අනුහස් තමන්ගෙන් වෙන් වෙන්න අවශ්‍ය බව කියලා එවලා තිබුන කෙටි පණිවිඩය දිහා දිව්‍යා බැලුවේ දහස් වෙනි වතාවට විතර.
” මට සමාවෙන්න මේක මෙහෙම එක පණිවිඩයකින් කියනවාට දිව්‍යා .. ඒත් මේක කියන්න මට වෙන විදියක් මතක් වෙන්නේ නෑ.. අනෙක් අතට, ඔයාව මුණ ගැහිලා මට මේක කියන්න තරම් හයියක් නෑ … දිව්‍යා මම රට යනවා… මාව අතාරින්න .. සදාකල්ම .. ආයේ කවදාවත් මං එනකල් බලාගෙන ඉන්න එපා දිව්‍යා..ප්ලීස් .. මාව තේරුම් අරගෙන ඔයා මූව් වෙන්න ….”
ඒ පණිවිඩයක පස්සේ දිව්‍යා අනුහස්ව අමතන්න කොයි තරම් උත්සාහ කලත්, අංකය තිබුණේ ක්‍රියා විරහිත කරලා. අනුහස්ගේ අක්කාගේ අංකයත් ක්‍රියා විරහිත කරලා තිබුනා. අනුහස්ගේ මිතුරන් කිව්වේ එකම කතාව.
“ඌ හදිසියේම රට යනවා කියලා ගෲප් එකට මැසේජ් කරලා තිබුනා.. ඉන් එහාට කිසි ම ආරංචියක් නෑ.. අම්මලා එක්කමයි ගිහින් තියෙන්නේ.. මෙහෙ ගෙවල් දොරවල් පවා විකුනලා දලා…”
දවස් තුන හතරක් මේ වේදනාව දරාගෙන උන්න දිව්‍යා අන්තිමේදි මහ හඬින් පුපුරලා ගියා. ගෙදර අය ඉස්සරහ කෑ ගහ ගහ ඇඬුවා.
” අනේ අම්මේ …. කොහොමද මට එහෙම කරන්නේ අනුහස් .. එකම එක වතාවක් එන්න කියන්නකෝ ..අනේ අයියේ .. එක වතාවක් එන්න කියන්නකෝ … පින්සිද්ද වේවී .. මට බෑ මේක දරාගන්න … මම එයාට යන්න නොදී ඉන්නම් ඉන් පස්සේ… හොයලා බලන්නකෝ .. අනේ එයා ගියපු රටක් ගැන විස්තරයක් හොයන්නකෝ .. මාව යවන්නකෝ එහෙට … අනේ අයියේ.. අනේ අක්කේ.. අයියාට කියන්නකෝ .. මට ඉන්න බෑ මෙහෙම .. මාව මැරිලා යාවි … අනේ අනුහස් .. එන්නකෝ .. එන්නකෝ ….”
දිව්‍යා දවසට දහ දොලොස් වතාව සිහිය නැතුව වැටුනා. ඇය රැකියාවට යන එක නැවතුනා.
” දිව්‍යා රිකවර් වෙනකල්, අපි එයාට මෙඩිකල් ඇපෲව් කලා.. හෙමින් සීරුවේ ගොඩ ගමු..”
ආයතනය පැත්තෙන් ආදරණීය දෑත් දිගු කෙරුණා. මාස අටක් ගෙවුනා. වෛද්‍ය උපදෙස් වගේම නිවසේ අයගේ සහයෝගය එක්කල දිව්‍යා යන්තමින් සැබෑ තත්වය වටහා ගනිමින් උන්නා.
නවවෙනි මාසෙදී ඇය ආයෙම රැකියාවට ගියා. හෙමි හෙමින් වැඩ කටයුතු වෙනුවෙන් අනුගත වුණා. ඒ වගේම හෙමි හෙමින් කාර්‍යබහුල වෙන විදි හොයා ගත්තා.
විටින් විට අනුහස් සිහි වෙන හැම වතාවකම කදුළු හංගගන්න පුරුදු වුනා.
” උඹට හිතෙන වෙලාවට අඬන්න දිව්‍යා…. ඔහොම කඳුලු හංගගත්තම උඹ පිපිරෙන්න පුලුවන්..”
ඇගේ මිතුරිය එහෙම වෙලාවට කිව්වා.
” මම අනුහස් නිසා ඇඬුවෙඔත් ඒ කඳුලු වල බරට එයාට දුක් විඳින්න වෙයි කියලා මට බයයි නිපුනි.. ඒ හින්දා මම අඬන්නේ නෑ.. මට අඬන්න බෑ…’
” අනේ මන්දා බං.. මට නම් ඔය ලව් සබ්ජෙක්ට් එක තේරෙන්නෙම නෑ .. උබ ඔච්චර ආදරේ නම්,…..”
නිපුනි හිතලාම කතාව නවත්තගත්තා.
” මම ආදරේ කලා වගේම එයත් ආදරේ කලා .. ඒත් මේ හිත් තියෙනවා නේද? ඒවා වෙනස් වෙන්න ගත්තම ඒක කිසිම විදියකින් නවත්තන්න බෑ… මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑනේ නිපුනි.. එහෙම එකේ ආදරයක් වුනත් එහෙමයි …. මට බෑ අනුහස් ගැන තරහ හිතන්න … එයා කොහේ හරි සතුටින් ඉන්න ඕනි…”
” හරි .. ඌ සතුටින් ඉන්න ඕනි .. ඉතින් උඹ සතුටින් ඉන්නෝනි නැද්ද දිව්‍යා….”
“ඉන්නෝනි … ඉන්නෝනි .. අනුහස් ඉන්න දිහාවක ඉඳන් එහෙම ප්‍රාර්තනා කරනවා ඇති … මම සතුටින් ඉන්නෝනි කියලා ..ඒත් තවම මට ඒ ප්‍රාර්තනා දරාගන්න තරම් හයියක් නෑ. “
නිපුනි තමන්ගේ මිතුරියව සෙනෙහසින් වැළඳගත්තා.
අහම්බෙන් අයියාගේ කාමරේට ගිය වෙලාවක අයියාගේ ජංගම දුරකතනය නාද වෙනවා ඇහුණු දිව්‍යා අයියාට ඒ ගැන කිව්වා.
” අයියේ.. කෝල් එකක් …”
අයියාගෙන් ප්‍රතිචාරයක් නොතිබුන නිසා දිව්‍යා නිකමට ඇමතුමට එබුනා.
” මගේ මල්ලී …”
ඇමතුම සඳහන් වෙලා තිබුනේ එහෙමයි. දිව්‍යාට එකපාරටම ඒ ආමන්ත්‍රණය හිතාගන්න බැරිව ගියා. දෙපාරක් නොහිතා ඇමතුමට පිළිතුරු දීලා නිහඬවම උන්නා.
” අයියේ … ට්‍රීට්මන්ට්ස් වල රිපෝර්ට් ආවා… දැනට කැස්සර් සෙල්ස් වන් පර්සන්ට් තියෙනවා කියන්නේ…ඊලඟ ට්‍රීට්මන්ට්ස් වලින් පස්සේ හැමදේම හරි යාවි කියලා ඩොක්ටර් කියනවා අයියේ .. අවුරුදු තිහකට ගැරන්ට් කරන්න පුලුවන් කියනවා.. මට දිව්‍යාව දෙන්න අයියේ .. අපි දෙන්නාට අවුරුදු තිහක් ඇති… හොඳටම ඇති…”
ඒ ඇහුන කට හඬ දිව්‍යාට අදහා ගන්න බැරුව ගියා. ඇහුන දේවල් සහ ඒ ඉල්ලීම අදහ ගන්න බැරුව ගියා. දිව්‍යා මහා හඬින් කෑ ගැහුවා. ජංගම දුරකතනය ගිලිහුනා.
” අයියේ… හෙලෝ… මොකද්ද වුනේ …දිව්‍යා නේද ඒ කෑ ගැහුවේ ?…”
අනුහස් ඇමතුම විසන්ධි කරලා ආයෙම ඇමතුමක් ගත්තා. දිව්‍යාගේ මහ සද්දේට මුලු ගෙදරම අය කාමරේට දුවගෙන ආවා. අයියා දිව්‍යාව වැලඳගත්තේ, ඇමතුමට පිළිතුරු දෙන ගමන්.
” අයියේ මොකක්ද වුනේ ?.. ඇයි ඒ දිව්‍යා කෑ ගැහුවේ?.. කෝ එයා.. ඇයි .. ඇයි ඔය එයා කෑ ගහන්නේ ?..”
” උඹ කලින් කෝල් කරාද ?..”
” ඔව් .. ඇයි ඇහුනේ නැද්ද… මම ට්‍රීට්මන්ට් ප්‍රොග්‍රෙස් එක කිව්වේ අයියේ …”
අයියාට වැටහුනේ දිව්‍යා ඇමතුමට සවන්දීලා බව.
” මං ගන්නම් … “
ඇමතුම විසන්ධි කලා.
අයියා දිව්‍යාව හිඳුවාගත්තා.
” මේ හැමදේම අපි දැනුවත්ව තමා වුනේ නංගී .. ඒත් අපේ කැමැත්තෙන් නෙවෙයි .. මම කිව්වේ මොන දේ වුනත්, ඒක ඔයාට කියලා ඉන්න, තීරණයක් ගන්නෙක ඔයාට බාර දෙන්න කියලා…. ඒත් ඌ කිව්වෙම ඌ කැන්සර් එකක් හැදිලා මැරෙනවා කියනෙක දරාගන්නවාට වඩා, ඌ ඔයාව දාලා ගියා කියනෙක දරාගන්න එක ඔයාට පහසු වෙයි කියලා .. ඒ නිසා ඌ ඒ වේදනාවල් තනියෙන් දරාගන්න තීරණය කරලයි රට ගියේ .. ඇත්තටම ඇමරිකා ගියා … වාසනාව ඔය දෙන්නගේ පැත්තේ නංගී … උගේ ට්‍රීට්මන්ට්ස් වල පොසිටිව්නස් තිබ්බා මුල ඉඳන්ම … “
දිව්‍යා කිසිම දෙයක් අදහා ගන්න බැරුව වගේ අහගෙන හිටියා. කඳුලු වැටෙන්නේ නැති ගානට ඇස් ගල් වෙලා තිබුනා.
” කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම් …”
එහා ගෙදරින් මහ හඬින් ගීතයක් ඇහුනා. දිව්‍යා ඇමරිකාවට ගුවන් ටිකට්පත් වල මිල ගනන් බලන්න අයියාගේ ජංගම දුරකතනය අතට ගත්තා.
ආදරේ කියන්නේ එච්චරට කැප කිරීමක් …………..
ReplyForwardAdd reaction |