මේ ඒ වසන්තයයි – 52

0
2931

පැහැසරා ඉසිනිව අස්වැසුවාය. සවස් වනතුරුම ඉසිනි උන්නේ යහනේ ගුලිවීගෙනය. නුරාන් ද කාමරය තුළට රිංගාගෙනම උන්නේය. දෙදෙනාම ආහාර ගත්තේ නැත. පැහැසරා වදෙන් පොරෙන් ඉසිනිට බත් කටක් කවා බෙහෙත් ලබා දුන්නායම්

වත්සලා නුරාන් ට ඇමතුමක් දී නිවෙසට පැමිණෙන විට සවස හතරයි තිහ වී තිබුණි. සාලයේ කෑම මේසය අසල හිඳගෙන දෙදෙනා ගිණුම පිළිබඳව සාකච්ඡා කරමින් උන් හ. වත්සලා උන්නේ මේ දින කිහිපය තිස්සේ දැනෙමින් තිබූ පරාජිත, කලබලකාරී වේදනාව ඉක්මදා යන අමන්දානන්ද හැඟීමක් එක්කය.

එහෙත්, පඩිපෙල බසිමින් පහලට පැමිනෙන්නේ කවුරුන්දැයි දුටු වත්සලාට දැනුණේ ව්ශාල විදුලි සැරයක් වැදී තමා එසවී පසෙකට විසිව ගිය බවය. වචන පැටලී ගියේය. නුරාන් ආපස්සට හැරී බැලුවේය. වත්සලාගේ  භීතියට පත්ව තිබු මුහුණ වටහා ගන්නට නොහැකිව මෙන් යළි ඕ දෙසද බැලුවාය. වත්සලාට දැනුණේ ව්ශාල විදුලි සැරයක් වැදී තමා එසවී පසෙකට විසිව ගිය බවය. වචන පැටලී ගියේය. නුරාන් ආපස්සට හැරී බැලුවේය. වත්සලාගේ  භීතියට පත්ව තිබු මුහුණ වටහා ගන්නට නොහැකිව මෙන් යළි ඕ දෙසද බැලුවාය.

ඉසිනි වත්සලාව දැන උන් නිසා ඕ ඇය සමඟ  සුහදව සිනාසුණාය. නුරාන් දෙස හෝ නොබලාම මේසය දෙස බලා මේසය පසෙක වූ යතුර ගත් ඕ මේසය පසු කලාය. නුරාන්‍ ඇය දෙස බලා උන්නේ යළි නැගෙන කෝපයෙනි. සැනින්

ඔහු පියවි සිහියට එළඹී යළි සාලය දෙස බලන විට ඉසිනි උන්නේ නැත. නුරාන් වහා අසුනෙන් නැගිට නිවසින් පිටතට ගියේ වත්සලාද කිසිත් නොසිතාම ඔහු පසු පස වැටෙද්දීය.

” තාරා… තාරා ඔහොම ඉන්නවා…”

නුරාන් අඩියට දෙකට පැන, මෝටර් රිය  අසල  උන් ඉසිනිගේ  උඩු බාහුවෙන්  අල්ලා ඕ තමා වෙත හරවා ගත්තේය. තමා සහ මෝටර් රිය අතරට සිර කරවා ගත්තේය. ඉසිනි ඔහුගෙන් මිදෙන්නට වෑයම කලේ ගේට්ටුව දෙසද බලමිනි.

” මොකක්ද තාරා මේ හිතුවක්කාරකම…”

නුරාන්  විමසුවේ හඬක් නොනැගෙන සේ පහත් ස්වරයකිනි. ඉසිනිගේ මුහුණටම එබීගෙනය. වත්සලා දොරෙන් අඩි කිහිපයක් පිටතට ආ තැන ගල්ව උන්නේ එම දසුන අදහා ගන්නට නොහැකිවය. මෙය මෙලෙසින් සිදු වන්නේ කෙලෙසදැයි ඇයට වැටහුනේ නැත.

”  ඇතුලට වෙලා ඉන්න ගිහින් ..  මං මේ වැඩේ ඉවර කරලා එන්නම්…”

ඉසිනි ගේ රත් පෑ බොඳවුණු  නෙත්   වලින් නිවෙන්නට ගත් නුරාන් කීවේ ඇය මදක් මුදවා, යතුර තමා අතට ගන්නට උත්සාහ කරමිනි. එහෙත්, ඉසිනි යතුර සහිත අත පිටුපසට  කරගෙන නුරාන් ගෙන් එය සඟවාගන්නට උත්සාහ කලාය.

” නාඩගම් නටන්නෙපා තාරා.. අර පිට මිනිස්සුත්  ඉන්නවා.. ම්ං ඒ කෙල්ලවයි ඩ්‍රයිවර්වයි  යවනවකල් ඉන්නවා පොඩ්ඩක්… ඊට පස්සේ ඕනි  නාඩගමක්  නටමු….”

“ඕන් නෑ.. මට ගෙදර යන්න දෙන්න…”

ඉසිනි අසීරුවෙන් වචන ගලපා ගත්තාය. තමා මේ තීරණ ගත යුතුය. එසේ නොවන් සියලු දෙනාගේ ජීවිත අළු වන්නේය.

“අනේ මේ තාරා… යන දේවාලේක යන්න ඉස්සෙල්ලා සනීප වෙලා ඉන්නවකෝ…”

“මට සනීපයි.. අනෙක් එක මට අසනීප වුනත්, ඔයාට මොකද ? යන්න කියලානේ කිව්වේ ඔයා… එන්න කියන වෙලාවට එන්නයි, යන්න කිව්වාම ආයේ යන්නයි … මට ආයේ බෑ මැරි මැරි ජීවත් වෙන්න … මං අවුරුදු පහක් ඇති වෙන්න විඳෙව්වා… ඔයාගෙ තරහ මම අද දැක්කා.. ඒ තරහව කොහොම කොහොම විදි වලින් මගේ ජීව්තේ උඩට වැටෙන්න පුලුවන් ද කියලත් මම දන්නවා …. අනෙක ., ඔයා තවම මගේ ජීව්තේ හැම අහු කොනක්ම දන්නේත් නෑ නුරාන්.. ඒ දැනගත්තට පස්සේ, ඔයාට ඔය ඉන්න මූඩ් එකේම ඉන්න වෙන්නේත් නෑ… සෝ ..ප්ලීස්.. ලෙට් මී ගෝ… මම පුලුවන් විදියට ජීවත් වෙන්නම්..බැරිම වුනොත් මැරෙනවා කියලා ඔප්ශන් එකකුත් තියෙනවානේ…..”

ඉසිනි නුරාන්ගේ සිර වීමෙන් තවත් මිදෙන්නට උත්සාහ කරමින් කීවාය. එහෙත්, ඉසිනි ගේ හැඟීම ඇය මෙහෙයවන දිශාව නුරාන් ක්‍රමයෙන් වටහා ගනිමින් උන්නේය. ජීවිතයේ ගෙවුණු වසර ගණනාවක්ම ගිනි පෙලෙලි වලින්ම බැට කෑ ඕ. හිතවත් කණාමැදිරි එළි පවා විපතක් ලෙසින් බැලීම සාධාරනය. තම කෝපය ඇය මත හෙලීම අසාධාරණය.

ඇයට සුවපත් වීම සඳහා අවැසි කාලය ඇයට ලබා දිය යුතුය. තමා කලබල වීමෙන් වන්නේ ඇය වඩ වඩා බිඳිමය.

” මට එවෙලේ තරහ ගියා තාරා.. හිතන්නකෝ කෙල්ල, ඔයා ඒ කියලා තිබ්බ කතාව… අපේ ගෙදර ඔක්කොමන්ලා ඔයාව තේරුම් අරගෙන, හරි ඉක්මනට මේකට ඇජෙස් වෙනකොට ඔයා එහහෙම කතාවක් කිව්වාම මගෙ ඔලුව පිස්සු වැටෙන එක අසාධාරනයිද තාරා?.. හරි .. හරි .. ගෙදර අය පැත්තකින් තියන්නකෝ..මේ නුරාන් ගැන එහෙම හිතුනේ කොහොමද කියලා ඉන්නවකෝ එකටම .. මං මෙච්චර බලාගෙන උන්නෙ පලිගන්න කියලා හිතෙන්නේ ඔය පපුවෙන්ද තාරා.. ඇත්තටම තට්ටු කරලා බලනවා එහෙම හිතෙනවාද කියලා…”

ඉසිනි එතෙක් වෙල දරදඬු කරගෙන උන් ගත ලෙහිල්ව යන්නට හැරියාය. ඕ නුරාන්ට යමක් පවසාගන්නට උත්සාහ කලාය.

” හරි .. අර ඔෆිස් එකේ ළමයාව යවලා ඉන්නද මම ?… පැය බාගෙක වැඩක් තියෙන්නේ .. රෑ වෙනකල් කතා කර ඉමු …”

නුරාන් ඉසිනිගේ හිසකේ සකසා , ඉන් පසුව දෑතින්ම අල්ලාගෙන ඇසුවේය. ඉසිනි හිස සැළුවාය.

“දෝණිව අල්ලගෙන සෙල්ලමක් දාන්න උඩට වෙලා .. එක්කෝ වත්තේ ඉන්න දෙන්නා එක්ක …”

ඉසිනි එයටද හිස සැළුවාය.

” මං ආදරෙයි කියන්නේ තාමත් ආදරෙයි තාරා… ඔයා ඔය හැමතිස්සේම ඇස් තෙත් කරගෙන ගොලු වෙන්නේ, ඔයත් මට තාමත් ආදරෙයි කියනෙක මට තේරෙනවා… ඒක අවතක්සේරු කරලා,  ඔයා මාව දාලා ගියා කියලාවත්, ඔය අරුණෝද එක්ක ජීවත් වුනා කියලාවත්, ඔයා මාව අමාරුම කාලෙක තනි කරා කියලාවත් මම හිතන්නේ නෑ.. ඔයා පල්ලා තාරා… මම දැන් සෑහෙන්නම දේවල් දිහා බලාගෙන ඉඳලා ජීවිතේ ඉගෙනගත්ත මිනිහෙක් ..”

ඉසිනි එයටද හිස සැලුවාය.

” ඉඹින්න හිතෙනවා තාරා.. ඒත් අර අතන බලාගෙන ඉන්න කෙල්ල මේ දවස් වල පට්ටම බ්‍රේක් අප් එකකින් ඩව්න් වෙලා ඉන්නේ.. ඒ නිසා මෙතන අපි රොමෑන්ටයිස් වෙන එක එයාට  රිදෙනවා.. මං ඔයාව අතාරිනවා..හොඳ ළමයා වගේ උඩට ගිහින් දෝණිව හොයාගන්න…”

ඉසිනි තෙත් නෙත් අතරින් එයටද හිස සැළුවාය. ඔහු මෙතරම් දයාර්ද්‍ර වන්නේ කෙලෙසද ?..

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here