ලේසියෙන්ම ඩෝනට්ස් හදමු

ඔබත් ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිත බව ගැන හිතල එහෙමත් නැත්නම් විනෝදාංශයක් හෝ හිතට සතුටක් සැනසුමක් එන නිසා ගෙදරදිම ආහාර පිළියෙල කරගන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. 

Smart lady අපි හැම වෙලේම ඒ වගේ කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන් බොහොම රසවත් ලිපි අරන් එනව කියල ඔබ දන්නවනේ.

ඔන්න අදත් අපි අතරේ හරිම ජනප්‍රිය කෙටි කෑමක් වන ඩෝනට්ස් ගෙදරදීම හරිම ඉක්මණින් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

පුරුදු විදිහට මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරන් ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි කෝප්ප 03 ක් 

කිරි කෝප්ප ¾ ක් සහ මේස හැඳි 01 ක් 

බටර් කෝප්ප ¼ ක් 

කාමර උෂ්ණත්වයේ ඇති බිත්තර ගෙඩියක් 

සීනි කෝප්ප ¼ ක් 

ලුණු කුඩු තේ හැඳි ¾ ක් 

වියළි ඊස්ට් තේ හැඳි 01 ක් 

වැනිලා රසකාරක / එසන්ස් තේ හැඳි 01 ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම අපි මේ සියල්ලම හොඳින් කලවම් කරගන්න ඕන. ඒ සඳහා ඔබ භාවිතා කර අමුද්‍රව්‍ය සියල්ලම කාමර උෂ්ණත්වයේ පැවතීම වඩා හොඳ බවත් මෙහිදී මතක් කළ යුතුමයි. 

තරමක් විශාල භාජනයක් ගෙන එයට කිරි, බිත්තර, සීනි, ලුණු කුඩු, ඊස්ට්, වැනිලා එසන්ස් සහ බටර් එකතු කර සියල්ලම හොඳින් කලවම් කරගන්න ඕන. 

ඊළඟට මේ මිශ්‍රණයට පිටි දමා ලී හැන්ඳකින් නැවත හොඳින් කලවම් කරගන්න ඕන. 

දැන් මේ මිශ්‍රණය පිටි ටිකක් ඉහගත්ත පිරිසිදු මතුපිටකට දමා ඔබේ අත් හොඳින් සෝදා වේලාගෙන පිටි මිශ්‍රණය මෘදු, ඇදෙන සුළු සහ අතේ නොඇලෙන තත්වයට පත්වෙන තෙක් විනාඩි 10 ක් 12 ක් අතර කාලයක් හොඳින් අත්ගසා ගැනීම සිදුකරන්න ඕන. 

දැන් මේ පිටිගුලිය තරමක් තුනීකර විනාඩි 05 ක් පමණ වතුරේ පොඟවා වතුර මිරිකා ගත් රෙදි කැබැල්ලකින් වසා තබාගන්න ඕන. 

ඔබේ පිටි මිශ්‍රණය වියළී යාමට ඉඩ නොදෙන්න වගබලා ගැනීම අනිවාර්‍යයි. 

විනාඩි 05 කට පසු පැතලි මතුපිට මත සහ පිටි ගුලිය මත නැවත පිටි ටිකක් ඉසගෙන, අපි සාදාගත් පිටි ගුලිය ඒ මත තබා රෝලින් පින් එකක් ආධාරයෙන් අඟල් ½ ක් පමණ ඝනකමට තුනීකර ගන්න ඕන. 

ඊළඟට, ඩෝනට් කටර් එකක් හෝ ලොකු සහ කුඩා බෝතල් මූඩි 02 ක් ආධාරයෙන් ඩෝනට්ස් ටික කපා ප්‍රවේශමෙන් ඉවත් කරගෙන බටර් ආලේප කරගත් බේකින් තැටියක් මත අසුරා ගැනීම කළ යුතුයි. 

දැන් ප්ලාස්ටික් ආවරණයක් හෝ කලින් විදිහටම තෙත මිරිකාගත් රෙදි කැබැල්ලකින් මේ තැටිය සම්පූර්ණයෙන් වසා විනාඩි 50 ක් 60 ක් පමණ පිපෙන තෙක් තබාගන්න ඕන. 

පැයකට පමණ පසුව කලින් රත්කරගත් අවන් එකට ඩෝනට්ස් අඩංගු බේකින් තැටිය දමා ෆැරන්හයිට් 350 විනාඩි 13 ක් 15 ක් අතර කාලයක් රන්වන් පාට වනතුරු බේක් කරගන්න හෝ ගැඹුරු තෙලේ රන්වන් පාටවනතුරු බැදගන්න ඔබට පුළුවන්. 

කුඩුකරගත් සීනි 125 g ක්, කිරි මේස හැඳි 02 ක් සහ වැනිලා එසන්ස් තේ හැඳි 01 ක් එකතු කර හොඳින් කලවම් කරගත් ද්‍රාවණයක ඩෝනට් එකේ එක පැත්තක් ගිල්වා හෝ ඔබ කැමති ටොපින් එකක් සමඟ උණුවෙන්ම කන්න ඔන්න රසම රස ඩෝනට්ස් සූදානම්. 

හදල බලමු නේද? 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles