අයිස් කියුබ් සත්කාරය මගින් ඔබේ සමට ලැබෙන වාසි

Ice cube treatment කියන්නේ මේ වන විට ලෝකය පුරාම ප්‍රචලිත සත්කාරයක්. මෙම සත්කාරය විවිධ ආකාර වලින් කෙරෙනවා. විශේෂයෙන්ම මෙය නිවසේදීම කර ගැනීමට හැකි සත්කාරයක් සහ එහි වාසි බොහොමයක් තිබෙන නිසා බහුතරයක් කාන්තාවන් අතර මේ ජනප්‍රිය වීමට හේතුවක් වී තිබෙනවා. අද අපි කතා කරන්නේ මේ Ice cube treatment එකෙන් ඔබේ සමට ලැබෙන වාසි ගැනයි.

මෙම සත්කාරය කරන්නේ කොහොමද ? 

මෙම සත්කාරය කිරීමේදී බොහෝ දෙනෙක් සිදු කරන වැරැද්දක් තමයි අයිස් කැට කෙලින්ම මුහුණ මතට යෙදීම. නමුත් නිවැරදිම ක්‍රමය නම් කපු රෙද්දකින් ආවරණය කරන ලද අයිස් කැට වලින් මුහුණ සම්බාහනය කිරීම. ඒ වගේම මෙහිදී එකම තැන අයිස් කැට තබාගෙන සිටීමෙනුත් වැළකිය යුතුයි. ඔබේ නිකට , බෙල්ල , නලල , කම්මුල් , හකු ප්‍රදේශ , තොල් සහ නාසය මත රවුම් චරිත ආකාරයෙන් මෙම සත්කාරය කළ හැකියි. 

මෙයින් සමට ලැබෙන වාසි මොනවාද  ? 

දිදුලන සමක් ලබාදෙයි  

ඔබේ මුහුණ අයිස් කැට මගින් සම්බාහනය කිරීමෙන් සමේ රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩි දියුණු කෙරෙනවා.  මුහුණේ අයිස් ආලේප කිරීම මගින් රුධිර වාහිනී අවහිර වන අතර එමගින් මුලින්ම ඔබේ සමට රුධිර ප්‍රවාහය අඩු කරනවා. එය සමතුලිත කිරීම සඳහා ඔබේ ශරීරය ඔබේ මුහුණට වැඩිපුර රුධිරය සංසරණය කිරීම ආරම්භ කරනවා. මෙම ක්‍රියාවලිය හොඳින් සිදුවීම නිසා සම සජීවි සහ දීප්තිමත් වෙනවා.

කුරුලෑ සමනය කරයි 

ඔබ ඔබේ මුහුණ මත අයිස් භාවිතා කරන විට එමගින් ඔබේ සමේ තෙල් නිෂ්පාදනය අවම කරනවා.ඒ වගේම කුරුලෑ නිසා සම මත ඇතිවන ගැටිති සහ ආසාත්මිකතා සුව කිරීමටද හැකියාව ලැබෙනවා.

සමේ සිදුරු සංකෝචනය කරයි 

ඔබේ මුහුණේ ස්වභාවික තෙල් සහ දහඩිය පිට කරන සිදුරු ඇති අතර ඒවා මගින් සම පිරිසිදුව තබා ගැනීමට උපකාරී වෙනවා. එම සිදුරු වල අපිරිසිදු ද්‍රව්‍ය එකතු වුවහොත් ඒවා මගින් ආසාත්මිකතා සහ කුරුලෑ ඇති කරනවා . මුහුණ සාමාන්‍ය ආකාරයට පිරිසිදු කිරීමෙන් පසුව අයිස් භාවිතා කිරීමෙන් එම සිදුරු හැකිලීමට , එම සිදුරු මගින් නැවත සම තුලට අපිරිසිදු ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සහ සමේ පැහැය වර්ධනය කිරීමට හේතු වෙනවා.  

සමේ රැලි ඇති වීම පාලනය කරයි 

ඔබට ඔබේ වයස ආපහු හැරවිය නොහැකි නමුත් වයසට යාමේ ලකුණු ඇති වීම පාලනය කළ හැකියි. ඔබේ මුහුණ අයිස් කැට මගින් සම්බාහනය කිරීම මගින් සම ඇති මත රැලි සහ වයසට යාමේ ලකුණු අලුතෙන් ඇතිවීම සහ තිබෙන ඒවා පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම සම ශක්තිමත් වීමද සිදු වෙනවා.

තෙල් රහිත පෙනුමක් ලබා දෙයි 

ඔබේ සම අධික තෙල් ගතියෙන් යුක්ත නම් එය කරදරකාරී තත්වයක් වෙනවා. අධික තෙල් සහිත සම මත කුරුලෑ ඇති වීම ඇතුළු විවිධ තත්ත්වයන් ඇති විය හැකි නිසා මුහුණ අයිස් කැට මගින් සම්භාහනය කිරීම මගින් අතිරික්ත තෙල් නිෂ්පාදනය පාලනය කරනවා.

කුශ්ට සහ දද සමනය කරයි 

අධික උෂ්ණය නිසා සම මත කුෂ්ඨ සහ දද ඇති වීම සිදු වෙනවා. මේ තත්ත්වයන් සමනය කිරීම සඳහා අයිස් කියුබ් සත්කාරය ඔබට කිරීමට පුළුවන්. මෙවැනි තත්ත්වයන් නිසා ඇතිවන අධික දැවිල්ල පාලනය කිරීම සඳහාද අයිස් කියුබ් සත්කාරය යොදා ගැනීමට හැකියාව තියෙනවා.

සම exfoliate කරයි 

අයිස් යනු ඔබට ක්ෂණිකව ප්රතිඵලය ලබා දිය හැකි හොඳම ස්වභාවික exfoliator එකක් ලෙස සැලකෙනවා. මේ සඳහා කිරි වලින් සකස් කල අයිස් කැට වලින් ඔබේ මුහුණ සම්බාහනය කරන්න. කිරි වල ලැක්ටික් අම්ලය අඩංගු වන අතර එය සමේ සියලුම මිය ගිය සෛල ඉවත් කිරීමට උපකාරී වන අතර ස්වභාවික දීප්තිය වැඩි දියුණු කරයි.

නිෂ්පාදන අවශෝෂණය වැඩි කරයි 

ඔබ සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කිරීමට පෙර අයිස් කැට සත්කාරය සිදු කරනවා නම් එමගින් ඔබ සමට යොදන නිෂ්පාදන සමට අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩි කරනවා සහ එම නිෂ්පාදනවල අඩංගු සංඝටක වලට සමේ ගැඹුරු ස්තර කරා ළඟා වීමේ හැකියාව වැඩි කරනවා.

මෙම සත්කාරය දිනකට වරක් පමණක් කිරීම ප්‍රමාණවත් වන අතර දිනකට කිහිප වරක් සිදු කිරීම කිසිසේත්ම නිර්දේශ කරන්නේ නැහැ.

Related Articles

Don't Miss


Latest Articles