ඇමේසන් වනයෙන් මතුවෙච්ච අලුත්ම සර්කස් එක බැලුවද?

Anaconda කියන්නෙ මං හිතන්නෙ මේ ආටිකල් එක කියවන හැමෝම වගේ බලලා තියෙන, ඇත්තටම බය හිතෙන හරිම ලස්සන Film series එකක්. ඇමේසන් වනාන්තරය සහ ගංගාව ආශ්‍රිතව ජීවත්වෙන මේ විශාල සර්ප කොට්ඨාසය ගැන කියවෙන අපූරු චිත්‍රපට මාලාව අනූව දශකයේ ඉපදිච්ච, දැන් වැඩිහිටි වයසෙ ඉන්න අයට නම් අලුත් නමක් නෙවෙයි.

ඉතින් අපි ඒ නිසාම හිතුවා 2024 අවුරුද්දෙ රිලීස් වෙච්ච අලුත්ම Anaconda Film එක ගැන ඔයාලා එක්ක විස්තර බෙදාගන්න ඕන කියලා.

2024 ආව අලුත්ම Anaconda චිත්‍රපටයේ ප්‍රධානම චරිත ටික රඟපාන්නෙ සර්කස් කණ්ඩායමක මිනිස්සු සෙට් එකක්. මෙයාලට සිද්ද වෙනවා ඇමේසන් කැලේ හරහා තායිලන්තයට යන්න. ඔය ගමන අතරමගදි මෙයාලා යන බෝට්ටූව කැඩිලා ගමනෙ ඉතුරු ටික පයින්, ගඟ දිගේ යන්න තමයි මෙයාට වෙන්නෙ. ඉතින් ඇමේසන් කියන්නෙ ලෝකෙ ලොකුම සර්ප කොටස වන Anaconda ලගෙ මහ ගෙවල් තියෙන පැත්ත බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඉතින් මොකද හිතන්නෙ මේ සර්කස් කණ්ඩායමට පුලුවන් වෙයිද ඔය Anaconda ලගෙ ගෙවල් පැත්තෙන් ගිහිල්ලා ජීවිතේ බේරගෙන තායිලන්තයට යන්න?

ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්න වගේම මෙන්න මේ ආටිකල් එක කියවන්නත් අමතක කරන්න එපා.

කතාව පටන්ගන්නෙ බෝට්ටුවක යන ගමනකින්. මේ බෝට්ටුව පදවන මනුස්සයා කියනවා මේ ගියාට යන්නෙ බොහොම භයානක ගමනක් බව. මොකද මේ බෝට්ටුව දැන් ගමන් කරමින් තියෙන්නෙ ලෝකෙ ඉන්න ලොකුම Anaconda ජීවත්වෙන පැත්තෙ කියලා තමයි එයා බෝට්ටූව ඉස්සරහට අරගෙන යන ගමන් කියන්නෙ.

හැබැයි ඒ මනුස්සය කියන කතාව මේ බෝට්ටුවෙ යන අයට නම් එච්චර ලොකු ගාණක් නෙවෙයි. මොකද එයාලා සර්පයො අල්ලගෙන එයාලව විකුනන කට්ටිය හන්දා. මෙයාලා Anaconda ව දකින්නෙත් තව එක සර්පයෙක් විදියට විතරයි.

කොහොමහරි මෙයාලා කැලෑවෙ ඇතුලට යන්න පුලුවන් තැනක් සෙට් උනාට පස්සෙ බෝට්ටුව නතර කරගන්නවා. මේ කණ්ඩායමේ නායකයා වෙන ජෙෆ් එයාගෙ එක ගෝලයෙක්ට කියනවා මෙතනින් කැලෑවෙ ඇතුලට ගිහින් බලමු කියලා. මේ අතරවාරෙ බෝට්ටුව පදවගෙන ආව මනුස්සයා කියනවා ආපහු මෙයාලව නගරයට එක්කරගෙන යන්න නම් එයාට වෙනම සල්ලි ඕන කියලා.

කොහොමහරි ජෙෆ් ඕක අහලා එයාගෙ අතේ තිබිච්ච සල්ලි වගයක් අර මනුස්සය අතට දානවා. හැබැයි මේ ජෙෆ් කියන්නෙ එච්චර හොඳ එක්කෙනෙක් නම් නෙවෙයි. ඒ මනුස්සය සල්ලි ටික ගන්න නැවෙද්දි ජෙෆ් එයාගෙ අතේ තිබිච්ච පිහියකින් ඒ මනුස්සයෙග් බෙල්ල කපලා ගඟට දානවා. ඕක දකින ජෙෆ්ගෙ ගෝලයො දෙන්න පවා මාරෙටම බය වෙනවා. කොහොමහරි ගෝලයො දෙන්නවත් කතා කරගෙන ජෙෆ් කැලෑව ඇතුලට යද්දි අපිට පේනව ගඟට දාපු අර මනුස්සයගෙ ඔලුව ලොකුම ලොකු Anaconda කෙනෙක් ඇවිල්ලා කාලා දානවා.

කොහොමහරි කැලෑව ඇතුලට යන ජෙෆ් සහ එයාගෙ ගෝලයො දෙන්නා නතරවෙන්නෙ කැලෑව ඇතුලෙ තිබිච්ච ලොකුම ලොකු සර්පයෙක් වගේ හදපු පිලිමයක් ලඟ. ඒ පිලිමෙ ලඟ ලොකුම ලොකු සර්පයෙක්ගෙ හැවක් තියෙනවා. ඕක දකින ජෙෆ්ට හිනාවකුත් යනවා මොකද මෙච්චර ලොකු සර්පයෙක් දඩයම් කරගන්න ලැබුනොත් ආයෙ කල්ල මරේ බව දන්න හන්දා.

කොහොමහරි ඔහොම කැලෑව ඇතුලෙ යද්දි ජෙෆ්ගෙ එක ගෝලයෙක්ගෙ කකුල ගිහින් ලී ගොඩක් අස්සෙ හිරවෙනවා. ලී ටික අස් කරලා බලද්දි මෙයාලා දකිනවා ඒ වල ඇතුලෙ එක එක වර්ගයේ, එක එක සයිස්වල සර්පයො මහ ගොඩක් ඉන්නවා. කොහොමහරි සර්පයො ටික දැකලා සතුටු වෙච්ච මේ දෙන්නා සර්පයො ටික බෑග් එකට එකතුකරගන්නවා. එක ගෝලයෙක් එහෙම එකතුකරගත්ත සර්පයො දාපු බෑග් එක අරගෙන බෝට්ටූව ලඟට එද්දි දකිනවා ජෙෆ් ඉස්සෙල්ලා මරලා දාපු බෝට්ටුවෙ අයිතිකාරයගෙ ඔලුව නැති ඇඟ කවුරුහරි ගිලල දානවා. ඕකට බයවෙලා දුවන්න යන මේ ගෝලයව ලොකුම ලොකු Anaconda කෙනෙක් ඇවිත් ගිලිනවා.

ඊටපස්සෙ අපිට පෙන්වන්නෙ අනිත් ගෝලයත් එකතු කරගත්ත සර්පයො දාගත්ත බෑග් එක උස්සගෙන කැලෑව අස්සෙන් එන එකක්. එකපාරටම එයාට ඇහෙනවා කැලෑව ඇතුලෙන් සද්දයක්. ඒ සද්දෙ තියන දිහාවට ඇවිදගෙන යන මේ මනුස්සයා දකිනවා ලොකුම ලොකු Anaconda කෙනෙක්ව. ඒ Anaconda ගෙ ඇඟ ඇතුලෙ අර බෝට්ටුව ලඟඳි ගිලලා දැම්මා මනුස්සයත් දකින්න ලැබෙනවා.

මේ මනුස්සයා ලඟට එන Anaconda මොකද්ද දන්නවද කරන්නෙ? මීට ටික වෙලාවකට කලින් කාලා දැම්ම අනිත් ගෝලයව වමාරලා මේ මනුස්සයවා ගිලලා දානවා.

මේ වෙලාවෙ මෙතනට ජෙෆ් එනවා. හැබයි මිනිහා තමන්ගෙ ගෝලයව බේරගන්න මුකුත් කරන්නෙ නෑ. සද්ද නැතුව Anaconda ඒ මනුස්සයව ගිලලා දාන එක ජෙෆ් බලාගෙන ඉන්නවා.

කොහොමහරි මේ වෙලාවෙ මේ කැලෑව ඇතුලෙ උන්නු හැම සතෙක්ම බයවෙලා කෑගහගෙන යනවා. පුදුමෙ කියන්නෙ මෙතන උන්නු Anaconda පවා ඒ සද්ද වලට බයවෙලා තමන්ගෙ ගොදුරත් අතෑරල දුවලා යනවා.

ඒ ඇයි කියලා ඔයාලා දන්නවද?

අන්න ඒක දැනගන්න නම් ඔයාලා මේ අලුතෙන්ම ආව Anaconda 2024 ෆිල්ම් එක බලන්නම ඕන. ඉතින් ඔයාලා මුලින්ම ආව Anaconda ෆිල්ම්ස් බලපු කෙනෙක් නම් මේ අලුතෙන්ම ආව ෆිල්ම් එකත් ඒ පරණ ෆිල්ම් වගේම හරිම අපූරු, බය හිතෙන එකක් බව කියන්න මං කැමතියි!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles