පමා වී පිපුණු මල් 38

“මේ අපේ අම්මා ආන්ටි, අම්මා ඉස්සර වැඩ කලේ කාන්තා හා ළමා කාර්‍යංශෙ”

ආරියරත්න මහතා නුවර සිට ගෙදරට එනතුරුම ආරියරත්න නිවසේ රැඳී හුන් කිමල් ආපසු තම නිවස බලා ගියේ අම්මාද සමග ආපසු එන බවට සුබා සහ ආරියරත්නට පොරොන්දු වෙමිනි.අරුණලී ගැන කුමනාකාරයේ සිතුවිලි හද තුල.තිබුණද මේ මොහොතේ තමාක්‍රියාකල යුත්තේත් උදව් කල යුත්තේත් මනුස්සකම.පමණක් සිතේ රඳවාගෙන බව කිමල් සිතටම කියාදෙමින් උන්නේය.

ආදරයක් වුව මල්.පල දරන්නේ ඒ වෙනුවෙන් සූදානම්ව පවතින බිම් කඩක් මත පමණක් බව කිමල් නොදන්නවා නොවේ. ඉතින් තමන්ගේ සිතේ පැලවෙමින් පවතින ආදර අංකුරය ගලවා අරුණලීගේ වේලී ඉරිතලා ගිය සිත මත පැලකිරීම කිසිසේත්ම තේරුමක් නැති දෙයක් බව කිමල් දනී. මුලින් කල යුත්තේ ආදරය, කරුණාව සහ මිත්‍රත්වය පෙරදැරි කරගත් සිතුවිලි දහරාවක් ඔස්සේ අරුණලීගේ බිඳී ඉරිතැලී ගිය සිත පිලිසකර කිරීම බව කිමල් සිත්වේය. ඒ වෙනුවෙන් මඉන්ම කල යුතු වන්නේ මෙනුක විසින් ඇති කරන ලද,  අරුණලීව නැවතවතාවක් දරුණුවටම කඩා බිඳ දැමූ මේ ගැටලුව විසඳා ගැනීමයි.

ආරියරත්න මහතා එද්දී හවස් වී තිබුණි. ඈත සිටම මිදුලේ නවතා තිබූ කිමල්ගේ වාහනයත්, ගෙයි ඉස්තෝප්පුවේ වාඩි වී හුන් කිමල් සහ සුභාගේ මුහුණත් නොදත් ව්‍යසනයක කතාවක් ආරියරත්නට කියා පෑවේය.

“මොකෝ සුබා?” කියමින් ආරියරත්න මාරුවෙන් මාරුවට කිමල් දෙසත් සුභාදෙසත් නෙත් යොමුකලද කතාව පටන් ගත යුත්තේ කොතනින්ද කියා අදහසක් නැති හින්දාම සුභා තතනමින් ඉද්දී ආරියරත්නගේ කරට අත දමාගත් කිමල් හෙමින් සැරේ වූ සියල්ල කියා දැම්මේය.

“ඇයි පුතා මට කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ?” කියා ආරියරත්න ඇත්තටම ඇසුවේ තාත්තෙකු සැමියෙකු ලෙස තමන්ගේ දරු පවුල ව්‍යසනයක වැටී ඉද්දී තමාට ළඟින් ඉන්නට නොහැකි වීම ගැනත් යුතුකමක් මග ඇරුණාක් මෙන් දැනුණ පසුතැවීමත් ගැන කලකිරීමෙනි. 

“නෑ අංකල්, ආන්ටි අංකල් කලබල වෙයි කියල හිතලමයි මේ විස්තර මුකුත් කියල නැත්තෙ.අංකල් කලබල වෙලා එන්න යන්න ගිහින් මොකක් හරි අනතුරක් කරගත්ත නම් කියල ආන්ටි බයවෙච්ච එක සාධාරණයිනෙ අංකල්”

“දැන් අපි මොකද පුතා මේකට කරන්නෙ? ඔය පෝස්ට් එක මකල දැම්ම කියල ඔය මිනිහට ආයෙ පෝස්ට් එකක් නොදා ඉන්නබැරිකමක් නෑනෙ”

“මමත් ආන්ටි එක්ක ඒකම තමයි අංකල්.කිව්වෙ. අපෙත් වරදක් තියෙනව අංකල්. ඒ මිනිහ ඔෆිස් එකට ඇවිල්ල කරදර කරපු වෙලාවෙත් අපි ගෙවල්වල මිනිස්සු එක්ක විතරක් කතාකතා කරල.ප්‍රශ්න විසඳගන්න හදපු එකේ අපිට ඇත්තටම එවෙලෙ මොකක් හරි ලීගල් ඇක්ශන් එකකට යන්න තිබුනෙ”

“කවුද පුතා මේ මිනිහ මෙච්චර පහත් තත්ත්වෙකට වැටේවි කියල හිතන්නෙ”

“තමන්ට වෙච්ච ලැජ්ජාව වහගන්න ඒ මනුස්සය ඉස්සරහට තව මොන මොනව කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද කියන්න අපි දන්නෙ නෑනෙ අංකල්. ඒ හන්දා මේ වෙලාවෙවත් අපි ටිකක් හයියට ඩිසිශන් එකක් ගමු කියල තමයි මම නම් කියන්නෙ”

“මොනවගේ දෙයක්ද අපිට කරන්න කරන්න පුලුවන්පුතා මේ වෙලාවෙ? ඇත්තටම මම ඔය ෆේස්බුක් එක ගැන එහෙම වැඩි විස්තරයක් දන්නෙ නෑ”

“අපිට පුලුවන් අපියි, ඔය සඳලිනීගෙ යාලුවො එහෙමයි එකතුවෙලා ඒ දාපු පෝස්ට් ෆෝල්ස් ඉන්ෆෝමේශන් කියල මෙටා එකට රිපෝට් කරන්න. ගොඩක් අය එකතුවෙලා කරද්දි ගොඩක් වෙලාවට ෆේස්බුක් එක පැත්තෙන්ම පෝස්ටෙක අයින් කරන්න කටයුතු කරනවා. ඊට අමතරව මම මගේ යාලුවො ඉන්නව අංකල් රෝ එකේ. එයාලනෙ ලංකාවෙ මෙටා ප්ලැට්ෆෝම්ස් ගැන බලන්නෙ.මම කතාකරල බලන්නම් අපිට තව මොනවද කරන්න පුලුවන් කියල. හැබැයි එතනින් නතරවෙන්නෙ නැතුව මම කියන්නෙ අංකල් අපි මේකට ලීගල් ඇක්ශන් එකක් ගමු. මොකද ඔහොම ඔය මිනිහට නටන්න දෙන එකෙන් වෙන්නෙ අරුණලීගේ ලයිෆ් එකට තියෙන රිස්ක් එක වැඩිවෙන එකනෙ අංකල්”

“පොලිසි ගාණෙ යන එක අරුණලීට පස්සෙ ලැජ්ජාවක් වෙයිද පුතා?”

“අපෙ අම්මා වැඩකලේ කාන්තා හා ළම කාර්‍යාංශයෙ අංකල්. අම්මට සර්ට් එක එක්කත් සෑහෙන කන්ටැක්ට්ස් තිබුණා ඒ දවස්වල. අම්ම දැන් නම් රිටයර් වෙලා අවුරුදු තුනක් හතරක් විතර.හැබැයි අපිට මුකුත් කරගන්න බැරිවෙන එකක් නෑ. අංකල්ලට ඉශූ එකක් නැත්තම් මම අපේ අම්මව එක්කරගෙන එන්නද අංකල්?” 

කිමල් පේශලාව එක්කරගෙන එන්නට ගෙදර බලා නික්මුණේ ඒ ඔස්සේය.

“කොහෙද ළමයො ගියේකලබලෙන්,මං හොඳටම බය වෙලා හිටියෙ? මුකුත් කිව්වෙවත් නෑනෙ හරියට”

“අම්මා මාත් එක්ක ගමනක් යන්න එනවද?” 

“ගමනක්? මේ හැන්දෑවෙ කොහෙද?” 

පේශලා අසද්දී කිමල් උන්නේ මේ කතාව පටන් ගත යුත්තේ කොතනින්ද කියා කියාගන්නට බැරුවය. තමන් කැමැත්තෙන් හිඳින කෙල්ලක ඉන්නවා යැයි කීවද ඒ හැරෙන්න වෙන කිසිවක් අම්මා සමග බෙදා නොහදා ගත් නිසා කතාව මුල සිටම කියන්නට වන බව ඇත්තකි. එහෙත් මේ සියල්ල සම්පූර්ණයෙන්ම කියා නිම කරන්නට මොහොතක් නොවේ. කඩිනම් පිලිතුරක්, විසඳුමක් උවමනා කරන මොහොතකි.

“මොකද්ද පුතා ප්‍රශ්නෙ?”  පේශලා ඇසුවේ වඩා සුපරීක්ශාකාරීව පුතුගේ මුහුණ දෙස බලමිනි. පුතුගේ මුහුණේ ඇඳී තිබුණ කණස්සල්ල, කලබලකාරී බව පිටුපස ඔහු ආදරය කරනවා යැයි කියූ තරුණියගෙ සම්බන්දයක් තිබෙන්නට හැකි බව පේශලාට සිතුණේ නිකමට මෙනි. කිම මෙතරම් කලබලකාරීව හැසුරුණ දවසක් පේශලාට මතකයක් නැත. සාමාන්‍යයෙන් පිරිමි ළමුන් මෙසේ කලබල වෙන්නේ මෙවන් හේතු නිසා බව පේශලාට කාලයක් තිස්සේ කරගෙන ආ උපදේශන වැඩ කටයුතු වල අත්දැකීම් ඔස්සේ පසක් කරගන්නට හැකි ය.

“මං අම්මට කිව්වෙ මං කැමති ගර්ල් කෙනෙක් ඉන්නව කියලා”

කිමල් කතාව අරඹන්නේ මදක් පැකිලීම් සහගතවය. අම්මාට අරුණලී ගැන කියන්නට උන්නේ  මෙයාකාරයෙන් නොවේ. එහෙත් සිතූ පැතූ ආකාරයෙන්ම ඒවා එලෙසම විය හැකියැයි කියන්නට කිසිවෙකුට හැකිද? ජීවිතය පිලිගත යුත්තේ ඒ එන හැටියෙන් නොවේද? 

“ඒ දරුවට මොකක් හරි කරදරයක්ද?”

පේශලා අසන්නේ සීරුවෙනි. තමන්ගේ දරුවාගේ පමණක් නොව ඕනම දරුවෙකුගේ ප්‍රස්නයකදී ඒ ප්‍රශ්නය ගැන විමසිය යුත්තේත් ඒ ප්‍රශ්නයට පිවිසිය යුත්තේත් වඩාත් සුපරීක්ශකාරීව සීරුමාරුවෙන් බව පේශලා ජීවිත කාලයක් පුරාවටම ඉගෙන ගත් දෙයකි. ඉතින් මේ තමන්ගේ පෙම්වතියගේ ගැටලුවක් ගැන කියන්නේ තමන්ගේම පුතු වුවත් කිසිත් කලබලයක් නොපෙන්වා වඩා පැහැදිලි නිරවුල් සිතකින් එදෙස බලන්නට පේශලාට හැකියාව ඇත.

“එයා අම්මා කලින් මැරි කරන්න ගිහින් ඒ මැරේජ් එක බ්‍රේක් වෙලා. ඒ බෝයි බයිසෙක්ශුවල් කෙනෙක්. දැන් මැරේජ් එක උනේ නැ කියල ඒ බෝයි අරුණලී ගෙයි එයාගෙයි ෆොටෝස් වගේකුයි මැසේජ් ස්කීන්ශොට් වගේකුයි ෆේස්බුක් අප්ලෝඩ් කරල”

කිමල් හීන්සීරුවේ කතාව කියන්නට පටන්ගත්තේ අම්මා කොහෙත්ම මේ කියන වචන ඔස්සේ අරුණලීව විවිනිශ්චය නොකරන බව කිමල් දන්න නිසාමය. අම්මා කොහොමත් හැමදාමත් හැමදෙයක් ගැනම බැලුවේ වඩා පුලුල් ඇසකින් බව ඇත්තකි. එහෙත් මොන දේ උනත් අද මේ තමා අම්මා සමග කතාකරන්නේ සාමාන්‍ය කෙල්ලකගේ ගැටලුවක් ගැන නොවේ. තමන් ආදරයෙන් බැඳී හිඳින තරුණිය ගැන කතාවකි. එය අම්ම සුපුරුදු පුලුල් ඇසින්ම භාරගනීවිද නැතිද යන කුකුස සිත ඇතුලේ තිබුනේ නැතැයි කියන්නට නොහැක.කිසිම අම්මා කෙනෙකු, විශේෂයෙන්ම අවිවාහක පුතෙකු විවාහ කර දෙන බලාපොරොත්තුවක උන් අම්මා කෙනෙකු පුතුගේ හිත ගිය කෙල්ල ගැන මුලින්ම මෙවන් දෙයක් අසන්නට බලාපොරොත්තු නොවීම සාමාන්‍ය දෙයකි.

“ෆොටෝස් කිව්වෙ මොන වගේ දේවල්ද පුතා?” එහෙත් පේශලා ඒ මොහොතේ එය භාරගත්තේ මේ කරදරයකට පාත්‍ර වී හිඳින්නේ තමන්ගේ පුතුගේ පෙම්වතිය කියා නොව ආදරය නිසා ජීවිතයේ අසරණ අඩියකට පාත්‍ර වූ තවත් ගැහැණු දරුවෙකු කියාය.

“මැසේජස් වල ස්ක්‍රීන්ශොට්ස් වගේකුයි, ඒ දෙන්න යාලුවෙලා ඉන්න කාලේ ගත්ත ෆිටෝස් වගේකුයි. නිකන් ෆොටෝස් වගයක්”

“ඕකේ මීට කලින් ඒ බොයි ඔයවගේ වෙන කරදර කරල තියෙනවද ඒ ගර්ල්ට?”

“ඔව් ඔෆිස් එකට වතාවක් ඇවිල්ල සද්දයක් දාලා ගියා. ගෙදරටත් කීප වතාවක් ඇවිල්ල කෑගහල තියෙනව. ඊට අමතරව ඔය කෝල් මැසේජස්වලින් ත්‍රෙට් කරපුව තමයි”

“ඒ ගර්ල්ගෙ කන්ඩිශන් එක කොහොමද?”

“ඒක තමයි අම්මා ලොකුම කේස් එක. එයා හොඳටම මෙන්ටලි වැටිල ඉන්නෙ. මම උදේ ගියෙත් එයා අර බෝයි අප්ලෝඩ් කරපු ෆොටෝස් දැකල කාමරේ දොර වහගෙන ඉඳල ඇරලම නැතුව. එයාගෙ නංගි තමයි හොඳටම බයවෙලා මට කෝල් කරේ. එයා කලින්ම වතාවක සුයිසයිඩ් ඇටෙම්ප්ට් එකකුත් කරගෙන තියෙනව, ඒ අපේ ඔෆිස් එකට එන්න කලින්. 

මම එයාගෙ තාත්තට කිව්ව මම රෝ ටීම් එකටත් කතා කරල බලන්නම් කියල. මධුරංග වැඩ කරන්නෙ ඒකනෙ. මම ඒ අංකල්ට කිව්ව මම අම්මාව එක්කරගෙන එන්නම්. අම්ම ඉස්සර වර්ක් කරෙ මෙහෙ කියල”

පේශල සූදානම් වූයේ කිමල්ගේ ආරාධනාව මතය. හරිනම් මේ නැකැත් බල චාරිත්‍රානුකුලව සුබ මුහුර්තයක යා යුතු ගමනකි. එහෙත් සමහර ගමන් යා යුතුම නිමේශයක් එන්නේ කිසිදු පෙර දැනුම් දීමකින් තොරවය.

ඇය පුතුගේ ආදරය දිනාගත් යුවතිය වෙන්නේ දෙවනුවය. මුලින්ම ඇය අසරණ වී හිඳින කෙල්ලකි. ඉතින් පරිණත්, අත්දැකීම් බහුල ගැහැණියක ලෙස තමා මේ මොහොතේ මේ ගමන යා යුතුමය.




අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles