Tea Time එකට කෙසෙල් වලින් හරි ලේසියෙන් හදාගන්න පුලුවන් ස්නැක් එකක්.

මේ දවස්වල ගෙදර ඉදිච්ච කෙසෙල් ගොඩක් තියෙනවනම් හෝ ඔයාට ඉඳුන කෙසෙල් පහසුවෙන් හොයාගන්න පුලුවන් විදියක් තියෙනවනම් ඔන්න ගෙදර ලොක්කන්වයි පොඩ්ඩන්වයි දෙගොල්ලන්ව Tea Time එකට සතුටෙන් වගේම රසයෙන් පුරවන්න පුලුවන් රසම රස Tea Time Snack  එකක් හදන විදිය තමයි අපි අද ඔයාලට කියල දෙන්න යන්නේ.

මේ රසවත් Snack එක හදන්න මහ ගොඩක් දේවල් ඕන නෑ වගේම එහෙම ලොකුවට කරදර වෙන්න ඕනත් නෑ. හරිම පහසුවෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරල හදාගන්න ඔයාලටත් පුලුවන්.

ඉතින් මේ රසම රස Tea Time Banana Snack එක හදන්න ඔයාලට ඕන කරන්නෙ මෙන්න මේ අමුද්‍රව්‍ය ටික:

ඉඳුණු කෙසෙල් ගෙඩි 4ක් (පොඩි)

සීනි මේස හැඳි 4ක්

පාන් පිටි කෝප්ප 1 (128g)

ආප්ප සෝදා තේ හැඳි ¼

මේ Snack එකට කෙසෙල් බෝල කියලත් කියනව එහෙම නැත්තම් සමහරු කෙසෙල් පියෝස් කියලත් කියනවා.

හරිම ලේසියි හරිම රසට හදාගන්නත් පුලුවන්. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ රසම රස කෙසෙල් පියෝස් හදාගන්නෙ කියලා.

ඒ වගේම ඔයාලට කැමති කෙසෙල් වර්ගයක් භාවිතා කරලා මේ රසවත් Tea Time Snack එක හදාගන්න පුලුවන්.

 සාදාගන්නා ආකාරය:

ඉස්සෙල්ලම ඔයා අරගන්න කෙසෙල් ටික පොඩි පෙති විදියට කපාගන්න ඕන. මේ කපාගත්ත කෙසෙල්පෙති ටික බ්ලෙන්ඩර් එකකට දාගන්න. මෙතනදි පොඩි කෙසෙල් අරගෙන තියෙන නිසා ගෙඩි 4ක් වගේ ගත්තට ඔයා ආනමාලු වගේ ලොකු කෙසෙල් භාවිතා කරනවනම් කෙසෙල් ගෙඩි දෙකක් වගේ හොඳටම ඇති.

ඊලඟට ඒ කෙසෙල් පෙති ටික උඩට සීනී මේස හැඳි 4ක් විතර ප්‍රමාණය එකතු කරගන්න. ඊටපස්සෙ මේ කෙසෙල් පෙති ටික සහ සීනි ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට වතුර චුට්ටක්වත් භාවිතා කරන්න ඕන නැහැ. සීනි සහ කෙසෙල් විතරක් බ්ලෙන්ඩ් කරගත්තම හොඳටම ඇති.

බ්ලෙන්ඩ් කරගත්තට පස්සෙ ඔයාට ලා කහ පාට බැටර් එකක් වගේ දෙයක් දකින්න පුලුවන්.

ඊටපස්සෙ ඒ බැටර් එක වෙන භාජනයකට දාගන්න. ඒ මිශ්‍රණය උඩටම ඔයා අරගත්ත පිටි කෝප්පය එකතු කරගන්න.ඊටපස්සෙ මේ පිටි එක සහ කෙසෙල් බැටර් එක හොඳට අනාගන්න ඕන. මේකට ඔයාට ස්පැටුල එකක් හෝ ලී හැන්දක් පාවිච්චි කරන්න පුලුවන්.

(මෙතනදි පිටි ගොඩක් වැඩි කරගන්න එපා. එහෙම උනොත් මේ මිශ්‍රණය හරියට හදාගන්න අපහසු වෙනවා)

හොඳට අනාගත්ත මේ මිශ්‍රණයට බේකින් සෝඩා, එහෙම නැත්තම් ආප්ප සෝඩා තේ හැඳි කාලක් එකතු කරගන්න. ආප්ප සෝඩා නැත්තම් බේකිං පවුඩර් තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න පුලුවන්.

දැන් තියෙන්නෙ මේක තෙල් එකේ බැඳගන්න.

භාජනයකට තෙල් අවශ්‍ය ප්‍රමාණයට පුරවන්න. තෙල් ටික රත්වෙන්න ඇරල ඔයාගෙ කෙසෙල් සහ පිටි මිශ්‍රණයෙන් ටික ටික අරගෙන සාමාන්‍ය පොඩි ප්‍රමාණයේ බෝල සකසාගෙන රත් වෙච්ච තෙල් එකේ සාමාන්‍ය ගින්දරේ බැදෙන්න දෙන්න.

(මෙතනදි බෝල හදන්න කලින් අතේ තෙල් ටිකක් ගාගන්න නැත්තම් මිශ්‍රණය අතේ ඇලවෙන්න බලනවා. ඒ වගේම ප්‍රමාණයට වඩා ලොකු බෝල හදාගන්න එපා, එහෙම උනොත් මැද අමුවෙන්න පුලුවන්)

රන්වන් පාටට බැඳුනට පස්සෙ තෙල් බඳුනෙන් මේ කෙසෙල් පියෝස් එලියට අරගන්න.

ඉතින් ඔයාලත් ගෙදර Tea Time එකට මේ රසවත් වගේම පහසුවෙන් හදාගන්න පුලුවන් කෙසෙල් පියෝස් Try කරල බැලුවොත්, අපේ පෝස්ට් එකට යටින් ලස්සනට පින්තූරයක් එක්ක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

ඉතින් රසට කන්න – සුවෙන් ඉන්න දිගටම Smartlady.lk එක්ක රැඳිලා ඉන්න!

Related Articles

Don't Miss


Latest Articles