නිවසට පැමිණෙන අමුත්තන්ට වෙනස් රසයක පානයක්

අපේ නිවසට අමුත්තෙක් ආවම ඔවුනට ඉස්තරම් විදියට සලකන්න අප හරිම ආසයි. සමහර වෙලාවට සල්ලි ගොඩක් වියදම් නොවී රසම රස ආහාර පාන වලින් ඔවුනට සංග්‍රහ කරන්නට ඔබට අවශ්‍ය වන්නේ නිර්මාණශීලි ත්වය, දැනුම සහ කඩිසර කම පමණයි. මේ එවන් කැපී පෙනෙන ගෘහනියක වීමට ඔබට ඇති අවස්තාවක්.

Strawberry Mojitho

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ස්ටෝබෙරි ගෙඩි 5
  • බැසිල් කොළ 3
  • මින්ට් කොළ 3
  • රතු සීනි තේ හැඳි 3
  • ග්‍රැනඩින් සිරප් තේ හැඳි 2
  • දෙහි ගෙඩියක යුෂ
  • අයිස් කැබලි
  • සෝඩා වතුර

සාදා ගන්නා ආකාරය:

ස්ටෝබෙරි වීදුරුවකට දමා හොඳින් පොඩි කර ගන්න. සීනි, මින්ට් කොළ සහ බැසිල් කොළ එකට දමා පොඩි කරගන්න. පසුව මෙම දෙවර්ගයම එකට එක් කර එයට සෝඩා වතුර, දෙහි සහ ග්‍රැනඩින් සිරප් දමා මිශ්‍ර කරන්න. අලංකාර සුදුසු විදුරුවක බහා පිළිගන්වන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles