන එහි වාඩිවෙන ගමන් චිරායු හා කියා එයට පිලිතුරු දුන්නේ මහන්සියෙන් බරිත හඬකිනි.
“ඔයාගෙ ට්‍රිප් එක කොහොමද?”
චිරායු එසේ අසද්දී තාරා මොහොතකට ගැස්සුණාය. ඒ චිරායුට රහසින් ගාල්ලේදී මහිල් සමග ගත කල සොඳුරු මතකය මතක් වීමෙනි. ඒ කොපමණ සොඳුරු මොහොතක් වුවත් චිරායි ඉදිරිපිටදී ඒ ගෙවුණු දිනය හලාහල විසක් මෙන් දැනෙන්නේත්, බිය ගෙන දෙන්නේත් ඇයි කියා තාරාට තේරුම් ගන්නට හැකියාවක් තිබුනේ නැත.
“හොඳයි”
“අපි කාලෙකින් ට්‍රිප් එකක් ගියේ නෑ නේද?
“ඔව්, ඔයාට වැඩනෙ”
“ඔව් ඔයා හරි ගිය එක හොඳයි ඒ නිසා”
තාරා චිරායුගේ කෝප්පයට තේ පුරවා ඒ ඔහු අසලින් තබා තේ හදද්දී පැන්ට්‍රිය මත වැටුණ වතුර බිඳු ආදිය සර්විටයෙන් පිහිදා දැම්මාය. මේ චිරායු සමග මෙය කතා කරන්නට හොඳම මොහොත මේ බව දැනගත්තද තාරා උන්නෙ තවමත් පැකිලෙමිනි.
තමාත් චිරායුත් විවාහයකට එලඹුනේ කිසි දිනක මෙවන් අවසානයක් බලාපොරොත්තුවක් තබාගෙන නොවේ. එහෙත් ජීවිතය ගෙවෙන්නෙත් අවසාන වන්නෙත් ඒ ඒ හැටියට නොවන්නේද? දික්කසාදයකින් අවසන් නොවෙතැයි සිතුවද මේ ජීවිතය තුල තමාත් චිරායුත් ජීවත් උනේ එකිනෙකාගෙන් ඈත් වී නොවේද?
“මොකක් හරි අවුලක්ද?” චිරායු විමසුවේ තාරා සර්වියටය අත මත රඳවගෙනම බොහෝ දුර කල්පනාවක ගිලී ඉන්නවා බලාගෙනය.
“න්න් නෑ” කියා කලබල වූ තාරා සර්වියටය නවා පැන්ට්‍රිය මත තබා චිරායු වෙත හැරී ඒ දෛවෝපගත කතාබහ අරඹන්නට කටයුතු කලාය.
“චිරායු”
“ම්ම්” තේක බොන අතරම දුරකතනය වෙත නැමී උන් චිරායු තාරාගේ හඬට එහෙමකට කියා සවන් දෙමින් හෝ අවධානයක් දුන්නේ නැත.
“චිරායු මට ඔයා එක්ක කතා කරන්න ඕන පොඩ්ඩක්”
“මොකක් හරි ඉම්පෝටන්ට් දෙයක් ද තාරා?” මොහොතකටවත් දුරකතනයෙන් එහාට ඇස් නොගනිමින් චිරායු එසේ අසද්දී මෙතෙක් වේලා ඉවසීමෙන් සනසාගෙන උන් හිත නැවත වාරයක් දැල්වෙනු තාරාට දැනුනි.
“ඔයාට මේක ඉම්පෝටන්ට් ද කියන්න මම දන්නෙ නෑ චිරායු. ඒත් මේක මට සෑහෙන ඉම්පෝටන්ට”
තාරාගේ හඬෙහි වූ ගැඹුරසහ ආවේගය චිරායුගේ හිස දුරකතනයේ සිට තාරා වෙත යොමු කරවාලන්නට හේතු විය.චිරායුගේ දෙනෙත් වල ඇඳී තිබුණ කුතුහලය තාරා නොහැඳිනුවා නොවේ. එහෙත් තවදුරටත් තමාව දෙවනි තැන තබා සලකන මේ මිනිසා සමග එකට ජීවත් විය යුතු නොවන බවටත්, විසල් ආදරයක් දෝත දරාගෙන මහිල් තමා එන තුරු බලා හිඳින බවටත් තාරා හදවතට නැවත වාරයක් පැවසුවාය.
“මම දන්නෙ නෑ චිරායු ඔයාගෙ හිතේවත් ජීවිතේවත් මම ඉන්නෙ කොතනද කියල. මම දන්නෙ එකම එක දෙයක් විතරයි ඒ තමයි මම ඔයාගෙ ජීවිතේ කොතැන කොයි විදියටහිටියත් ඔයාට මගෙන් ප්‍රයෝජනයක් නැති බව.
තව දුරටත් මම හිතන්නේ නෑ චිරායු අපි මෙහෙම එකම ගෙදරක දෙපැත්තකට වෙලා ඉඳල තේරුමක් තියෙනව කියල. ඔයාට ඒක දැනෙනවද කියන්න මම දන්නෙ නෑ ඒ උනාට මට එහෙම ජීවත් වෙලා දැන් හරිම මහන්සියි චිරායු”
“තාරා ප්ලීස් එහෙම කතා කරන්න එපා. ඔයා කියන දේ වැරදි කියල මම කියන්නෙ නෑ. ඒ උනාට ඒ උනාට මම මහන්සි උනේ අපි දෙන්න ගැනම හිතල තාරා. මට වෙන අෆෙයාර් එකක්වත් මම වෙන කිසිම දෙයක්වත් ඉම්පෝටන්ට් කියල හිතුවෙ නෑ. මම මෙච්චර අවුරුදු ගාණක් මහන්සි වෙලා වැඩ ක්ලේ, රෑ වෙනකම් ගෙදර එන්නෙත් නැතුව වැඩකලේ මං ගැන විතරක් හිතල නෙවෙයි තාරා. මම හිතුවෙ ඔයා ඒක තේරුම් අරගෙන ඇති කියල”
“මම විතරද ඔයාව තේරුම්න්ගන්න ඕන? ඔයාට නිකමටවත් හිතුනෙ නැද්ද මේ විසාල ගෙදර තනියෙන් ඉද්දි මට මොනව හිතෙනව ඇද්ද කියල ඔයාට නිකමටවත් හිතුල නැද්ද?
මම කොච්චර පාලුවෙන් ඉන්නව ඇතිද කියල ඔයාට හිතිල නැද්ද? මට ඔයත් එක්ක කතා කරන්න කොච්චර දේවල් ඇතිද? මම ඔයා එක්ක කොහෙ හරි යන්න බලාගෙන ඇතිද කියල ඔයාට හිතිල නැද්ද?
කොටින්ම ඔයා කීපාරක් මාව අපේ බෙඩ් රූම් එකේදිම නිග්ලෙක්ට් කරල තියෙනවදචිරායු? මගේ කිසි වරදක් නැතුව ඔයාගෙ අම්මල එක එක දේවල් කියද්දි ඔයා කී පාරක් මාව නිග්ලෙක්ට් කරල තියෙනවද?
කොච්චර සල්ලි හම්බු කරත් ඒව යාට ලොකු ඇති. ඒ උනාට මා මෙහෙම් ජීවත් වෙන්න බෑ. කොච්චර සල්ලි හම්බ කරත් ඒ සල්ලි වලින් අපිට සන්තෝසෙන් ඉන්න බැරි නම් වැඩක් තියෙනවද චිරායු
අයෑම් සොරි මට ඇත්තටම තව මෙහෙම ජීවත් වෙන්න අමාරුයි”
“ඔයාහිතුවට එහෙම ජීවත් වෙන්නෙ ඔයා විතරයි කියල හැමෝම වගේ වයිෆ්ල එහෙම තමයි ඉන්නව ඇත්තෙ ගෙවල් වල. ඔයාට මේ ප්‍රශ්න නැති එක ඔයා ප්‍රශ්නයක් කරගෙන තාරා. ප්ලීස් පිස්සුනැතුව ඉන්න තාරා”
“අනිත් ගෙවල් වල ඉන්න වයිෆ්ල ගැන ඔයා මොනවද චිරායු දන්නෙ මේ ගෙදර ඉන්න තමන්ගෙ ගෑණි ගැන දන්නෙ නැතිකොට” කියා තාරා නැගුවේ සමච්චල් සහගත සිනාවකි.
එය චිරායුගේ ආත්මාභිමානය මත පිරිමිකම මත පිහි තුඩකින් ඉරි අඳින්නක් වුවද කෝප ගෙන ගෑ ගසා ගැනීම බැණ අඬ ගසා ගැනීම චිරායුගේ ස්වභාවය නොවීය. එහෙත් මේකතාබහ දරාගන්නට අපහසුය. නැති දෙයක් ගැන මෙසේ කතා කරා කරන්නට තාරාට උවමනා ඇයි කියා කිසිත් අදහසක් තිබුනේ නැත.
එහෙත් තාරා කියන තරම් වරදක් තමාගෙන ඇයට වූවාද කියන කාරණාව ගැන නොසිතා ඉන්නට හැකියාවක් චිරායුට තිබුනේ නැත.
“මොකද්ද තාරා ඔයා මට කරන්න කියන්නෙ?”
තේ කෝප්පය මේසය මත තබා පුටුවෙන් නැගී සිටි චිරායු කලිසම් සාක්කු දෙකට අත දම තාරා වෙත හැරී එක එල්ලේ බලමින් ඇසුවේය. මෙතෙක් වේලා කුමක් කීවද චිරායුගේ දෙනෙත් දෙස එක එල්ලේ බලාගෙන කියන්නට යන කාරණාව කියන ආකාරයක් ගැන තාරා දැනගෙන උන්නේ නැත.
එය එසේ පහසුවෙන් කියන්නට හැකි කාර්ණාවක්ද කියා තාරා නැවත නැවට සිතුවාය.මෙයට වසර කිහිපයකට පෙර මේ දෙනෙත් දෙස බලාගෙනම සිනාමුසුව එකිනෙකා හා විවාපත් වන බවත් දුකේදිත් සැපේදිත් වෙන්ව නොයන බවටත් තනි නොකරන බවටත් පොරොන්දු වූ අයුරු තාරා මතක් කරාය.
එහෙත් සියල්ල අනිත්‍ය නැති ද? තමාගේත්චිරායුගේත් ආදර කතාවෙන් කියවෙන්නේ ආදරයත් අනිත්‍ය බව නොවේද?
“මං හිතන්නෙ නෑ චිරායු අපිට මේකට මේ ඇරෙන්න වෙන සොලුශන් එකක් ඇති කියල”
තාරා එසේ කියද්දිත් චිරායු කලේ නිහඬව තාරා දෙසම එක එල්ලේ බලා හිඳීම පමණකි. කිව යුත්තේ කුමක්ද කියා අදහසක් චිරායුට තිබුනේ නැත. තාරා විසින් කියන්නට යන කාරාණාව කුමක් විය හැකිද යන කුතුහලය පමණක් හිත අස්සේ ඇවිලෙමින් තිබුනි.
තාරා ඒ වදන් කියන්නට ශක්තිය එකතු කරගත්තේ අපහසුවෙනි.
“මට නිඅදහසේ සන්තෝසෙන් ජීවත් වෙන්න ඕන චිරායු. මට ඕන ජීවිතේ එන්ජෝයි කරන්න මිසක් මේ වගේ එකම තැනක හිරවෙලා ඉන්න නෙවෙයි. සමහරවිට ඔයා නොකිව්වට ඔයාටත් එහෙම හිතිල ඇති මම රණ්ඩු වෙද්දි.
මම මේක හදිසියේ ගත්ත ඩිසිශන් එකක් නෙවෙයි. මට මේක තනියෙන් ගන්න ඕන වෙච්ච ඩිසිශන් එකකුත් නෙවෙයි. ඒ උනාට ඔයා එක්ක කතාකරන්නත් මට අපොයින්ට්මන්ට්ස් ගන්න වෙලා තිබුන නිසා මම මේ ඩිසිශන් එක මගේ පැත්තෙන්හිතල අරගත්තෙ.
චිරායු අපි ඩිවෝස් වෙමු”