කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන්න ඇගේ මුහුණේ ඇති අංග බොහෝ විට බලපානවා. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ ඇහිබැම ගැනයි. ඇහිබැම එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන අතර එහි හැඩය සහ ඝනත්වය ඔබේ සුන්දරත්වය කෙරෙහි හේතු වෙනවා. ඝනත්වයෙන් සහ හැඩයෙන් අඩු ඇහිබැම ඉතා සුන්දර ලෙස සකස් කර ගැනීම සඳහා මේ වන විට ලෝකයේ ඉතාම සීඝ්රයෙන් ජනප්‍රිය වෙමින් පවතින ක්‍රමයක් ගැනයි මේ ලිපිය.
Microblading කියන්නේ මොකද්ද ?
මෙය ඇහි බැමෙහි හැඩයට සහ ඝනත්වයට වැඩිදුර පෙනුමක් එකතු කළ හැකි Semi permanent tattoo ක්‍රමයක්. ඉතාම සියුම් උපකරණයක් මගින් ඔබේ සමට වර්ණක එකතු කිරීම මගින් ඇහිබැමෙහි හැඩය වෙනස් කිරීමට මෙම ක්‍රමය භාවිතා කරනවා. ඔබේ අවශ්‍යතාවය පරිදි සිහින් , දිගු හෝ පිරුණු පෙනුමක් ඇති ඇහිබැමක් නිර්මාණය කර ගැනීමට මෙයට හැකියාව තියෙනවා.
Microblading එකක් කිරීමට පෙර ,
අප කලින් සඳහන් කළ පරිදි ඔබගේ අවශ්‍යතාවය අනුව microblading මඟින් ඔබේ ඇහිබැම සකස් කර ගැනීමට හැකියාව තිබුණත් එය ඔබේ මුහුණට සහ දෑස් වලට ගැලපෙන පරිදි , ඔබේ සමේ වර්ණයට ගැලපෙන වර්ණයක් සමග සිදු කළ යුතු වෙනවා. මේ සඳහා සුදුසුකම් ලත් පලපුරුදු ශිල්පියකුගේ උපදෙස් සහ සහාය ලබා ගැනීම අනිවාර්ය වන අතර එසේ නොවුණහොත් ඔබේ මුහුණට ඉතාම කෘතිම පෙනුමක් ලැබිය හැකියි. එම නිසා ඔබ තෝරා ගන්නා ශිල්පියා පිළිබඳව සැලකිලිමත් වීමත් අනිවාර්ය කාරණාවක්.
Microblading එකක් කරන්නේ කොහොමද ?
ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබේ ඇහි බැම සකස් කරන ආකාරය පිළිබඳව තීරණය කළ පසු මුලින්ම ඔබේ ඇහි බැම ඉතා හොඳින් පිරිසිදු කිරීම සිදු කරනවා.
ඉන් පසුව එම ප්‍රදේශය හිරිවැටීම සඳහා ආලේපයක් භාවිතා කරනවා.
හිරිවැටීම සිදුවූ පසු ඇහිබැම සකස් කිරීමට අවශ්‍ය ආකාරයට සමාන මිනුම් සහිතව එය ඇඳ ගැනීම සිදු කරනවා. මෙය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු කටයුත්තක් වන අතර එහිදී යම් ආකාරයකින් මිනුම් වැරදීමක් සිදු වුවහොත් Microblading එක අවසානයේදී ඔබේ ඇහි බැම අසමාන ලෙස දිස්වනවා.
අවශ්‍ය ආකාරයට ඇහි බැම ඇඳ ගැනීමෙන් පසුව අවශ්‍ය වර්ණක එකතු කරන ලද සියුම් උපකරණයක් මගින් Microblading ක්‍රියාවලිය ආරම්භ කරනවා. මෙය කෙටි වෙලාවක් ගත වන ක්‍රියාවලියක් වන අතර ඉතා ප්‍රවේසමෙන් සහ සියුම් ලෙස කළ යුතු වෙනවා. එයට හේතුව වන්නේ ඇහිබැමක ඇති ස්වාභාවික පෙනුම ලැබෙන ආකාරයට නිසි පරිදි එය කළ යුතු නිසායි.
මෙම ක්‍රියාවලිය තරමක් දුරට ටැටූ එකකට සමාන වන ක්‍රියාවලියක් වන නිසා ඔබේ ඇහිබැම සුවවීම සඳහා ක්‍රියාවලිය අවසානයේදී ආලේපයක් භාවිතා කිරීම සිදු කරනවා. එමගින් ඇහි බැම සුවවීම දින කිහිපයක් ඇතුළත සිදුවන අතර යොදන ලද වර්ණකය සාමාන්‍ය පැහැයට හැරී ඔබේ ඇහිබැමට ස්වභාවික පෙනුමක් එකතු කරනවා.
Microblading එකක් කිරීමෙන් පසුව ,
අදාළ ශිල්පියාගේ උපදෙස් පරිදි යම් කාල සීමාවකින් පසුව නැවතත් ඇහිබැම පිරවීම සඳහා යොමු විය යුතු අතර එය ඔබ ශිල්පියා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කළ යුතුයි.
Microblading එකක් කිරීමෙන් පසුව ඔබට නිතර ඔබේ ඇහිබැම ඇඳීමට අවශ්‍ය නොවන අතර මේකප් කිරීමකද වුවද එය විශාල පහසුවක් වනවා. කෙසේ වෙතත් තෙල් සහිත සම මත Microblading එකක් කළ පසු එහි ආයු කාලය තරමක් අඩුවන අතර එය නැවත පිරවීම පිළිබඳව ඔබ අදාළ ශිල්පියා සමග සාකච්ඡා කළ යුතු වනවා.