මියගියාට පස්සෙ තමන්ගෙ මරණයේ අබිරහස විසඳන්න Teresita Basa මරණයෙන් නැගිටලා ආවද?

ඒ 1977 පෙබරවාරි මාසෙ දවසක්. චිකාගො පොලිසිය හීටියෙ එයාලට වීසඳන්න ආව මිනීමැරුමක් සම්බන්ධයෙන් කිසිම දෙයක් හිතාගන්න බැරි තැනක හිරවෙලා. මිය ගිහින් තියෙන්නෙ මැදි වයසෙ උන්න healthcare worker කෙනෙක් වුණ Teresita Basa කියන කාන්තාව.

එයා වැඩ කලේ Edgewater hospital එකේ respiratory therapist කෙනෙක් විදියට. මිය ගිහින් තියෙන වෙලාවෙ Teresita ව හමුවෙන්නෙ නිරුවතින්, පපුවට ඇනපු මස් කපන පිහියකින් කල තුවාල එක්ක හිනි ගන්න මෙට්ටයක් උඩ පිච්චෙන්න දාලා එයාගෙ පහලොස්වන තට්ටුවෙ තියෙන අපාට්මන්ට් එකේදි.

පොලිසිය පවුලේ අය වගේම Teresita  ගෙ යාලුවො එක්ක සම්මුඛ සාකච්ඡා කරත්,  දශකයකට වඩා කාලෙකට කලින් පිලිපීනයේ ඉඳලා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙච්ච නිහඬ, හොඳින් උගත්, සංගීතයට ලැදි කාන්තාවක් වෙන Teresita ව මරන්න අවශ්‍ය උනේ කාටද කියන එක ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න පොලිසියට පුලුවන් වෙන්නෙ නෑ. හෝඩුවාවකට කියල දේකට තිබ්බෙ එයාගෙ ඩයරි එකක ලියල තිබුන “ A.S වෙනුවෙන් ටිකට් මිල දී ගන්න” කියන එක විතරයි. මාස හයක් ඒ විදියට ගෙවෙනවා. පොලිසිය හිතනව මේ කේස් එක කිසිම විදියකින් විසඳගන්න එයාලට පුලුවන් වෙන්නෙ නෑ කියලා.

එහෙම ඉද්දි තමයි පොලිසියට අමුතුම විදියෙ ඔත්තුවක් ලැබෙන්නෙ.

Teresita ගෙ අබිරහස් මරණය

ශල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය ජෝස් චුවා කිව්ව එජ්වෝටර් රෝහලේ ශ්වසන චිකිත්සකවරියක් ලෙස විදියට වැඩ කරපු එයාගෙ බිරිඳ රෙමීව මේ මිය ගිහින් ඉන්න තෙරේසිටා බාසා විසින් අවස්ථා තුනකදී “Possessed” කරලා තියෙනවා කියන එක. තමන්ගෙ බිරිඳට ආසාධිතව ඉද්දි ඇය මෝහයෙන් සිටින බවක් පේන්න තිබ්බ බවකුත්, බාසාගේ මව් භාෂාව වන ටගාලොග් භාෂාවෙන් කතා කරන බවකුත්, මෙන්න මෙතනදි වෛද්‍ය ජෝස් පොලිසියට කියනවා.

“වෛද්‍යතුමනි, මම ඔබෙන් උදව් ඉල්ලන්න කැමතියි” ඒක තමයි තෙරෙසිටාගෙ බාශාවෙන් රෙමීගෙ කටෙන් පිටවෙන පලවෙනි වචන මාලාව වෙන්නෙ. “මාව මරපු මිනිහා තාම නිදැල්ලේ” කියල තමන්ගෙ බිරිඳගෙ කටෙන් තෙරෙසිටා බාසා එහෙම කියද්දි වෛද්‍ය ජෝස්ට හිතාගන්න බැරිවෙනව මොකද්ද කරන්නෙ කියලා.

“එයාගෙ නම ඇහුවම මම ඇත්තටම මුලින් පුදුම උනා පස්සෙ බය උනා. එයා කිව්වෙ ‘අකෝයි [මම] තෙරේසිටා බාසා” කියල වෛද්‍ය ජෝස් පසුව තිබෙන නඩු විබාගයකදි කියනවා.. “නමුත් ඇය මට කිව්වා මට බය වෙන්න දෙයක් නැහැ කියලා. ඇය ඇත්තටම මගෙන් අයැද සිටියේ ඇගේ ඝාතනය විසඳීමට උදව් කරන ලෙසයි.” කියලත් එතනදි වෛද්‍යවරයා කියනව

වෛද්‍ය ජෝස් කිව්වේ බාසා තමන්ගෙ බිරිඳ වන රෙමීව මෝහනය කරගෙන ඉද්දි ඇලන් ෂෝවේරි නම් පුද්ගලයෙකු එයාව මරලා දැම්මා කියන එකත්, එයාග රූපවාහිනිය අලුත්වැඩියා කරාට පස්සෙ පිහියෙන් ඇනලා එයාව මරලා දාල පස්සේ එයාගෙ රත්තරන් බඩු අරගෙන පැනලා ගියා කියලා කිව්වා කියලා.

පුදුමයට කාරණයක් වෙන්නෙ, රහස් පරීක්ෂක ජෝසෆ් ස්ටචූලා සහ ලී එප්ලන් චුවාස්ේඑක ඇත්තක් විදියට භාරගන්න එක. ඇලන් ෂෝවේරිට “A.S” යන මුලකුරු තිබුනා වගේම, බාසාගේ දිනපොතේ ඒකත් ලියලා තිබුනා,

ඒත් දැන් බලද්දි මෙතන ඊට එහා ගිය දෙයක් තියෙනවා.

“මම බෙල්මොන්ට් ප්‍රදේශයේ ඉන්න  ගණිකාවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සමඟ කතා කරනවා” කියලා රහස් පරීක්ෂක ස්ටචුලා ඇඩම් සෙල්සර් විසින් රචිත Mysterious Chicago: History At Its Coolest නම් පොතේ කියනවා. “වෛද්‍යවරිය සහ චුවා මහත්මිය ඩොලර් 90,000 ක නිවසක ජීවත් වන උගත්, බුද්ධිමත් මිනිසුන්. මෙහෙම දෙයක් එහෙම මිනිස්සුන්ගෙන් අහන්න උන එකත් මට පුදුමයක්. මට මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා. මම ඔවුන් මට පැවසූ දේට සවන් දීලා ක්‍රියා කරේ ඒ නිසා.”

චුවා සහ බාසා දෙන්නම ශෝවරිව දැනගෙන හිටියා. ඔහු චුවා සහ බාසා යන දෙදෙනාම ශ්වසන චිකිත්සකයින් වූ එම රෝහලේම ශ්වසන තාක්ෂණවේදියෙකු ලෙස සේවය කරලා තියෙනවා. ශෝවරි සල්ලි ප්ත්තෙන් අමාරු තැනක හිටියා වගේම බාසා එයාට කියලා පොඩි පොඩි වැඩ කරගෙන නොමසුරුව මුදල් ලබා දෙමින් ඔහුට උදව් කරා.

රහස් පරීක්ෂකයන් ශෝවරිගෙ මහල් නිවාසයට යන්නෙ ඒ අනුව. ශෝවරි තමන්ගෙ ගැබිනි සහකරු යන්කා කල්මුක් එක්ක තමයි ඒ මහල් නිවාසයේ ඉන්නෙ. කල්මුක් ළඟ බසාට අයත් මුතු මුද්දක් සහ ජේඩ් පෙන්ඩන්ට් එකක් තිබෙන බව රහස් පරීක්ශකයන් සොයාගන්නෙ ඒ ගමනෙදි. පමාවෙච්ච නත්තල් තෑග්ගක් විදියට ෂෝවරි තමන්ට එම ස්වර්ණාභරණ ලබා දුන්නා කියල යන්කා රහස් පරික්ශකයන්ට කියනවා.

ෂෝවරි මුලින් බාසා ඝාතනය කිරීම ප්‍රතික්ෂේප කරත් පස්සෙ පොලිසියට අරගෙන ගිහින් දිගින් දිගටම ප්‍රශ්න කරද්දි ඔහු වෙච්ච දේ පාපොච්චාරණය කරනවා. තමන් බාසාගේ නිවසට ගොස් ඇයට පහර දී ස්වර්ණාභරණ සොරකම් කර පිටව යාමට පෙර ගිනි දල්වා ගත් බව ඔහු එතනදි කියනවා.

නමුත් පසුව ෂෝවරි සිය පාපොච්චාරණය ඉල්ලා අස්කර ගත්තේ, පාපොච්චාරණය කලෙ නැත්තම් එයාගෙ ගැබිනි සහකාරිය වුන යන්කාව අත්අඩංගුවට ගන්නා බවට පොලිසිය තර්ජනය කලා කියන ගමන්. ෂෝවරිගෙ නීතීඥ විලියම් ස්වෝනෝ මිනීමැරුම් චෝදනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලුවෙ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ චුවාස්ගේ විකාර කතාව විතරක් සාක්කි කරගෙන මිසක් වෙන කිසිම දෙයක් සාක්කි කරගෙන නෙවෙයි කියල කියන ගමන්.

“මගේ දැනුමට අනුව කිසිම දවසක අද්භූත දර්ශනයක් නිසා මිනිසෙක් අත්අඩංගුවට ගෙන නැහැ,” ස්වානෝ පැවසීය. “මිනී වළෙන් එන හඬකින් අපරාධකරුවෙකුගේ නම පොලිසියට මින්පෙර දන්වා නැහැ.”

ඒත් නඩු විභාගය ඉදිරියට යා යුතු බව විනිසුරුවරයා තීරණය කරනවා.

ඇලන් ෂෝවරි උසාවියෙදි මොකද කියන්නෙ?

මෙම නඩු විභාගයට විශාල ප්‍රචාරයක් ලැබෙනවා. “මිනීවලෙන් එන හඬ ඝාතකයව අල්ලගෙනද?” වග සිරස්තල එක්ක පත්තරේ එහෙමත් කතාව යනවා. ඒක අවසන් වූයේ වෙන්නෙ වැරදි නඩු විභාගයකින්, අවහිර වූ ජූරි සභාවක් එක්ක.

මාසයකට පස්සෙ, නව නඩු විභාගයක් ආරම්භ වන තෙක් බලා සිටින අතරතුර, ෂෝවරි හදිසියේම ඔහුගේ ආයාචනය වරදකරු බවට වෙනස් කරනවා. මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ ගිනි තැබීම් සම්බන්ධයෙන් ඔවුන් ඔහුට වසර 14 ක සිරදඬුවමක් නියම කරනවා.

ඒකියන්නෙ ඇත්තටම මිනීවලකින් නැගුන හඬක් හඬක් ඇත්ත වශයෙන්ම මිනිසෙක් සිරගෙට යැව්වාද, නැතහොත් මීට වඩා වෙනස් පැහැදිලි කිරීමක් මේ නඩු විභාගය සම්බන්ධයෙන් තියෙන්න හැකිද? කියන කතාව හැමෝගෙම හිත්වල ඉතුරු වෙනවා.

 Remy Chua සහ Showery එකට වැඩ කළා, ඒ නිසා Chua රෝහල හරහා ෂෝවේරි ගැන යම් චෝදනාවක් සොයා ගන්න ඇති. ඊට අමතරව, චුවාට ෂෝවරි ගැන අමනාපයක් ඇතිවෙන්න ඇති, මොකද ඔහු ඇයගේ කාර්යයේ ගුණාත්මකභාවය පිළිබඳව පැමිණිලි කර ඇති බව වාර්තා තියෙන නිසා.

Mysterious Chicago පත්තරේට අනුව ෂෝවරිගෙ නීතීඥයන් උසාවියේදී යෝජනා කිරීමට උත්සාහ කළේ චුවා සැබෑ මිනීමරුවා කියන එක. කොහොම උනත් රහස් පරීක්ෂක සෙල්සර් පවසන්නේ චුවා “සැබවින්ම සැකකරුවෙකු ලෙස කිසිවිටෙක නොසැලකූ” බව.

“අපි සියලු දෙනාම මරණයෙන් පසු ජීවිතය ගැන විශ්වාස කිරීමට කැමතියි,” ආචාර්ය චුවා පසුව ලිව්ව තමන්ගෙ පොතක එහෙම කියනවා. මෙම නඩුව නොවිසඳුණු අභිරහස් කථාංගයක ඇතුළත් වූ අතර පසුව 1996 දී Voice From The Grave නම් ටෙලි චිත්‍රපටයක් බවට පත් වෙනවා.

චිත්‍රපටයේ විධායක නිෂ්පාදක ජෝන් කොස්ග්‍රෝව් පැවසුවේ ඝාතනයෙන් සහ නඩු විභාගයෙන් පසු වසර කිහිපය තුළ චුවාගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව.

“ඇගේ ජීවිතයේ තවත් මානසික හෝ අද්භූත සිදුවීම් නොමැත,” ඔහු චිකාගෝ ට්‍රිබියුන් වෙත පැවසීය. “ඇය නිහඬ ජීවිතයක් ගත කරනවා”

ඒත් ඇත්තටම හිරේට ගිය ෂෝවරිද හැබෑ වැරදිකාරයා කියන කතාව ගොඩක් අයගෙ හිත්වල තාමත් ඉතුරුවෙලා තියෙනවා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles