හැමෝම යන්න හීන දකින ලෝකෙ ලස්සනම ප්‍රසංගය

ලබන ඔක්තොම්බරයේ බ්‍රසීලය, නෙදර්ලන්තය, ඇතුළු රටවල් කිහිපයක  පැවැත්වෙන උන්මාදනීය Tomorrowland ප්‍රසංගයේ අලගිය මුලගිය තැන් තමයි අද අපි ඔබත් එක්ක බෙදාගන්නේ.   “අද ජීවත්වෙන්න, හෙට ආදරේ කරන්න, සදහටම එකමුතුව සිටින්න”  කියන තේමාවෙන්  ගලාගෙන යන මේ ටුමෝරෝ ලෑන්ඩ්  ප්‍රසංග කියන්නේ සංගීත  සහ නර්තන  ලෝකයට නැවුම් , නවමු අත් දැකීමක් එකතු කරපු අවස්තාවක් බව නොකියාම බැහැ. ඒ වටා බැඳුණු ඇඳුම් පැළඳුම්, කෑම බීම, නැටුම් විතරක් නෙවෙයි Tomorrowland ප්‍රසංගයක් බලන්න යන එක හීනයක් කරගත්ත අයත් ඕනේ තරම් ලෝකේ පුරාම අහු කොන් වල ඉන්නවා.

Tomorrowland  කියන්නේ  බෙල්ජියමේ Antwerp හි Boom හි පැවැත්වෙන මහා පරිමාණ වාර්ෂික ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත උළෙලක්.  Tomorrowland ප්‍රසංගයට ඒ වෙනුවෙන්ම ආවේණික වුන නර්තන සහ සංගීත තාලයක් තියෙනවා.   බෙල්ජියමේ  De Schorre  කියන පළාතේ  විනෝද උද්‍යානයක් තුල මේ Tomorrowland  කියන සංකල්පයෙන් පලවෙනි ප්‍රසංගය පැවැත්වෙන්නේ 2005 අවුරුද්දේදී. ඒ මනු සහ මයිකල් බියර්ස් සහෝදරයන් ගේ සංකල්පනාවක් අනුව.  එතැන් පටන් Tomorrowland ලොව හොඳම සංගීත සහ නර්තන  උළෙලක් බවට පත් වුනා. එය ජාත්‍යන්තර නර්තන සංගීත සම්මාන උළෙලේදී “වසරේ හොඳම සංගීත ඉසව්ව” ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ලබන ජනප්‍රිය සම්මාන සහ බොහෝ ඇගයීම් සහ සම්මාන දිනාගෙන  තියෙනවා.   මේ Tomorrowland ප්‍රසංගය  සංවිධානය කරන්න  අවුරුද්ද  පුරාම  පුද්ගලයින් 80කට අධික පිරිස ක් සහ උත්සවය අතරතුර පුද්ගලයින් 15,000 ක්  විතර නිත්‍ය සේවයේ යෙදෙන  බවත් කියනවා.

2005 අවුරුද්දේ පටන් ගත්ත පලවෙනි ප්‍රසංගයට පස්සේ Tomorrowland දෙවෙනි ප්‍රසංගය පවත්වන්න සැලසුම් කරන්නේ 2006 ජූලි මාසේ. Armin van Buuren, Marino Sagaert, Axwell , Marco Bailey, Fred Baker, David Guetta , Ruthless සහ DJ Zany  කියන ලෝක ප්‍රසිද්ද ගායකයන් පිරිස් දෙවැනි ප්‍රසංගයට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, දෙවෙනි ප්‍රසංගයේදී “උත්තේජනය” නමින් ප්‍රසංගයට ආවේණික වුන ගීතයකුත් නිකුත් කෙරෙනවා.

2007 අවුරුද්දේදී  Tomorrowland ප්‍රසංගයට අලුත් ජවයක් ළැබෙනවා. ප්‍රසංගය දින දෙකක් පුරා පැවැත්වෙන්නේ ජූලි මාසයේදී. 2008 අවුරුද්දේත් ජුලි මාසයේම ඩී ජේ ශිල්පීන් 100කට වැඩි සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් Tomorrowland ප්‍රසංගය පවත්වන්නේ ප්‍රේක්ෂකයන් සංඛාවත් 50000 ඉක්මවා යන තරමක සහභාගීත්වයක් තියාගන්න අතරේ.  2009 අවුරුද්ද  වෙනකොට ලෝක ප්‍රසිද්ධ ඩී ජේ ශිල්පීන් තවත් පිරිසක් Tomorrowland ප්‍රසංගය එක්ක  එකතු වෙනවා. ඒ වසරේ ප්‍රේක්ෂක සහභාගීත්වය 90000 ඉක්මවන්නේ Tomorrowland ඉතිහාසයේ වැඩිම වාර්තාගත ප්‍රේක්ශක සහභාගීත්වයත් එක්කම.

ඊට පස්සේ  2010  අවුරුද්දේදී Tomorrowland ප්‍රසංගය වෙනුවෙන් මුද්‍රණය කරපු  ටිකට් පත්  දින කිහිපයකට පෙර විකිණිලා අවසන් වෙනවා.  දින දෙකක් පුරාවට 180,000කට අධික උන්මාදනීය ප්‍රේක්ශකයන් පිරිසක් ප්‍රසංගය එක්ක රැඳිලා ඉන්නවා. ඩඩා ලයිෆ් , ඩිමිත්‍රි වේගාස් සහ ලයික් මයික් සහ ටාරා මැක්ඩොනල්ඩ් ස්වීඩන් හවුස්  කියන ඩී ජේ ශිල්පීන් සහ ගායකයන් නිල  Tomorrowland ගීතයක් එලිදක්වලා ගායනා කරන්නේත් මේ අවුරුද්දේදී.

2011 ජූලි මාසේදී Tomorrowland ප්‍රසංගය දින තුනක් දක්වා විසිරිත කරලා පවත්වන්න සංවිධායක මණ්ඩලය තීරනය කරනවා. ඒ  “The Tree of Life”  කියන තේමාවත් එක්කම. David Guetta, Nervo , Swedish House Mafia, Avicii , Tiësto , Hardwell , Carl Cox , Paul van Dyk , Raven Tensnake , Laidback Luke , Brodinski, Juanma Tudon, Basto වගේ කලාකරුවන් රැසකගේ ආලෝකය 2011 Tomorrowland ප්‍රසංගයට ලැබෙනවා. .  2012  අවුරුද්දේදී ප්‍රථම වරට ජාත්‍යන්තර නර්තන සංගීත සම්මාන උළෙලේ හොඳම සංගීත ඉසව්ව ලෙස  Tomorrowland තේරී පත්වෙන්නේ එතෙක් කල් ඒ වෙත යොමු ව තිබූ ඇස් වගේ  සිය දහස් ගුණයක ආකර්ශණයක් ඒ වෙතට ගෙනල්ලා දීලා.

2012 අවුරුද්ද වෙනකොට Tomorrowland ප්‍රසංගය එක්ක බැඳුණු සංස්කෘ තියක් හැදෙන්න  පටන් අරගෙන තියෙනවා. ලෝකය පුරා නගර පහලොවක ඉඳන්  Tomorrowland ප්‍රසංගයට ප්‍රේක්ශකයන්ට ලඟා වීම පහසු කිරීමේ වගකීම අරගෙන  Brussels Airlines සේවාවත් මේ ප්‍රසංගය එක්ක  එකතු වෙනවා. වේදිකා පහලොවකට අධික ප්‍රමාණයක ඩීජේ ශිල්පීන් 400කට අධික ප්‍රමාණයක් සංගීතවත් වෙනවා.  ඒ විතරක් නෙවෙයි ,  මේ Tomorrowland ප්‍රසංගය  ආයෙම   2013 වසරේ හොඳම සංගීත ඉසව්ව සඳහා ජාත්‍යන්තර නර්තන සංගීත සම්මාන දිනා ගන්නවා. ඒ වගේම Tomorrowland 2012  අවුරුද්දේදී හොඳම ජාත්‍යන්තර නර්තන සංගීත උළෙල සඳහා  සම්මානයත් තමන් සතු කරගන්නවා.

2013 ජූලි වල Tomorrowland ප්‍රසංගයේ සියලුම ටිකට්පත් විනාඩි 35ක් ඇතුලත විකිණිලා අවසන් වෙනවා.

Brussels Airlines සමඟ  තමන්ගේ  Global Journey පැකේජ ඉදිරිපත් කරාට  පස්සේ  එයට ලොව පුරා විවිධ නගර 67කින් අමතර ගුවන් ගමන් 140 ක් යටතේ විවිධ ජාතීන් 92කට අයිති ප්‍රේක්ශකයන් පිරිසක් බෙල්ජියමේ බූම් වෙතට එකතු කරවගන්න Tomorrowland ප්‍රසංගයට හැකි වෙනවා.  2014 දී Tomorrowland ප්‍රසංගය සති අන්ත දෙකක් පදනම් කරගෙන පැවැත්වෙන්නේ උන්මාදනීය ප්‍රේක්ශක සහභාගීත්වය කලමනාකරනය කරගන්නම බැරුව.  2015 දී මෙලෝඩියා රහස් රාජධානිය කියන තේමාවෙන් දිග හැරෙන Tomorrowland ප්‍රසංගය එම වසරේදීත් සම්මාන කිහිපයකටම හිමිකම් කියනවා. 2016 අවුරුද්දට පස්සේ 2017   අවුරුද්දේදී ආයෙම Tomorrowland ප්‍රසංගය  සති අන්ත දෙකක් දක්වා දිග් ගැස්සෙන්නේ දරාගත නොහැකි ප්‍රේක්ශක ඉල්ලීම් නිසාමයි.

2018 අවුරුද්දේත් සති අන්ත දෙක පුරා දිවෙන  Tomorrowland ප්‍රසංගයට ප්‍රේක්ශකයන් 400,000කගේ පැමිණීම තහවුරු වෙනවා. මේ සති අන්ත දෙක සඳහා  වුන ප්‍රවේශ පත්‍ර පැයකින් විකිණී අවසන් වෙන්නේ Tomorrowland උන්මාදය ලෝකය පුරාම පැතිරෙන්න දීලා. The Book of Wisdom කියන තේමාවෙන් Tomorrowland ප්‍රසංගයේ 15 වෙනි සංවස්තරය පැවැත්වෙන්නේ ප්‍රේක්ෂක සහභාගීත්වය ඉතාම ඉහල මට්ටමක තියලා. 2020 ඉඳන් 20222 වෙනකල්ම කොවිඩ් තත්වය එක්ක Tomorrowland ප්‍රසංගය පැවැත්වෙන්නේ විශේෂ ආරක්ශිත ක්‍රමවේද එක්ක. ඉන් පස්සේ 2023 දී ආයෙම සුපුරුදු රිද්මයෙන් Tomorrowland වැඩ පටන් ගන්නේඑ ඩී ජේ ශිල්පීන් 600 දෙනෙකුගේ සහභාගීත්වයෙන්.

අවසාන වතාවට පැවැත්වුන Tomorrowland  2013 ප්‍රසංගය  බෙල්ජියම් ආර්ථිකයට යුරෝ මිලියන 70ක් ගෙනල්ලා දෙන්නේ බෙල්ජියමේ ආර්තිකය තුල පවා මේ ප්‍රසංගයට විශේෂ තැනක් හිමි කරගනිමින්. ඒ යුරෝ මිලියන 70න්  යුරෝ මිලියන 19ක් වියදම් කර ඇත්තේ බෙල්ජියමෙන් පිටත ජීවත්වන මිනිසුන් විසින් වීම විශේෂයි.

ඒ විතරක් නෙවෙයි Brussels Airlines සහ කොකා කෝලා ඇතුලු ලෝකය පුරා ප්‍රසිද්ද වෙලඳ නාම විසි හයක් වසර ගණනාවක් තිස්සේ  Tomorrowland ප්‍රසංගය එක්ක අත් වැල් බැඳගෙන ඉන්නවා.

ඉතින්..  පිස්සුවෙන් වගේ නටන්න ආස කරන  ඔයත් අනිවාර්‍යයෙන්ම මේ  ටුමෝරෝලෑන්ඩ්  අත්දැකීම නම් විඳින්නම ඕනි කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන්. ‘

අපේක්ෂා ගුණරත්න

Related Articles

Don't Miss


Latest Articles