ඉස්සරට වඩා ලෝකය දැන් කුඩා වෙලා නිසා කෙනෙක්ගෙ ජීවිතය ගැන අපිට දැනගන්න තියෙන ඉඩකඩ හරිම පහසු එකක් බවට පත් වෙලා තියෙනවා. කෙනෙක් හොඳින් ඉන්නවද, මේ දවස්වල මොකද කරන්නෙ, මොකද එයාගෙ ජීවිතේ වෙන්නෙ කියන දේවල් ගැන අංශුමාත්ර දැනුමක් හරි ලබාගන්න අපිට මේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා හරිම පහසු කරලා තියෙනවා.
ඒ වගේම තමයි කෙනෙක්ගෙ අතුරුදහන් වීමත් මේ වගේ සමාජ මාධ්‍ය ඔස්සේ දැනගන්න එක මුලු ලෝකයකට අලුත් දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ලෝකෙ ප්‍රසිද්ධ මනුස්සයෙක් අතුරුදහන් වුණාම එයාට මොකද වුනේ කියලා දැනගන්න, විස්තර හොයන්න මේ නිසාම මිනිස්සු එකතු වෙනවා.
ඒ විදියට අතුරුදහන් වෙච්ච ටික්ටොක් තාරකාවක් තමයි Andrew Dawson කියලා කියන්නෙ. Andrew කියන්නෙ ටික්ටොක් හරහා එක එක විදියෙ අපි නොදන්න දේවල් ගැන අපූරු විස්තර අපිට කියලා දුන්න ටික්ටොක් තරුවක් කියලා කිව්වොත් හරි. හැබැයි දැනට අවුරුදු දෙකකට කලින්, කන්දක් උඩ යෝධයෙක් ඉන්න වීඩියෝ එකක් ටික්ටොක් වෙත මුදා හැරිය Andrew එකපාරම සමාජ මාධ්‍යවලින් අතුරුදහන් වෙලා ගියා.
ඒ කිසිම හේතුවක්, පැහැදිලි කිරීමක් නැතුව.
මේ කාලෙදි සමාජ මාධ්‍යවලින් මේ විදියට අතුරුදහන් වෙච්ච තවත් තරු කීපයක්ම ඉන්නවා. ඒ අතර ලෝක ප්‍රසිද්ධ Social Media Star කෙනෙක් වුණ Gabbie Hanna සහ Smaller Creator කෙනෙක් වෙච්ච Jenna Marbles ඉන්නවා. ඒ වගේම ඉතින් සමහර මිනිස්සුන්ට මේ විදියට එකපාර Social Media වලින් අතුරුදහන් වෙන්න සාධාරණ හේතු තියෙන්නත් පුලුවන්.
හැබැයි Andrew Dawson ගෙ කතාව වෙනස් වෙන්නෙ ඊට වඩා වෙන හේතුවක් හන්දා. 56000 කට වඩා Followers ලා උන්නු එයාගෙ TikTok එකේ, එයාගෙ රසිකයන්ට තමයි මේ Andrew ගෙ අතුරුදහන් වීම ගැන මුලින්ම ප්‍රශ්නයක් ඇති උනේ.
Andrew TikTok එකේ අන්තිමටම දාපු Video එක වෙන්නෙ අර කන්දක් උඩ යෝධයෙක් ඉන්න Video එක. ඒ 2022 මැයි මාසෙ. Andrew එයාගෙ TikTok Page එක පටන් ගත්තෙ 2021 අවුරුද්දෙ. අපි එදිනෙදා දකින සාමාන්‍ය ජීවිතේ ගෙවෙන විදිය ගැන වීඩීයෝ දාපු Andrew 2022 අවුරුද්දෙ ඉඳලා තමයි මේ අමුතු විදියෙ Content TikTok එකට දාන්න ගියේ.
ඒ විදියට තමයි Andrew Dawson සමාජ මාධ්‍ය වල සිදුවෙච්ච විශාලම අභිරහසක් වුනෙත්. අවුරුදු 34ක් වෙච්ච Andrew ජීවත් වුනේ කැනඩාවේ – බ්‍රිටිශ් කොලම්බියා වල. Andrew කියන්නෙ හොඳ රැකියාවක්, හොඳ යාලුවො, හොඳ පෙම්වතියක් වගේ හොඳ ජීවිතයක් තියෙන කෙනෙක් බව එයා Upload කරපු Content ඔස්සේ අපිට දකින්න ලැබුණා.
Andrew ගෙ ජීවිතේ අඳුරු පරිච්ජේදය පටන් ගන්නෙ මෙන්න මේ විදියට.
ඒ 2022 අප්‍රේල් මාසෙ 09 වෙනිදා. Andrew එයාගෙ යාලුවෙක් එක්ක ගමනක් යද්දි ටිකක් විතර අමුතු දෙයක් දකිනවා. ඒ කැනඩාවෙ ඇල්බේටාවල තියන කන්දක් මුදුනෙ Andrew දකිනවා අමුතු දෙයක්. කන්ද මුදුනෙ හිටියෙ යෝධයෙක්. Andrew දාපු TikTok Video එකේදිත් එයා Zoom කරලා පෙන්වද්දිත් එච්චර ලොකුවට පේන කෙනෙක් මනුස්සයෙක් වෙන්න බෑ කියලා Andrew කිව්වත් එයාගෙ යාලුවා නම් ඒක එච්චර ගාණකට අරගෙන නෑ කියලා තමයි ආරංචි වෙන්නෙ.
ඒ Video එකට ලෝකෙ පුරාම මිනිස්සුන්ගෙ අවධානය ලැබුණා. මිනිස්සු Comment කරා Andrew ට කියලා “ඒ කන්දා ලඟට ගිහින් ඒ ඇත්තටම මොකද්ද කියලා බලන්න” කියලා. Andrew ඒ නිසාම තමයි ඒ කන්ද ළඟට ගියේ. ඒ යන ගමනත් Andrew TikTok එකට දැම්මා. Andrew ගෙ යාලුවා නම් කීයටවත් මේ කතාව පිලිගත්තෙ නෑ. එයා කිව්වෙම ඒක කන්ද මුදුනෙ තියෙන මොකක් හරි කුළුණක් වෙන්න පුලුවන් කියලා. ඒත් Andrew දෙවන පාර එතනට යද්දි එතන ඒ කුළුන තිබුණෙ නෑ. ඒ නිසාම Andrew හිතුවා ඒ හිටියේ “යෝධයෙක්” කියලමයි.
එයා කන්ද වටේ ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවා. මිනිස්සු කිව්වා “ඔව් මේ කන්ද මුදුනෙ මොකක් හරි තියෙනවා, ඒත් ඒක මොකද්ද කියලා අපිට හිතාගන්න බැහැ” කියලා. මේ කතාව කියවෙන ප්‍රදේශයේ මිනිස්සු මීට අවුරුදු ගාණකට කලින් මේ කඳු ප්‍රදේශයෙදි Big Foot ලාව දැකලා තියෙන බවට කතා ගොඩකුත් පැතිරිලා තිබුනා නිසා Andrew හිතුවෙත් මේකත් එහෙම සිදුවීමක් වෙන්න පුලුවන් කියලා.
ගමේ මිනිස්සුන්ගෙන් පාර අහගත්ත Andrew මේ ගමන යන්න පටන්ගන්නවා තමන් ඒ දැක්කෙ මොකද්ද කියලා හොයාගන්න හිතාගෙන.
මෙතනදි කැනඩානු ඔත්තු සේවයක් වන CSIS එකෙන් Andrew ට කියනවා මේ ගමන යන්න බැහැ, මොකද ඒ පැත්තෙ පාරිසරික ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආපහු ගෙදර එන Andrew මේ කතාවත් TikTok එකට දාලා ආපහු දවසක ඒ ගමන යන්න පටන් ගන්නවා වගේම ඒ යන ගමනත් Record කරන්න පටන් ගන්නවා.
ඒ ගමනෙදි එයා තවත් අමුතු දේවල් කීපයක්ම Video කරලා තිබුනා. ඒ තමයි අහසෙ දකින්න ලැබුණ අමුතු යානාවක්. ඒක හරියට පිටසක්වල යානාවක් වගේ. ඒ වගේම තවත් අමුතු දෙයක් එයා දැක්ක. හෙලිකොප්ටර් දෙකකින් මොකක් හරි අරගෙන යනවා දැක්කම Andrew හිතනවා “මොකද්ද මෙතන වෙන්නෙ? “ කියලා. එදා හැන්දෑවෙදි එයාට ආයෙම කලින් දවසෙ එයාව නතර කරපු නිලධාරියව හමුවෙනවා කලින් දවසෙ හමුවුන තැනදිම.
එයා ආයෙ Andrew ට කියනවා “පාර වහලා තියෙන්නෙ” කියලා.
වාද කරන්න ගියේ නැති Andrew ආයෙ ගෙදර එනවා. ඒ නිලධාරියා කවුරු උනත් Andrew එයාව දැක්ක අන්තිම වතාව ඒක නෙවෙයි. ඒ Video එකෙන් පස්සෙ Andrew දවස් කීපයක්ම Video දැම්මෙ නෑ. එහෙම ඉඳපු Andrew ආයෙ එකපාර Video එකක් දැම්මෙ “කවුරුහරි මාව Follow කරනවා” කියලා.
ඒ ගැන කියලා එයා දාපු Video එකේ පෙනෙන්න තිබුනෙ අර කලින් නිලධාරියා ආපු වාහනේමයි. Andrew ගෙ ගෙදර ඉඳලා එයා බලන්න ගිය කන්ද ගොඩක් දුරයි. ඒ කියන්නෙ ඒ නිලධාරියා කන්ද තියෙන තැන ඉඳලා Andrew ව Follow කරලා තියෙනවා කියලා. මේක දැක්කම මිනිස්සු Andrew ගෙ Video එකට Comment කරලා තිබුනා “ඕක එච්චර හොඳ දෙයක් නෙවෙයි, ඕක දැන් නතර කරන්න,පරිස්සමෙන් ඉන්න” එහෙම කියලා.
හැබැයි කිසිම දේකට බය නැති Andrew තවදුරටත් බය නැතුව TikTok Video දානවා. ඒත් එකපාරම එයා Video දාන එක නතරවෙනවා.
හැමෝම හිතුවෙ අර නිලධාරියා අයිතිවෙන රහස් ඔත්තු සේවයෙන් Andrew ව Kidnap කරන්න ඇති කියලා. එහෙමත් නැත්තම් ඊටත් වඩා නරක දෙයක් වෙන්නැති කියලා.
සති තුනකට පස්සෙ Andrew Video එකක් දානවා Official Update කියලා. එයා කියනව එයා ටිකක් කාර්යබහුල වෙලා තමයි හිටියෙ ඒකයි Video දැම්මෙ නැත්තෙ කියලා. කලින් දාපු හැම Video එකක්ම මම හදලා දාපු බොරු ඒවා කියලා කියපු ඒ Video එක ගැන එයාගෙ ප්‍රේක්ශකයන්ට ලොකු සැකයක් මතුවෙනවා. ඒ වගේම ඒ Video එකේ Andrew ඉන්න විදිය, එයා එයාව රෙකෝඩ් කරලා තිබුන විදිය වගේ දේවල් එක්ක ඒ සැකය තව වැඩිවෙනවා.
මිනිස්සු හිතනවා මේක කවුරුහරි Andrew ට කියලා බලෙන් කරවගත්ත Video එකක් කියලා. ඊටත් දවස් ගාණකට පස්සෙ ආයෙ Video එකක් දාන්න Andrew කියනවා “ගොඩක් දේවල් වුනා, මට තවදුරටත් සද්ද නැතුව ඉන්න බෑ” කියලා. ඒ විදියට වෙච්ච හැමදේම කියන්න බලාපොරොත්තුවෙන් තමයි Andrew ඉඳලා තිබුණෙ.
Andrew ගෙ ඊලඟ Video එක නම් කරල තිබුනෙ Military විදියට. මුලින්ම Andrew දැක්කෙ කන්ද උඩ උන්නු යෝධයෙක්. ඉන් පස්සෙ පිටසක්වල යානා, හෙලිකොප්ටර්, රහස් ඔත්තු සපයන්නන්ගෙ ලුහු බැඳීම් වලට පස්සෙ එකපාරම යෝධයා උන්නු කන්ද උඩ ඉදිකිරීමක් ගොඩ නගලා තිබුනා හරියට එක රැයකින් කරපු දෙයක් වගේ.
අන්තර්ජාලයේ උන්නු තවත් ප්‍රසිද්ධ මිනිස්සු මේ ගැන කතාකරන්න ගත්තා. Andrew ට කට්ටිය ආරාධනා කරා ඒ ගැන කතාකරන්න එන්න කියලා. එහෙම කෙනෙක් තමයි Tony කියන්නෙ. Tony Andrew ගෙන් අහනවා “ඔයාගෙ යෝධයා ගැන කතාව ඇත්තක්ද?” කියලා. ඒකට Andrew Reply කරලා තිබුනෙ “ඒක සම්පූර්ණ බොරුවක්” කියලා.
TikTok Video දාන එක නතර කරාට Andrew එයාගෙ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් Facebook, Instagram දාන්න ගත්තා. එයාගෙ Followers ලා Comment කරල තිබුනා. සමහරු කිව්වෙ “අර කතාව ගැන හොයන්න යන්න” කියලා. තව සමහරු කිව්වා “මුකුත් හොයන්න යන්න එපා පරිස්සමෙන් ඉන්න” කියලා. මේ විදියට ටික දවසක් ගත වුනා. එහෙම ඉද්දි තමයි Andrew ගැන විස්තරයක් පත්තරේ පල වුනේ.
ඒ Andrew එක්ක කරපු සම්මුඛ සාකච්චාවක් නම් නෙවෙයි.
එහෙනම් මොකද්ද ඒ?
ඒ තමයි Andrew ගෙ මරණ දැන්වීම.
Andrew ගෙ මේ මරණය ඇත්තටම වුනේ කොහොමද? ඇත්තටම Andrew කන්ද උඩ දැක්කෙ යෝධයෙක්ද?
ඒ ප්‍රශ්නවලට අපිට උත්තර අහන්න වෙන්නෙ Andrew ගෙන්ම තමයි. ඉතින් ඔයාලා හිතන්නෙ මේ Andrew කිව්ව කතාව ඇත්තක් වෙන්න පුලුවන්ද?
ඒ ගැන හොයන්න මිනිස්සු සෑහෙන මහන්සි වුනා. Andrew ගිය මග ඔස්සේ ගියපු සහ Google Maps ඔස්සේ පරීක්ෂා කරපු මිනිස්සු දකිනවා මේ Andrew යෝධයෙක්ව දැක්ක කන්ද උඩ ඇත්තටම තියෙන්නෙ කුළුනක් කියන එක.
පලවෙනි දවසෙ දැක්ක දේ එයා දෙවනි දවසෙ නොදකින්නෙ එයා පාරෙ තව ඉස්සරහට, ඒ කියන්නෙ කන්ද කිට්ටුවට ඇවිත් තමයි දෙවනි Video එක කරන්නෙ. එතකොට කන්ද මුදුනෙ තියන කුළුණ පේන්නෙ නැති එක සාමාන්‍ය දෙයක්.
ඒ වගේම එයා දැකපු පිටසක්වල යානය ඇත්තටම පිටසක්වල යානයක් නෙවෙයි ගුවන් යානයක් ගියාට පස්සෙ අහසෙ ඉතුරුවෙන දුම් වලාවක් කියලා.
පරීක්ෂකයන්ට අනුව Andrew හෙලිකොප්ටර් එකක් විදියට දැකලා තියෙන්නෙ කඳු ප්‍රදේශ වලින් ගස් ඉවත් කරන ලොකු හෙලිකොප්ටර් වගේ යානයක්. ඒ වගේම Andrew දැක්ක ගොඩ නැගිල්ලත් තාම එතන තියෙනවා. ඒක 1964 හදපු ගොඩනැගිල්ලක්.
එතකොට Andrew කිව්වෙ බොරුවක්ද?
එහෙනම් ඇයි අර සලකුණක් නැති කාරෙක මොකද්ද? කවුද ඒ මනුස්සයා? එයා ඇයි Andrew පස්සෙ ආවෙ?
ඔයාලා මොකද හිතන්නෙ ඒ ගැන? Comment එකක් දාගෙන යන්නකො!
ReplyForwardAdd reaction |