අවන් නැතුව හදන එග් පෆ් එකක රස බලමුද

පුංචි බඩගින්නක් එන වෙලාවට වැඩි වෙලාවක් වැය නොකර ගෙදරදීම හදාගන්න පුළුවන් කෙටි කෑමක් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියන්නයි smart lady අපි ඔන්න අද සූදානම් වෙන්නෙ.

අද අපි අවන් එකක් නැතුව වුනත් හදාගන්න පුළුවන් බිත්තර මැදිවුණු එග් පෆ් හදන්නෙ කොහොමද බලමු.

මුලින්ම අවශ්‍ය දේවල් සූදානම් කරගමුකෝ. 

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කෝප්ප 02 ක් 

ලුණු තේ හැඳි 01 ක් 

දියකරගත් බටර් මේස හැඳි 02 ක් 

වතුර

තෙල් මේස හැඳි 01 ක් 

සුදුරු තේ හැඳි ½ ක් 

කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 02 ක්

කුඩාවට කපාගත් ලොකු ලූණු ගෙඩියක්

කුඩාවට කපාගත් කරපිංචා කොළ 05 ක් 06 ක් පමණ

කහ කුඩු තේ හැඳි ¼ ක් 

අඹරාගත් සුදුලූණු, ඉඟුරු මිශ්‍රණයෙන් තේ හැඳි ½ ක් 

මිරිස් කුඩු තේ හැන්ඳක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක්

තෙල් මේස හැන්ඳක් සමඟ කලවම් කරගත් පිටි මේස හැඳි 02 ක මිශ්‍රණයක්

තම්බාගෙන දෙකට පලාගත් බිත්තර 03 ක් 

තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි, ලුණු කුඩු සහ දියකරගත් බටර් දමා හොඳින් කලවම් කරගන්න.

ඊළඟට එයට වතුර ටිකෙන් ටික එකතු කර කලවම් කරමින් අතේ සහ භාජනයේ නොඇලෙන මෘදු පිටි ගිලියක් සදාගන්න.

භාජනය වසා විනාඩි 20 ක් පමණ පසෙකින් තබාගන්න.

ඒ අතරතුර තවත් භාජනයක් ලිප තබා එයට තෙල් මේස හැඳි 01 ක් එකතු කර තෙල් රත්වන තුරු තබාගන්න. 

තෙල් රත්වූ විට සූදුරු, ඉඟුරු සුදූළූණු, අමු මිරිස්, කරපිංචා, ලූණු එකතු කර හොඳින් කලවම් කරගන්න.

කලවම් කරගත් ලූණු මිශ්‍රණය මැලවිගෙන එනවිට රස අනුව ලුණු, මිරිස් කුඩු, කහ කුඩු එකතු කර නැවත කලවම් කර විනාඩි 05 ක් පමණ හොඳින් තෙම්පරාදු කරගන්න.

විනාඩි 20 කට පසු පිටි බෝලය ඉවතට ගෙන නැවත විනාඩියක් පමණ අත්ගසා කුඩා බෝල 06 කට පමණ වෙන් කරගන්න.

වෙන් කරගත් බෝලය බැගින් තෙල් තැවරූ මතුපිටක තබා රෝලින් පින් එකක් හෝ වීදුරු බෝතලයක් ආධාරයෙන් හැකි තරම් තුනී රොටියක හැඩයට තුනී කරගන්න.

තුනීකර ගත් එක් පිටි රොටියක් උඩට සාදාගත් තෙල් සහ පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා හොඳින් තුනී කර ඒ මත තවත් පිටි රොටියක් තබන්න.

මෙලස පිටි රොටී අතරින් තෙල් සහ පිටි මිශ්‍රණය තවරා එක මත එක රොටී අතුරා ගන්න.

අතුරා ගත් රොටී වල වටේ කපා සමචතුරස්‍ර හැඩයට සකසා ගන්න.

කපාගත් ලොකු සමචතුරස්‍රය මැදින් කපා කුඩා කොටස් 04 කට වෙන්කර ගන්න. 

එක් කොටසක් ගෙන ඒ මත ලූණු තෙම්පරාදුවෙන් මේස හැන්දක් සහ බිත්තර මදයක් යටි පැත්ත හරවා තබාගන්න.

උඩම ඇති පිටි තට්ටුව මුලින්ම උඩට නවා බිත්තරය සහ ලූණු තෙම්පරාදුව ආවරණය කරගන්න.

ඉන්පසු ඉතිරි පිටි තට්ටු සියල්ලම එකට මුළු හතරෙන් පමණක් උඩට නවාගෙන බිත්තරයේ මැදට ගෙනඑන්න.

දැන් භාජනයක් ලිපතබා එයට තෙල් එකතු කරගෙන තෙල් රත්වන විට සාදාගත් egg puff තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැඳගන්න.

ඔන්න අපි අවන් නැතුව egg puff හදන් ඉවරයි.

සටහන – දුලානි නවෝද්‍යා  

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles