රැකියාවේ වැඩ අධික නිසා ඔබත් අපහසුවෙන්ද?

එක දිගටම වැඩ කරන එක කාලයක් යද්දි එපා වෙන්න පුලුවන් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒක ඕනම කෙනෙක්ට වෙන්න පුලුවන් දෙයක්. ඕනවට වඩා වැඩ වැඩි උනාමත් අපිට වැඩ එපා වෙනව සහ අපි කම්මැලි වෙනවා. ඒ වගේම ඕනවට වඩා වැඩ වැඩියි කියන හැඟීම හිතට ඇතුලු උනාම අපි ආතතියට පත්වෙන්න තියෙන ඉඩකඩත් ඉතාම ඉහලයි.

ඒක අසාමාන්‍ය දෙයක් නොවුනත් අපි Manage කරගන්න ඕන දෙයක්. මොකද රැකියාවෙන් ලැබෙන ආතතිය අපේ දෛනික කටයුතු සහ පෞද්ගලික වැඩවලට පවා අහිතකර විදියට බලපාන්න පුලුවන් නිසා.

මේකට හේතුවෙන සාධක අතර අයහපත් කාල කලමනාකරණය, නිරතුරුවම වැඩ ඒම, ආතතිය කෙනෙකුගෙ කාර්‍යක්ශමතාවයට බාධාවක් වෙන්න පුලුවන්.

ඉතින් අපි හිතුවා අද අපි අරගෙන එන ලිපියෙක් රැකියාවේ වැඩ අධික වීම අපි Manage කරගන්නෙ කොහොමද කියල කතාබහ කරන්න.

රැකියාව කාර්‍යබහුල වීම අපිට වළක්වන්න අමාරු දෙයක්.ඒක අපේ වගකීමක්. ඉතින් ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන මොනවද?

1-     රැකියාව කරන අතරවාරයේ විවේක ගැනීම සහ නිවාඩු ගැනීම

විවේකයකට පුලුවන් අපේ මනස Refresh කරන්න. ඒක මම කිව්වත් නොකිව්වත් ඔයාල අත්විඳල තියෙන දෙයක් නේ. ඉතින් රැකියාවේ වැඩ අධික නම්, ඔලුව හිරවෙලා වගේ දැනෙනවනම් ඔයාලට පුලුවන් පොඩි විවේකයක් අරගන්න. ඒක ඔයාගෙ රැකියාවේ සහ ජීවිතය Balance එකේ කරගෙන යන්නත් උදව්වක් වෙනවා.

ඔෆිස් එකේ  වැඩ වැඩ කාලයක් ආවොත් ඒ වැඩ ටික හොඳින් ඉවරකරලා පොඩි නිවාඩුවක් ගන්න අමාතක කරන්න එපා. ඒක ආයෙම වැඩ කරන්න පටන් ගනිද්දි හොඳ මනසකින් Fresh එකේ වැඩ පටන් ගන්න ඔයාට උදව්වක් වෙයි.

ඒ වගේම ඔයාට වැඩ අතරවාරයෙත් පොඩි විවේකයක් ගන්න පුලුවන් නෙ. පොඩ්ඩක් එලියට ගිහින් ඇවිදින්න, තේකක් බොන්න වගේ දේවල් වලින් මනසට පොඩි විවේකයක් දෙන්න අමතක කරන්න එපා.

ඒ වගේම ලොකු නිවාඩුවකට යන්න පුලුවන්කමක් තියෙනවනම් ඒ අවස්තාව මග හැරගන්නත් එපා. නිවාඩුවක් ගන්න එක කියන තරම් ලේසි දෙයක් නෙවෙයි කියන එක දන්නවා. හැබැයි ඔයා ඔයාගෙ වැඩ ටික හරියට Manage කරගත්තොත් හොඳ නිවාඩුවක් ගන්න ඉඩ හදාගන්න බැරිවෙන්නෙ නෑ.

2-     කාල කළමනාකරණය

සමහර වෙලාවට මිනිස්සු මූණ දෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ට කරන්න නියමිත වැඩ කොටස වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් වෙන් කරගන්නෙ කොහොමද කියන එක? රැකියාවයි ජීවිතයයි Balance කරගන්න උවමනා වෙන්නෙ අන්න ඒ හන්දා.

ඔයා අනිවාර්‍යෙන්ම ඔයාගෙ රාජකාරි වැඩයි පෞද්ගලික ජීවිතයි අතරෙ වෙන් කරන රේඛාවක් ඇඳගන්නම ඕන.පෞද්ගලික වැඩ රාජකාරි ජීවිතේටවත් රාජකාරි වැඩ පෞද්ගලික ජීවිතේටවත් අරන් එන්නෙ නැති තාක්කල් ඔයාට හොඳට වෙලාව කලමනාකරණය කරගෙන Work Life Balance එකක් කරන්න පුලුවන්.

රැකියාවෙ වැඩ ගෙදර අරන් එන්න හිතන අයට මේක ගොඩක්ම Effective දෙයක් වෙන්න පුලුවන්. අමතක කරන්න එපා ඔයාට පුලුවන් වෙන්න ඕන වැඩ කරන වෙලාවෙ ඒව හොඳට Priority එක අනුව ලිස්ට් කරගෙන වැඩ ඉවර කරන්න ඕන වෙලාව වෙද්දි වැඩ ටික ඉවර කරගන්න.

3-     උදව් ඉල්ලගන්න

ගොඩක් වෙලාවට අපි කැමතියි අපේ ප්‍රශ්න කරදර අපි ලඟම තියාගන්න. මොකක් හරි ලොකු රහසක් රකින්න වගේ තියෙන වෙලාවක නම් මේක ලොකු උදව්වක් උනාට සමහර ප්‍රශ්න විසඳගන්න අපිට තව කෙනෙක්ගෙ හෝ කීප දෙනෙක්ගෙ උදව්ව උවමනා වෙන්නම පුලුවන්.

සමහර වෙලාවට අපි හිතනවනෙ “මට මේ හැමදේම තනියම කරගන්න පුලුවන්” කියල. හැබැයි එහෙම බැරි අවස්තා එන්නෙ නැතුව නෙවෙයි. ඉතින් කරගන්න බැරි වැඩ ප්‍රමාණයක් අමාරුවෙන් කරන්න ගිහින් වලේ වැටෙනවට වඩා හොඳයි තව කෙනෙක්ගෙ උදව්ව ඉල්ලගන්න එක.

වැඩක් කරද්දි ඔයා මුලින්ම තේරුම්ගන්න ඕන දෙයක් තමයි ඔයාට ලැබිල තියෙන වැඩේ කොච්චර ලොකුද හෝ පොඩිද කියන එක? Priority එක කොච්චරද කියන එක. ඒ කරුණු මත තමයි ඔයා ඒකට වෙන් කරන්න ඕන කාලය තීරණය විය යුත්තේ.

Team එකේ අයගෙන් උදව් ඉල්ලගන්න. ඒ වගේම ඔයාට පවුලේ අයගෙන් උනත් උදව් ඉල්ලන්න පුලුවන්. ඔයාගෙ රැකියාව ගැන ඔයාගෙ පවුලෙ අයගෙන් උනත් අදහස් අහගන්න ඔයාට පුලුවන්.

4-     ආතතිය ඇති කරන පුරුදු නැතිකරගන්න

Woman with headphones listening music at office isolated over background

සමහර වෙලාවට අපිට වැඩ වෙලාවට Manage කරගන්න බැරිවෙන්නෙ අපේම තියෙන නරක පුරුද්දක් නිසා වෙන්න පුලුවන්. ඔයාට සමහරවිට ඒක Note වෙලා නැතිවෙන්නත් පුලුවන්.

අපේ තියෙන සමහර පුරුදු අපේ වැඩවල ආතතිය වැඩිකරන්න, වැඩ මග හැරෙන්න හේතුවක් වෙනවා. වැඩ කොච්චර තිබුනත් ඔයා අනික් අය එක්ක ඕපදූප කතා කර කර ඉන්නවද? කන්න පැය ගණන් වෙලාව වෙන්කරනවද? වගේ පොඩ්ඩක් හිතල බලන්න.

ඒ වගේ හැසිරීමක් හදාගන්න ඔයාට මොනවද කරන්න පුලුවන්? ඉතින් මෙතනදි ඔයාට පුලුවන් ඔයා තියාගෙන ඉන්න Unrealistic Goals ටික හලල දාන්න. Priority list එක හරියට හදාගන්න. Team එකත් එක්ක එකතුවෙලා යන්න.

පුරුද්දක් වෙනස් කරන එක අමාරු දෙයක්. නමුත් ඔයා රැකියාවේ කාර්‍යබහුලත්වය ගැන හිතුවම ඔයාගෙ පුරුද්ද වෙනස් කරන එකා ඒ කාර්‍යබහුලත්වය වගේම ඔයාගෙ ඔලුවට දැනෙන ආතතිය අඩු කරගන්නත් පුලුවන්.

5-     වැඩ ටික සංවිධානය කරගන්න

අන්තිම Point එක වුනාට මේක හරිම වැදගත් කියල කියන්නම ඕන. රැකියාවෙ හොඳට කාරගෙන යන්න නම් ඔයා අනිවාර්‍යෙන්ම කරන්න ඕන දෙයක් තමයි මේ වැඩ ටික Balance කරගන්න එක. ඔයා Priorities අනුව ඔයාගෙ වැඩ ටික Plan කරගන්න.

කාලය ඵලදායීව කලමනාකරණය කරගන්න ඒක උදව්වක් වෙනවා.

සමස්තයක් වශයෙන් ගත්තම, හොඳින් කළමනාකරණය කළ කාලය සහ Priority list එකක් භාවිතා කිරීමෙන් රැකියා ස්ථානයේ ආතතිය වළක්වා ගන්න අපිට පුලුවන්කම ලැබෙනවා. විවේකයක් ගැනීම සහ ඔබේ මනස ප්‍රබෝධමත් කිරීම වැදගත් වෙන බව මේ වැඩ අස්සෙම අමතක කරල දාන්න එපා.

රැකියාවට දෙනව වගේම වැඩි ඉඩක් ඔයා ඔයා වෙනුවෙන්, ඔයාගෙ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් දෙන්න ඕන කියන එක අමතක කරන්න එපා.

මොකද Balance වෙන්න ඕන වැඩ විතරක් නෙවෙයි. Work -Life දෙකම!

Related Articles

Don't Miss


Latest Articles