හැම අවුරුද්දකම වගේ ලෝකෙ කොහෙ හරි තැනක පොඩි ළමයින්ව පැහැර ගැනීමක් සිද්ද වෙනවා. හැබැයි stereotypical kidnapping cases නම් අපිට එහෙම ලේසියෙන් අහන්න ලැබෙන්නෙ නෑ. මේ විදියට පැහැරගෙන යන දරුවන්ව දීර්ඝ කාලයක් වහල්බාවයේ තියාගෙන ඉන්නවා, සමහර වෙලාවට මරලා දානවා. වාර්තාවලට අනුව, අතුරුදහන් වූ දරුවන්ගෙන් සියයට 0.04 ක් පමණ දෙනාට අත්වෙන්නෙ ඒ වගේ ඉරණමක්. හරිම කලාතුරකින් දරුවෙක් තමයි බේරිලා එන්නේ. මේ අද අපි කියවෙන කතාවත් අන්න ඒ වගේ එක්ක.
Jeannette Tamayo ව මේ විදියට කිඩ්නැප් කරන්නෙ 2003 අවුරුද්දෙදි. හැබැයි වයස අවුරුදු 9ක දරුවෙක් එක්ක බලද්දි Jeannette Tamayo මේ සිදුවීමෙදි සාමාන්‍ය පොඩි දරුවෙන් react කරන විදියට වඩා වෙනස් විදියට ක්‍රියා කරපු නිසා එයාට තමන්ව පැහැර ගත්ත කෙනාගෙන් බේරිලා ඇවිත් ඒ කතාව අපිත් එක්ක කියන්න තරම් වාසනාවක් තිබ්බ කියන එක අපි විශ්වාස කරනවා.
ඒ 2003 අවුරුදු ජුනි මාසෙ හය වෙනිදා. Jeannette ඉස්කෝලේ ඇරිලා ගෙදර එන ගමන් තමයි හිටියෙ.ඒ අතරවාරයෙදි තමයි එයාව පැහැරගන්න බලාපොරොත්තුවෙන් එයාගෙ පස්සෙන් මනුස්සයෙක් එන්නෙ.ඒ මනුස්සයා Jeannette ගෙ පස්සෙන් එයාගෙ ගෙදර තියෙන කැලිෆෝනියාවල සැන් ජෝස් වෙනකම්ම එනව.ඒ සිදුවීමෙන් පස්සෙ Jeannette ගෙ අම්මයි සහෝදරයයි ගෙදර ආවම මේ මනුස්සයා ඒ දෙන්නට දරුණු විදියට පහර දීලා Jeannetteගෙ අත් දෙකට මාංචු දාලා තමන්ගෙ වාහනෙ පිටිපස්සෙ සීට් එකේ තිබ්බ පෙට්ටියක් අස්සට Jeannetteව දාලා හංගනවා.
දෙමව්පියන් පොලිසියට මේ සිදුවීම පැමිණිලි කරනවා. පොලිසිය සෝදිසි මෙහෙයුමක් අරඹනවා. පැහැරගැනීමක බලාපොරොත්තුව ඒ අල්ලගන්න කෙනාව මරා දමන එකනම් පැහැරගෙන පොඩි වෙලාවක් ඇතුලත ඒක කරන බව තමයි මේ ගැන experts ලා කියන්නෙ.කොහොමහරි ඒ වගේ දෙයක් මෙතනදි වෙන එකක් නෑ කියල බලාපොරොත්තුවෙන් අම්මලා දෙයියන්ගෙ දරුවව පරිස්සමෙන් ගෙනත් දෙන්න කියල ඉල්ලද්දි පොලිසිය දිගටම සෝදිසි මෙහෙයුම කරගෙන යනවා.
මේ අතරවාරෙ Jeannetteට කිඩ්නැප් කරපු මනුස්සයා Jeannetteව ගෙදරකට එක්කරගෙන ගිහින් ගෙදර උඩ තට්ටුවේ කාමරේක හිර කරලා තියෙනවා. ඒ වගේම මරලා දානවා කියල තර්ජනය කරන ගමන් මේ මනුස්සයා Jeannetteට කරදර එහෙමත් කරලා තියෙනවා දවස් දෙකක් විතර.
මම කොච්චර බය උනත් මම කිසි ගාණක් නෑ වගේ cool එකේ හිටියා” කියලා Jeannette පස්සෙ කාලෙක මේ සිද්දිය කියද්දි කියනව. “මට කීයටවත් එයා එක්ක ගහ බැණගෙන බේරිල එන්න බෑ කියල දන්න හන්දා මම ඔලුව කල්පනා කරලා වැඩ කරන්න හිතුවා” කියලත් Jeannette පස්සෙ කාලෙක කියනවා.
මොකද Jeannette විශ්වාස කරනව මෙතනින් බේරිලා යන්න නම් තමන් මේ මනුස්සයගෙ විශ්වාසෙ දිනාගන්න ඕන කියන එක. “ඝාතකයින් බොහෝ විට තමන්ගෙ වින්දිතයින්ව මනුස්සයින් නොවන අය ලෙස සලකයි,” නඩුව විභාග කළ සැන්ටා ක්ලාරා ප්‍රාන්ත නියෝජ්‍ය දිස්ත්‍රික් නීතිඥ මැට් බ්‍රේකර් පස්සෙ කාලෙක මේ ගැන අදහස් දක්වන්නෙ ඒ විදියට. ඒ නිසාම තමයි Jeannette තමන්ව කිඩ්නැප් කරගෙන ආව මනුස්සය එක්ක උනත් කතා බහ කරලා නෝමල් එකේ ඉන්න හදලා තියෙන්නෙ. හැබැයි කොච්චර කරත් තමන්ව පැහැරගෙන ඇවිත් කරදර කරපු මනුස්සයා එක්ක කතා කරන එක තමන්ට අමාරු උනා කියන එක Jeannette කියනවා. ඒත් බේරිලා යන්න උවමනා නම් අමාරුවෙන් උනත් ඒක කරන්න වෙන බව තමන් තේරුම්ගත්තා කියන එක වගේම අන්තිමේදිට් තමන්ට එයාගෙ විශ්වාසෙ දිනාගන්න පුලුවන් උනා කියන එකත් Jeannette කියනවා.
“මුලින් මට එයාට ගහගෙන ගහගනෙ යන්න උවමනා උනා. හැබැයි මං එයාට මනුස්සයෙක් විදියට සලකන්න ගත්තා. ඒකෙන් තමයි එයා මාව විශ්වාස කරන්න පටන් ගත්තෙ”

ඒ අනුව තමයි කිඩ්නැප් කරපු මනුස්සයා Jeannette ගෙ මාංචු ගලවලා එයාට ගේ ඇතුලෙ නිදහසේ ඇවිදින්න ඉඩ දීලා තිබුනෙ.ටිකෙන් ටික එයා එක්ක විශ්වාසෙ ගොඩ නගා ගන්න ගමන් Jeannette තමන්ගෙ අනාගත බලාපොරොත්තු, තමන් තමන්ගෙ පවුලට කොච්චර ආදරේද කියන එක කිඩ්නැප් කරපු මනුස්සය එක්ක කියනවා. ඒ වගේම මේ මනුස්සයා Jeannetteට ටීවි එක බලන්නත් දෙනවා.
අන්න එතනදි තමයි Jeannette දැකගන්නෙ මේ කාලෙ වෙද්දි මේ පලාතෙ මිනිස්සුන්ට ඇදුම තියෙනවද කියල චෙක් කරනවා කියන එක. ඒ අනුව Jeannette තීරණය කරනවා තමන්ට ඇදුම තියෙනවා කියල තමන්ගෙ කිඩ්නැපර්ට කියන්න. තමන්ගෙ බෙහෙත් නැතුව තමන් මැරෙන්න උනත් ඉඩ තියෙනව කියන එක එයා කිඩ්නැප් කරපු මනුස්සයට කියනවා.
Jeannetteව කිඩ්නැප් කරපු මනුස්සයගෙ හිත වෙනස් උනේ එයා කිව්ව මේ ඇදුම කතාවද කියන එක මේ කේස් එක handle කරපු අයට හිතාගන්න බැරි උනාට ඒ කතාවෙන් පස්සෙ තමයි ඒ මනුස්සයා Jeannetteට යන්න ඉඩ ඇරලා තියෙන්නෙ. එයා කරලා තියෙන්නෙ පාරක කෙලවරකට Jeannetteට ගෙනත් අත ඇරලා දාලා යන එක.
පොලිසිය Jeannetteව වෛද්‍ය ප්‍රතිකාර වලට එක්කරගෙන යන්නෙ එයාව එහෙම පාරෙ ඉඳලා හොයාගත්තයින් පස්සෙ. ඒකෙන් පස්සෙ Jeannetteට ආයෙමත් තමන්ගෙ පවුලෙ අය එක්ක එකතුවෙන්න ඉඩ හම්බුවෙනවා. හැබැයි එතනින් Jeannetteගෙ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ.
වෙච්ච හැමදේම නිසා Jeannette ඉන්නෙ මානසිකව ලොකු බලපෑමකට ලක්වෙලා. ඒ වෙනුවෙන් එයාට ප්‍රතිකාර වලට යන්න සිදු වෙනවා. ඒ වගේම එයාව පැහැරගෙන ගිය ඒ වෙද්දි වයස අවුරුදු 26ක් වෙච්ච David Montiel Cruz, පැනලා යන්න ලෑස්තිවෙලා ඉද්දි අල්ලගන්නත් පොලිසියට පුලුවන් වෙනවා.
Jeannette ගෙ අධිකරණ සාක්ෂිය ඔහුට වරදකරු කරන්න හේතු වෙනවා. ඒ සාක්ෂි එක්ක David Montiel Cruzට අවුරුදු සීයකට වැඩි සිර දඬුවමක් හිමි වෙනවා.
ReplyForwardAdd reaction |