“හොද නම් කලාට කම් නෑ…
මා නම් ප්‍රියේ තරහා නෑ…
හොද නම් කලාට කම් නෑ…
මා නම් ප්‍රියේ තරහා නෑ…
රුචිරානනී අහන්න..එකපාර මා මරන්න…
රුචිරානනී අහන්න..එකපාර මා මරන්න”
ආදරයේ නාමයෙන් මා මරන්න කියල කොච්චර කිව්වත් ආදරය කියන්නෙ කෙනෙක්ව මරන්න හේතුවෙන හැඟීමක් නෙවෙයි තව කෙනෙක්ව ජීවත් කරවන්න හේතුවෙන හැඟීමක් කියන එක බොහොමයක් ලියන්නො තමන්ගෙ නවකතා, කෙටිකතා, කවි සින්දු වල ලියනවා.
ඒත් ඒ සින්දු අහලා, ඒ කතා කියලව තමන් ආදරේ කරන කෙනා තමන්ගෙන් අයින් වෙච්ච තැන මරල පලිගන්න හිතපු මිනිස්සුන්ගෙ කතන්දර අපි ඕන තරම් අහල කියවල දැකලා බලල තියෙනවා. අද මේ ලියවෙන කතාවත් අන්න ඒ වගේම තව එක කතාවක්.
මහාලක්ශ්මිව අවසන් වරට බැංගලෝරයේ ඇගේ සේවා ස්ථානයේදී දැක්කෙ සැප්තැම්බර් 1 වන දින, ඇගේ කණ්ඩායම් ප්‍රධානියා සහ පෙම්වතා වන මුක්ති රන්ජන් රෝයි අවසන් වරට දුටු දවසේදීමයි. සති කිහිපයකට පසු, අසල්වැසියන් ඇගේ නිවසින් දුර්ගන්ධයක් එන බව වාර්තා කර ඇගේ ඥාතීන්ට දැනුම් දෙනවා. 29 හැවිරිදි මහාලක්ශ්මිගෙ අම්මා සැප්තැම්බර් 21 වෙනිදා මහාලක්ශ්මිව හොයාගෙන එයාගෙ ගෙදරට ආවට අම්මට දුවව හම්බුවෙන්නෙ නෑ. හැබැයි ඒ වෙනුවට මේ අම්මා දකිනව ඒ ගෙදර නාන කාමරේ බිම ලේ පිරිලා තියෙනව වගේම ගෙදර ෆ්‍රිජ් එකේ කෑලි වලට කපලා දාපු ශරීර කොටස්.
කලබල වෙන අම්මා පොලිසියට එන්න කියනවා. මහාලක්ශ්මිගෙ ශරීර කොටස් ශීතකරණයේ තිබිල හම්බුවෙනවා. මහාලක්ශ්මිගෙ පෙම්වතා මහාලක්ශ්මිව මරලා දාලා කෑලි 50කට වඩා කපලා තියෙනවා කියල පොලිසිය කියනවා.
ඒ අනුව තමයි පොලිසිය මහාලක්ශ්මිගෙ පෙම්වතා වන රෝයි ඉන්න ඔඩීශා ප්‍රාන්තය දිහාවට යන්නෙ. හැබැයි ඒ යද්දිත් හොඳටම පරක්කුයි. මහාලක්ශ්මිව මරලා දාපු රෝයි තමන්ගෙ ජීවිතෙත් නැති කරගන්න ඒ වෙද්දි තීරණය කරලා තියෙනව. ඔහුගේ සිරුර අසලින්, මහාලක්ෂ්මි සමඟ ඔහුගේ සම්බන්ධතාවය සහ ඔහුගේ පාපොච්චාරණය පිළිබඳ කම්පන සහගත තොරතුරු අඩංගු සියදිවි නසා ගැනීමේ සටහනක් පොලිසියට හමුවෙනවා.
සැප්තැම්බර් 2 සහ 3 යන දිනවල අතරමැදි රාත්‍රියේ ඇයව ගෙල සිර කළ බවට ඔහු සටහනේ පිළි අරගෙන තියෙනව. පසුදා උදෑසන වෙළඳපොළෙන් තියුණු ආයුධයක් මිලට අරගෙන ඇගේ සිරුර වැසිකිළියේ දමා කැබලිවලට කපා ශීතකරණයේ තියලා තියෙනවා. පසුව රෝයි වැසිකිළිය ඇසිඩ් වලින් පිරිසිදු කර පසුව තම බාල සහෝදරයා සමඟ ඔඩිෂා වෙත පලා ගිය බව එහි සඳහන් වෙනවා.
එම සටහනේ සඳහන් වූයේ මහාලක්ෂ්මිට රෝයි මරා දැමීමට අවශ්‍ය වූ බවත් තමන්ගෙසිරුර බැහැර කිරීම සඳහා කළු ගමන් මල්ලක් පවා මිලදී ගත්තා කියන එක. අහම්බෙන්, මහාලක්ෂ්මිගේ නිවස තුළ ශීතකරණය අසල කළු ගමන් මල්ලක් හමු වෙනවා.
“ඇගේ අභිප්‍රාය වූයේ මගේ සිරුර කැබලිවලට කපා, ගමන් මල්ලට දමා, මාව මරා දැමීමෙන් පසු ඒවා විසි කිරීමයි. මම ඇයව මරා නොදැමුවා නම්, මහාලක්ෂ්මි මාව මරා දමා මගේ සිරුර විසි කර දමනු ඇත. මම ආත්මාරක්ෂාව සඳහා ඇයව මරා දැමුවෙමි,” කියල රෝයි තමන්ගෙ සියදිවි නසාගන්න කලින් ලියපු සටහනේ සඳහන් කරලා තියෙනවා.
මුක්ති රන්ජන් රෝයිගේ සියදිවි නසාගැනීමේ සටහනට අනුව, මහාලක්ෂ්මි ඔහුට විවාහය සඳහා බලපෑම් කරලා තියෙනවා.
සටහනේ ඔහු චෝදනා කළේ මහාලක්ෂ්මි ඇගේ ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් වූ විට “මට පහර දුන්නා” කියලා.
“මහලක්ෂ්මිට රන් මාලයක් සහ රුපියල් ලක්ෂ 7ක් දුන්නත්, එයාගෙ විවාහයකට කරන බලපෑම එන්න එන්න වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ. ඒ වගේම එයා මට ගහන්නත් පෙළඹිලා තියෙනවා” කියලා මේ සටහනේ රෝයි කියනවා.
ත්‍රිපුරයේ සිට පැමිණි මහාලක්ෂ්මි, බැංගලෝරයේ ජනප්‍රිය සාප්පු සංකීර්ණයක තමයි රැකියාව කලේ. පොලිස් විමර්ශනයේදී හෙළි වූයේ ඇය ඒ වන විටත් විවාහ වී දරුවෙකු සිටි නමුත් වෙනම ජීවත් වුණ බව. රැකිවා ස්තානයෙදි තමයි මහාලක්ශ්මිට රෝයිව හම්බවෙලා තියෙන්නෙ.මුලින් යාලුකමක් විදියට පටන් අරගෙන ටික ටික කාලය එක්ක තමයි ඒ යාලුකම ප්‍රේමයක් බවට පත්වෙලා තියෙන්නෙ.
බැංගලෝරයේ වයලිකාවල් වෙළඳපොලේ ගෘහ අවශ්‍යතා සඳහා භාවිතා කරන කුඩා කටර් සාප්පුවක් පවත්වාගෙන යන කාන්තාවක් රෝයිගෙ ඡායාරූපය ඇයට පෙන්වූ විට ඔහුව හඳුනා ගත් බව පොලිසිය පවසනවා සහ ඒ අනුව මහලක්ශ්මිගෙ සිරුර කපන්න රෝයි භාවිතා කල පිහිය අරගත්තෙ එතනින් කියන එක ඒ අනුව ඔප්පු වුණා.
මෙම සිදුවීම කුප්‍රකට ශ්‍රද්ධා වෝකර් ඝාතන නඩුවට ඇති සමානකම් නිසා මාධ්‍යවල ලොකු ඉඩක් මේ පුවත වෙනුවෙන් වෙන්වෙලත් තියෙනවා.ඒ නඩුවෙදි වෙන්නෙ 27 හැවිරිදි වෝකර් ඇගේ සහකරු වන 29 හැවිරිදි ආෆ්තාබ් අමීන් විසින් මරා දාපු සිදුවීමක්. විත්තිකරු ඇගේ සිරුර කැබලි 35 කට කපා ශීතකරණයක් තුළ තබා 2022 දී දිල්ලියේ චතර්පූර් හි වනාන්තර ප්‍රදේශයකට දමා තියෙද්දි තමයි ඒ කේස් එක හොයාගන්න පුලුවන් වෙන්නෙ.