Bridgerton කියන්නෙ පසුගිය අවුරුදු කීපය ඇතුලත් ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකයෙත් ඉතාම ජනප්‍රියත්වයට පත්වෙච්ච අපූරු Netflix Tv Series එකක්. අතීත රාජකීය සම්ප්රදායේ ආදර කතාවලින් මිනිස්සුන්ව පිස්සු වට්ටපු Bridgerton කතා මාලාවේ spinoff එකක් විදියට මෙන්න මේ පස්සෙ ආව Queen Charlotte series එක හඳුන්වන්න පුලුවන්.
ඔයා Bridgerton බලලා ඒකට පිස්සු වැටුණනම් Queen Charlotte බලලා ඒ පිස්සුව ඩබල් කරගන්නව කියන එක අනිවාර්යෙන්ම කියන්න ඕන.හැබැයි මේ සීරීස් එක අපිට අරගෙන එන්නෙ ආදරේ ගැන කතාවක් විතරක්ම නෙවෙයි.ඒක වේදනාව, වගකීම සහ ශක්තිමත් වීම කියන කාරණා තුනම ගැන කතාවක්.ජීවිතේ කොච්චර දුශ්කර උනත් සමහර ගෑණු ඒ වගේ වෙලාවල්වලට පවා තමන්ගෙ හිත මාරම හයිය කරගන්නවා කියන එක ගැන ලියවිච්ච අපූරුම කතාවක්.
මෙම කතාව අපිට අරගෙන එන්නෙ චාලට් රැජිනගේ තරුණ කාලය ගැන.චාලට් රැජිණ ජෝර්ජ් රජු සමඟ විවාහ වූ ආකාරය, ඔවුන් ආදරයෙන් බැඳුණු ආකාරය, ඇය බොහෝ ගැටලුවලට මුහුණ දුන් නමුත් ශක්තිමත්ව සිටි ආකාරය ගැන හරිම අපූරු කතාවක් දහසක් ගෑණූ ළමයින්ට මේ අපූරු සීරිස් එකෙන් හරිම ලස්සනයට, සංයමයෙන් කියලා දෙනවා.
කාල රේඛා දෙකක කතාවක්
කතාව සිද්ද වෙන්නෙ timelines දෙකකදි. අතීත කතාවෙදි අපිට පෙන්වන්නෙ තරුණ චාලට් ජර්මනියේ ඉඳලා ජෝර්ජ් රජු සමඟ විවාහ වීමට එනවා. චාලට් ආගන්තුකයෙකු සමඟ විවාහ වීමට කැමති වෙන්නෙ නෑ. මුලින් එයා ඉන්නෙ නිකන් අතරමං වෙලා වගේ. හැබැයි අහඹු හමුවීමකින් පස්සෙ මේ දෙන්න අතරෙ හරිම ලස්සන ආදර කතාවක් පටන් ගන්නවා. ජෝර්ජ් රජතුමත් චාලට්ට ආදරේ කරනවා. හැබැයි මේ ජෝර්ජ් රජතුමා කියන්නෙ මානසික ආබාධ වලින් පෙලුන කෙනෙක්. හරිම හොඳයි ඒත් පොඩ්ඩක් අසනීප තත්ත්වයකින් තමයි එයා ඉන්නෙ.සමහර වෙලාවට ජෝර්ජ් රජතුමාගෙන් එලියට එන අමුතු ගති චාලට්ට දරාගන්න පුලුවන් වෙන්නෙ නෑ. ඒත් ආදරේ නාමයෙන් චාලට් දිගටම රජතුමා එක්ක රැඳිලා ඉන්නවා. කිසිම වෙලාවක එයා රජතුමාගෙ අත අතාරින්නෙ නෑ.
Bridgerton කතා මාලාවෙම එන ලස්සනම ආදර කතාව තියෙන්නෙ මෙන්න මේ දෙන්නට කියල හිතෙන තරම් ඒ ආදරේ හරිම ලස්සනයි කියලා කියන්නම ඕන.
අතීත කතාව එහෙම වෙද්දි වර්තමාන කතාවෙදි, වැඩිහිටි චාලට් රැජිනට ඕන වන්නේ එයාග දරුවන් විවාහ වී දරුවන් හදනවා දකින එක. මොකද රාජකීය පවුල ශක්තිමත්ව තබා ගැනීමට ඇයට අවශ්‍යයි. ඇය මුහුණ දුන් සියලු දුෂ්කර කාලයන් ඇයට මතකයි. Brdgerton කතා මාලාවෙ දකින්න ලැබෙන වයසට ගියත් හරිම ශක්තිමත් රැජිණව බිහිකලේ ඒ අපහසු අතීතය කියන එක මෙන්න මේ කතාවෙන් තමයි අපිට පෙන්නලා දෙන්නෙ.
පිස්සු හැදිච්ච රජෙක්ට ආදරේ කල ලස්සන රැජිණක්
චාලට් සහ ජෝර්ජ්ගේ ආදරය පරිපූර්ණ ආදරයක් කියල කිසිම වෙලාවක අපි කියන්නෙ නෑ. මොකඩ්ජ කිසිම ආදරයක් පරිපූර්ණයි කියල අපිට කියන්න බෑ. ජෝර්ජ් රජතුමාව හැමෝම දකින්නෙ පිස්සෙක් විදියට.ඒත් ජෝර්ජ් රජතුමා කියන්නෙ හරිම කරුණාවන්ත මනුස්සයෙක්. එයා තරු එක්ක කතා කරනවා, තමන්ගෙ ස්වාමි පුරුශයට ලෙඩක් තියෙනව කියල බයවෙනව වෙනුවට චාලට් රැජිණ කරන්නෙ රජතුමා එක්කම තරු වලට කතා කරන එක.
මුලු සීරීස් එකේම තියෙන හරිම ලස්සන, සංවේදී දර්ශනයක් තමයි ඒක. එතනදි ප්‍රේක්ශකයට පෙන්නුම් කරනවා හැබෑ ආදරේ කියන්නෙ අපි කෙනෙක්ව එයා විදියටම පිළීගන්න එක කියලා.
ජීවිතේ කොච්චර අමාරු උනත් චාලට් රැජිණ පලා යන්නෙ නෑ. එයා හැම දුශ්කර මොහොතකම පවා හයියට අල්ලගෙන ඉන්නවා. ඒ නිසාමයි එයා රැජිණක් වෙන්න සුදුසු කෙනෙක් වෙන්නෙ. රට වගේම එයා තමන්ගෙ පවුල් ජීවිතේ ගැන, දරුවො ගැන සහ සැමියා ගැනත් නිතරම හිතනවා. ජීවිතේ එක්ක සටන් කරනවා.
හිත හයිය ගෑණු
මේ සීරිස් එක ඇතුලෙ හයිලයිට් කරලා පෙන්නන එකම ගෑණු චරිතෙ චාලට් රැජින විතරක්ම නෙවෙයි. තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ කතාන්දර මේ කතාව ඇතුලෙ අහන්න දකින්න අපිට ඉඩ ලැබෙනවා. එක්කෙනෙක් තමයි තරුණ ලේඩි ඩැන්බරි. එයා බැඳලා ඉන්නෙ වයසක මනුස්සයෙක්ව.එයා ඉන්නෙ විවාහය ගැන සතුටෙන් නෙවෙයි. මුලින් දුකෙන් උන්නත් ඒ දුක මත්තෙ හිත හයිය කරගෙන ඉස්සරහට යන්න එයාට පුලුවන් වෙනවා.
එයා පස්සෙ එයාගෙ නිදහස හොයාගන්න කෙනෙක් වෙනවා. හැබෑ ආදරේ හොයාගන්න කෙනෙක් වෙනවා.අනෙක් කෙනා තමයි තරුණ වයලට්. පස්සෙ Brdgerton නිවසේ අම්මා බවට පත්වෙන්නෙ එයා. එයාට තියෙන්නෙ පුංචි ඒත් හරිම ආදරබර මිහිරි ජීවිතයක්.ලෝකෙ එයාලව දකින්නෙ වෙනම විදියකට උනාට මේ හැම ගෑණු කෙනෙක්ම තම තමන්ගෙ ජීවිත ඇතුලෙ පුදුමාකාර ප්‍රශ්නවලට මුහුන දෙනවා සහ තනියම ඒවට එරෙහිව සටන් කරනවා.
මේ ටීවී සීරිස් එක මිනිස්සුන්ගෙ වර්ණය සහ වර්ණ බේදයේ නැගීම සහ බිඳ වැටීම කියන දෙකම කතාකරනවා.මේ කතාවෙදි රජතුමා වර්ණවත් මිනිසුන්ට තනතුරු සහ ඉඩම් ලබා දෙනව. මෙය සමාජය වෙනස් කරන්න හේතු වෙන දෙයක් විදියට වගේම Great Experiment එකක් විදියටත් මේ කතාව හදපු මිනිස්සු හඳුන්වනවා. ඒක ඇත්ත ඉතිහාස කතාවක් නොවුනට අද කාලෙ ඉන්න මිනිස්සුන්ට සාධාරණ, සමානාත්මතාවය රජයන ලෝකයක් ගැන ලොකුම ලොකු වටින පණිවිඩයක් අරගෙන එන්න හේතු වෙනවා.
Bridgerton කතාවෙ වගේම මේ කතා මාලාවෙත් ඇඳුම් පැළඳුම්, කොණ්ඩා මෝස්තර, විශාල මාලිගා – සියල්ල හරිම ලස්සනයි. චාලට්ගේ ඇඳුම් ඇය වඩාත් බලවත් වන විට වෙනස් වෙනවා. Bridgerton කතාවෙ වගේම දැන් කාලෙ තියෙන සින්දු ඒ කාලෙට හරියන විදියට හදලා වයලින් වලින් එහෙම play කරද්දි අහන් ඉන්න හරිම ආසයි.
ඉතින් කිසිම වෙලාවක මේ Queen Charlotte කියන්නෙ තවත් එක ප්‍රේම කතාවක් කියල හිතන් බලන්න එපා. Queen Charlotte කතාවෙන් අපිට පෙන්නල දෙනවා ආදරේ ලබනව තරම්ම අමාරුයි කියල ආදරේ කරන එක. ඒ වගේම වේදනා කන්දකට මූන දෙන්න උනත් ආදරේ අත හරින්නෙ නැති ගෑණූ ගැන. ඉතින් වෙනසකටත් එක්ක බලන්න.
රාජකීය පෑනකින් ලියවෙච්ච වේදනාබර ආදර අන්දරයක් – Queen Charlotte!