“අද පෝය. නිවාඩු දවස. අපි ඔක්කොමල අපේ පුංචි ගෙදර. උදේ ඉඳල පුතාල දූලගෙ තොරතෝංචියක් නැති කතා අහගෙන හිටිය. තුන්දෙනා කතා කරන්නෙ තරඟෙට. Workshop එකකට presentation එක හැදුවෙත් ඒව අහ අහ. එක්කෙනෙක් කරේ. අනෙකා උරහිසේ. දවල් පූල් එකේ ඉන්න ගමනුත් දූ නටනව. ඇය කැන්ඩියන් වගේම බැලේත් කරන නිසා අයියල කියන්නෙ ඇගෙ ස්ටයිල් එක “කැලේ” කියල. මම ඈ දිහා බලන් හිටිය. ඇයට සතුටුයි. ඒ අතර Ed sheeran ගෙ සිංදුවක් යනව. ඒ සිංදුවෙ පදවලට පරණ මතකයක් අලුත් වෙනව. මගෙ ඇස් දෙක පියවුණ..චූටි දූ මගෙ ඇස්පිය ඇරල ඇහැට එබෙනව…
“Never close your eyes Appachchi…You are my only Audience”
ඒ වචනවලට මං ගල්ගැහිල ගියා….
අවුරුදු හතේ පුංචි එකියකගෙ වචන හදවත පසාරු කරගෙන කිඳා බැස්සෙ ඊයම් බරුවක් වගෙයි…”
මේ කතාව අපි උපුටා ගත්තේ අපේ මේ දරුවන් ගැන කතාකරන වෛද්‍ය ලිපි මාලාවට විස්තර සපයන දන්ත සංරක්ෂණය පිලිබඳ විශේෂඥ වෛද්‍ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය දන්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දන්තජ ප්‍රීමියම් ඩෙන්ටල් චෙම්බර්ස්හි අධ්‍යක්ෂක ලක්මාල් කුලසේකර මහතා ලියූ ලිපියකින්.
අපි ගොඩක් වෙලාවට අහන දෙයක්නෙ මේ “අපි නම් දරුවො හදනවා, හරියට හදනවා” කියන එක. ඇත්තටම මොකද්ද මේ දරුවෙක් හදනවා කියන්නෙ කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමහරුන්ට අනුව නම් දරුවෙක් හදනවා කියන්නෙ දරුවෙක්ට උපත දෙන එක. තවත් සමහරුන්ට අනුව කන්න බොන්න දෙන එක. තව සමහරු හිතනව කන්න බොන්න දීලා ඉගෙන ගන්න උදව් වෙන එක කියල. ඔය වගේ දරුවෙක් හදනවා කියන කතාව එක එක අය දකින්නෙ එක එක විදියට.
ඇත්තටම දරුවෙක්ව හදනවා කියන කාර්ය්ය ඇතුලෙ දෙමව්පියන් විසින් කරන්න ඕන යුතුකම් සහ වගකීම් මොනවද කියන එක අපි පැහැදිලිවම දැනගෙන ඉන්න ඕන.
ලක්මාල් කුලසේකර වෛද්‍යතුමා කියනවා “දරුවෙක් හදනව නම් ඒ දරුවා දිහා බලාගෙන ඉන්න..ඒකා ලියන දේ කියවන්න…ඒකා නටද්දි අත්පුඩි ගහන්න…ඒකා සිංදු කියද්දි එකට කියන්න…ඒකාට ඕන වෙලාවට ලඟ ඉන්න…අත්පුඩි ගහන්න…තනිකම දැනෙන්න නොදී ඉන්න….
දකින හොඳ අගය කරන්න…
සැරවැර කරන එක අඩු කරන්න….
ගුටි නං දෙන්නම එපා…
මේ කාලෙ ආයෙ එන්නෙ නෑ….
ඇස් පියවුණාට පස්සෙ අඬල දොඩල වැඩක් නෑ….
එකාට ඉන්න එකම Audience එක ඔබ වෙන්න පුලුවන්…ඒ Audience එකේ ඉඳන් අත්පුඩි ගහන්න…ඔබ ඇය ගැන ඔහු ගැන ආඩම්බර වෙන බව කියන්න…දරුවෙකුට ඕන එච්චරයි…” කියලා.
අන්න ඒ නිසාමයි අද මේ ලිපියට අපි මාතෘකාව කරගන්න හිතුවෙ “දෙමව්පියන් කොහොමද දරුවන් වෙනුවෙන් Audience එකක් හදන්නෙ?” කියලා.
දරුවෙක් හදනවා කියන්නෙ මොකද්ද?
ඉස්සෙල්ලා කතා කරා වගේ දරුවෙක් හදනවා කියන්නෙ උපද්දවල, කන්න බොන්න දීල, උගන්නල අතෑරල දාන එක නෙවෙයි. දරුවන්ටත් එයාලගෙම කියල ජිවීතයක් තියෙනවා. එයාලටත් නිදහසක් තියෙන්න ඕන. හැබැයි මේ දරුවෙක්ව හදනවා කියන කාර්ය ඇතුලෙ දෙමව්පියන් විසින් අනිවාර්යෙන්ම කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා?
කෙනෙක්ට හිතෙන්න පුලුවන් “ඇත්තටම දරුවන්ට මොනවද ඕන?” කියල. වෛද්‍ය ලක්මාල් කුලසේකර මහතා කියනවා වගේ “එකාට ඉන්න එකම Audience එක ඔබ වෙන්න පුලුවන්…ඒ Audience එකේ ඉඳන් අත්පුඩි ගහන්න…ඔබ ඇය ගැන ඔහු ගැන ආඩම්බර වෙන බව කියන්න…දරුවෙකුට ඕන එච්චරයි”
දෙමව්පියන් දරුවා වෙනුවෙන් හොඳ ගමනක් සකස් කරලා දරුවන්ගෙ විශ්වාසය වර්ධනය කරන්නත්, දරුවන්ගෙ හැකියාවන් වැඩි කරන්නත් මග පෙන්වන්න ඕන. දරුවන්ගේ ගැටලු වලට සවන් දීලා, නෑයන්, ගුරුවරුන්ගෙන් සහ යාළුවෝගෙන් ගොඩනැගෙන සමාජ පරිසරයක් තුළ දරුවාට තේරුමක් ඇති මග පෙන්වීමක් ලබා දෙන දෙමව්පියන්ගෙන් වෙන්නම ඕන දෙයක්.
දරුවන්ගේ එදිනෙදා ජීවිතේ දෛනික ක්‍රියාකාරකම්වලට දෙමව්පියන් සහභාගි වෙන එකේ වෑදගත්කම මොකද්ද?
දරුවන්ගේ දෛනික ක්‍රියාකාරකම්වලට දෙමව්පියන්ට සම්බන්ධ වෙන්න පුලුවන් වෙන එකෙන් දරුවන්ගේ විශ්වාසයත් ආදරයත් වර්ධනය වෙන්න උපකාරී වෙනවා. උදාහරණයක් විදියට ගත්තම, පාඩම් කරන විට එකතු වෙලා උදව් කරන එකෙන්, ළමයි එක්ක එකතුවෙල පවුලෙ හැමෝම එකට කෑම ගන්න එකෙන් දරුවො එක්ක සෙල්ලම් කරනවා වගේ දේවල් වලින් ඒ මොහොතේදි ඔවුන්ට හිතන්නෙ, “අපි වැදගත්” කියලා. මේ නිසා, දරුවෙකුට තමන්ගේ ජීවිතේට ආදරය කරන්නත්, තමන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසයක් ගොඩනගන්නත් පුළුවන් වෙනවා.
“අපි මේ ළමයින්ගෙ පස්සෙන්ම ඉන්න ඕන. නැත්තන් මුකුත් හරියට කරගන්නෙ නෑ” මේ ගැන මොකද හිතන්නෙ?
ගොඩක් මව් දෙමව්පියන් කියන කතාවක් තමයිනෙ මේ “අපි මෙයාලගෙ පස්සෙන්ම ඉන්න ඕන” කියන එක. එක්තරා වයසක් වෙනකම් දරුවන්ගෙ පස්සෙන් ඉන්න අම්මල තාත්තලට සිදුවෙන එක ඇත්තක්. ඒත් ඇත්තටම දෙමව්පියන් ඒක වරදක් විදියට දකින්නෙ ඇයි? කරදරයක් කියලා හිතන්නෙ ඇයි?
දරුවන්ට උදව් කරන එක දෙමව්පියන්ගෙ පැත්තෙන් වෙන්න ඕන දෙයක් වුණත් දරුවන්ට සමහර තීරණ තනියෙන් ගන්න වගේම ඒ තිරණ අරගත්තයින් පස්සෙ ඒවයින් වෙන හොඳ හෝ නරක ප්‍රතිඵල තමන් විසින්ම විඳ දරාගන්නත් කියල දෙන එක ඉතාම වැදගත්.
දරුවන්ගෙ දක්ෂතා දෙමව්පියන්ට අඳුරගන්න බැරිනම් සහ ඒකට සහය දෙන්න බැරිනම් මොකද කරන්නෙ?
සමහර අම්මලා තාත්තල ඉන්න පුලුවන් තමන්ගෙ දරුවන්ගෙ දක්ශතාවයක් දැක්කත් ඒක තේරුම්ගන්න හැකියාවක් නැති හෝ ඒ වගේ දේකට උදව්වක් උපකාරයක් කරල දරුවෙක්ට ඉහලට යන්න අවස්තාවක් සලසල දෙන්න හැකියාවක් නැති.
මේ වගේ අවස්තාවක ඇත්තටම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කරන්න ඕන දේ මොකද්ද?
මේකේදී, යම් පුහුණුකරුවෙකුගෙන් හෝ දක්ෂතා පිළිබඳ විශේෂඥයෙකුගෙන් උපදෙස් ගන්න එක වැදගත්. උදාහරණයක් විදියට, දරුවෙකුට සංගීතයට හෝ ක්‍රීඩාවට දක්ශතාවයක් තියෙනවා නම්, ඒ හැකියාව නිවැරදි පුහුණු පථයක් හරහා දියුණුවට පත් කරන්න උදව්වක් දෙන්න අම්මලා තාත්තලට පුලුවන්කමක් තියෙනවා.
හැබැයි මෙතනදි දෙමව්පියන් විදියට හොඳින්ම මතක තියාගන්න ඕන දේ තමයි කිසිම වෙලාවක තමන්ට දරුවන්ගෙ දක්ශතා තේරුම් ගන්න බැරි උනා කියලා හෝ, ඒ දක්ශතා තමන් දරුවගෙන් බලාපොරොත්තු වෙච්ච දක්ශතා වලට වඩා වෙනස් වුනා කියලා ඒව නොදැක්කා වගේ ඉන්න එපා. ඒව මගෑරගන්න එපා. ඒ අවස්තාව ඔබට වගේම දරුවටත් ආයෙ නොඑන්න පුලුවන්. ඒ නිසා ඒ වෙලාවෙ දරුවන්ට දිය යුතු නිසි අවධානය දීලා දරුවන්ව අගයන්න වගේම, එයාලගෙ දක්ශත වැඩි දියුණු කරගන්න දරුවන්ට උදව් කරන්න.
Audience එකක් නම් හරි වැරදි දෙකම දකිනවනෙ. දරුවෙක්ට එයාගෙ දක්ශතාවයේ අඩුපාඩු කියන්න ඕන වයස මොකද්ද?
දරුවෙකුට තමන්ගේ හැකියාවන් පිළිබඳව හෝ අඩුපාඩු පිළිබඳව දැනුවත් කරන්න, ඒ වයසට ගැලපෙන ආකාරයට, සහයෝගී ලෙස කතා කරන්න ඕන බවත් අමතක කරන්න එපා. උදාහරණයක් විදියට, අවුරුදු 5-6 වයසින් පසු, සරලව අඩුපාඩුවක් දැක්කම “කොහොමද මේක මීට වඩා හොඳට කරන්න පුළුවන්?” කියලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒත්, දරුවෙකුගේ ආත්ම විශ්වාසය අඩු නොකරන්න ඕන කියන එක හොඳින් මතක තබාගන්න. කෙලින්ම “ඔයා මේකට දක්ෂ නෑ” කියනවා වගේ කතා කියල දරුවන්ට දිය යුතු අවධානය Negative එකක් කරන්නවත්, දරුවන්ගෙ ආත්ම විශ්වාසය අඩු කරන්නවත් කටයුතු කරන්න එපා.
දරුවෙක් වෙනුවෙන් audience එකක් හදන එකට පාසලෙන් වෙන්නඕනදේමොකද්ද?
දරුවෙකුගේ හැකියාවන්ට හා අධ්‍යාපනික වටිනාකමට ගැලපෙන ආකාරයේ, එයාගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න අවස්ථා දීම පාසලේ වගකීමක්. උදාහරණයක් විදියට, සංගීත ප්‍රසංග, ක්‍රීඩා උළෙල, විශේෂ ප්‍රදර්ශන වගේ අවස්ථා හදලා, දරුවන්ට එයාලගෙම audience එකක් හදාගන්න පියවර ගන්න පුළුවන්. මේ හරහා දරුවන්ට තමන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසයක් හොයාගන්නත්, ඒ හැකියාවන් තව වැඩි දියුණු කරගන්නත් උදව් උපකාර කරන්න පුලුවන්.
අවසාන වශයෙන්, අපිට තේරෙන්න ඕනෙ දරුවන්ගෙ හැකියාවන් දියුණුවට පත් කරගන්නත්, අඩුපාඩු හොඳ පැත්තට හරවන්නත්, ආදරයෙන් පුරවාලන්නත් මඟ පෙන්වන එක අපේ වගකීමක් කියලා. ඒත්, දරුවෙකුට අවසානයේ ලොකුවටම අවශ්‍ය මොකක්ද කියන එක මේ යුතුකම් වගකීම් අස්සෙ අපි අමතක කරන්න නරකයි.
ඒ තමයි ඔහුට, ඇයට, “මගේ අම්මා ගැන, තාත්තා ගැන මට ආඩම්බරයි” කියන හැඟීම තමයි ලොකුවටම හිතට දැනෙන්න ඕන. ඉතින් ඔයාගෙ දරුවව මුලින්ම අගයන්නා, එයාලගෙ දක්ශතා වර්ණනා කරන්න අමතක කරන්න එපා.
මොකද දරුවො ඇත්තටම අපෙන් බලාපොරොත්තු වෙන්නෙ එච්චරයි හන්දා!
ReplyForwardAdd reaction |