ඔබෙ ආදරෙන් මා දැවේ – 48

0
1191

“ජනප්‍රිය ගායක මලිත් මංචනායක සියදිවි නසාගනී. මරණය අබිරහසක් ද?”

“මැරෙන්න මොහොතකට කළින් මලිත් වයිෆ්ට කෝල් කරලා කිව්වෙ මොනවද?” 

“මලිත් සුයිසයිඩ් කරගන්න ගමන් ටික්ටොක් අප්ලෝඩ් කරපු වීඩියෝ එක බලන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න”

“මරණයට හේතුව දික්කසාදයද? බිරිඳගේ වෙනත් ඇසුරක්ද?” කියමින් සමාජ මාධ්‍ය කළඹන්නට හේතු වුණ පෝස්ට් නිසාවෙන්ම ජාන්විට ගෙවන්නට උනේ ලේසි පාසු ජීවිතයක් නොවන බව කිව යුතුමය.

“මලිතුයි මමයි සෑහෙන දවසකින් කතා කරලා තිබ්බෙත් නෑ. මමයි ඇත්තටම ඩිවෝස් එක ගන්න මුල් උනේ. එයා අර සිංදුවක් හදලා මං එයාව දාලා ගියා කියලා කිව්වට, ඒ දාලා ගියපු හේතුව එයාට ඔය මේධාංගනී කියන ලේඩි එක්කයි තව ගොඩක් අය එක්කයි තිබුන වෙන වෙන අෆෙයාර්ස්. ඒ ගොඩක් ඒවා ටෙම්පරි ඒව උනාට මේධාංගනී එක්ක තිබුන රිලේශන්ශිප් එක සෑහෙන දුර දිග ගිය එකක් බව මම දැනගත්තෙත් අරා මේධාංගනී එක්ක තිබිච්ච වීඩියෝ එක ලීක් උනාම. ඒ වීඩියෝ එකේ ඉන්න වෙන කවුරුවත් නෙවෙයි මලිත්.

මම දන්නෙ නෑ මලිත් ඇත්තටම සුයිසයිඩ් කරගත්තෙ ඇයි කියන එකවත්, එයා මේධාංගනී එක්ක ඉන්න වීඩියෝ එකක් ලීක් කරගත්තෙ කියන එකවත්. මොකද එයා සැහෙන එයාගෙ ස්ටේට්ස් එක ගැන හිතුව කෙනෙක්. එයා කිසිම වෙලාවක ඒ ස්ටේටස් එකට ප්‍රශ්නයක් ඇති කරගන්න කැමති වෙච්ච කෙනෙක් නෙවෙයි. මම ඔය ඔක්කොම දේවල් හන්දා ඩිවෝස් එක දැම්මමත් එයා ටක් ගාලා අරහෙම වීඩියෝ එකක් එළියට දැම්මෙ ඩිවෝස් එක එයාගෙ ස්ටේටස් එකට ප්‍රශ්නයක් වෙයි කියලා සහ මම එයාව ඩිවෝස් කරන ඇත්ත හේතුව සමාජෙට කියාවි කියන බයට.

එයා හැමදේටම වඩා ප්‍රයොරිටි එක දුන්නෙ එයාගෙ මියුසික් කරියර් එකට. මම ඇත්තටම දන්නෙ නෑ එයා මෙහෙම තීරණයක් ගත්තෙ ඇයි කියලා. ඒත් ඒ ඩිසිශන් එකට මගෙන් කිසිම බලපෑමක් උනේ නෑ කියලා මට හොඳටම විශ්වාසයි” කියා ජාන්වි විසින් පොලිසියට දෙන ලද කට උත්තරය කුමක් හෝ අයුරකින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නට කවුරුන් හෝ අනවසරයෙන් කටයුතු කර තිබුණ එකම මෙතෙක් දිනක් ජාන්වි දිහා සැකසහිත ඇසකින් බැලූ සියලුම දෙනාගේ විශන් එක ජාන්වි සිට මලිත්වෙතත් මේධාංගනී වෙතත් යොමු කරන්නට හේතු වී තිබුණි.

ඒ අතරතුරේම පිරිසක් උන්නේ මලිත් ගේ අම්මා විසින් කඳුළු සලමින්, මලිත්ගේ මරණය ගැන අසන්නට නිවසට ආ වාර්තාකරුවන්ට කියන ලද කතන්දරය උලුප්පා දක්වමින් අම්මා කෙනෙකුගේ ආදරයත් බිරිඳකගේ ආදරයත් කිරා මැන බලමිනි.

“ජාන්වි දැන් මොනවා කිව්වත් මට මගෙ දරුවා නැතිවෙලා ඉවරයි.ආයෙ කවදාවත් මට මගෙ දරුවා ලැබෙන්නෙ නෑ. මට අහන්න තියෙන එකම දේ ජාන්විට තව පොඩ්ඩක් හිතන්න තිබ්බෙ නැද්ද කියලා මේ තීරණේ ගන්න කලින්? මිනිස්සු වැරදි කරනවා. කසාද ඇතුලෙ ප්‍රශ්න වෙනවා. ඒත් ඒව හදාගන්න බැරි ප්‍රශ්න නෙවෙයිනෙ. දික්කසාද වෙන එකම නෙවෙයි කසාදයක් අස්සෙ එන හැම ප්‍රශ්නෙටම උත්තරේ කියලා මම ඒ ළමයගෙ දෙපතුල් ලඟට ගිහින් කිව්ව වාර අනන්තයි. ඒත් ඇහුවෙ නෑ. අන්තිමේ උනේ මට මගෙ දරුවා නැතිවෙච්ච එක විතරයි.

දැන් බොරුවට මෙතන ඇවිල්ලා වයිෆ් කියලා පෙනී ඉන්න ගමන් මගෙ දරුවා ගැන කොච්චර කැත කතා කියනවද එයා ඉන්ටවිව් වලට? මේවයි ඇත්ත නැත්ත දන්නෙ මගෙ දරුවා විතරයි. ඒ දරුවත් දැන් මේ ලෝකෙ නෑ. එහෙම එකේ එක පැත්තකින් විතරක් කතාව අහලා අනේ දෙයියනේ මගෙ මැරිච්ච දරුවට අපහාස කරන්න එපා.

අම්මා කෙනෙක් විදියට මම මේ ඉල්ලන්නේ. මගෙ දරුවට අපහාස කරන්න එපා” කියමින් චිත්‍රා විසින් අඬ අඬා කියන ලද වීඩියෝව තිබුණේ වයිරල් යමිනි. තවමත් නීත්‍යානුකුලව දික්කසාද වී නොමැති නිසාවෙන් මලිත් ගේ මෘත ශරීරය භාරගන්නට මෙන්ම මරණ සහතිකය ලබාගන්නා ආදී සියලුම වැඩ කටයුතු සඳහා ඉස්සරහට යන්න උනේ ජාන්විට ය. 

“මලිත්ගෙ ෆියුනරල් එකේ වැඩ කටයුතු වලට මට යන්න වෙන එකට ඔයාට අවුලක් නෑ නේද?” කියා ජාන්වි තුරුණුගෙන් විමසුවේ මේ සියල්ල තමන්ට තරමටම තුරුණුටද දරාගන්නට අපහසු බව දැන උන් හින්දාමය.

“අනේ නෑ ඔයා එහෙම කරන්නෝනනෙ නේද? මොක උනත් ඒ නැතිවෙලා ඉන්නෙ ඔයාගෙ හස්බන්ඩ් නෙ ජාන්වි” කියා තුරුණු සිනාවෙමින් කිව්වද ඒ සිනාවත් වචනත් පිටිපස්සේ කුමක් හෝ සඟවන ලද හැඟීමක් තිබෙන බව සිත අවුල් වියවුල් වී තිබුන ඒ මොහොතේ පවා ජාන්විට තේරුම් ගියාය. ඒත් “මේ ඒක ගැන අහන්න වෙලාව නෙවෙයි” කියා මොලය විසින් දුන් පණිවිඩය නිසාවෙන්ම ජාන්වි තුරුණුගෙන් ඒ ගැන එවෙලේ විමසන්නට කටයුතු කරේ නැත. 

මරණයේ වැඩ කටයුතු අතරවාරයේත් ගමේ මිනිසුන් මෙන්ම මලිත්ගේ හිතවතුන් උන්නේද තමන් දිහා යම් කිසි කුකුසක් රැඳුණ දෙනෙතකින් බලාගෙන බව තේරුනද ජාන්වි ඒ පිළිබඳව වැඩි දුර සිතන්නට ගියේ නැත.

“ලංකාවෙ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක සතියයි දෙකයිනෙ. ඔය දැන් මම මේ අහිංසක කොල්ලෙක්ව මරා ගත්තා කියලා කියන උන්ට පවා ඕක තව ටික දවසකින් අමතක වෙනවා. මම නිකන් සද්ද කරන්න ගියොත් ඕක වණ වෙන එක විතරනෙ වෙන්නෙ. ඒක නිසා ඉවසගෙන සද්ද නැතුව ඉන්නවා” කියා අක්කා හිත හදාගන්නට මෙන් කියද්දිත් ආන්‍යා කරේ නිහඬවම ඒ සියල්ල අහගෙන ඉන්න එකය.

“අක්කා මොනවා කිව්වත් මට නම් හිතාගන්න බෑ නිසල් තමන් පවුල් කෑව මනුස්සයා ඔය වගේ දෙයක් කරගත්තම ගෑනු කෙනෙක් කොහොමද ඒක දරාගන්නෙ කියලා. අක්කා කිසිම ගානක් නැතුව ඉන්නෙ මලිත් අයියා ගැන අක්කගෙ හිතේ කිසි ආදරයක් නැති හන්දද එහෙමත් නැත්තම් මලිත් අයියා ඉන්න තැනට එයා තුරුණු අයියව රිප්ලේස් කරගත්ත හන්දද කියන්න මට ඇත්තටම තේරෙන්නෙ නෑ.

කෙනෙක්ට හිතන්න පුලුවන් අපේ අක්කා මාරම ස්ට්‍රෝන්ග් මනුස්සයෙක්, ඒකයි එයා මේ කිසිම හැඟීමක් නෑ වගේ කඳුලක්වත් වට්ටන්නේ නැතුව ඔහොම ඉන්නෙ කියලා. ඒ උනාට මේව අහද්දි දකිද්දි මට ඇත්තටම වෙලාවකට හිතෙනවා අපේ අක්කා ඉමෝශන්ලස් මනුස්සයෙක් කියලා. එයා ඉමෝශන්ස් එලියට අරගන්නේ එයාව ප්‍රයෝරටයිස් කරලා කියලා. මලිත් අයියා එක්ක ඩිවෝස් එකකට යන්න කලින්ම තුරුණු අයියා එක්ක යාලුවෙච්ච එක උනත් අක්කා අක්කගෙ වාසිය වෙනුවෙන් කරගත්තද කියලා මට හිතෙනවා. දැන් මලිත් අයියා මැරිලා හන්දා එයා අඬන්නෙ නැතුව ඉන්නවා කියලා පෙන්නන්නෙත් එයාව වික්ටිම් කරගන්න කියලා මට හිතෙනවා.

ඔයා දැක්කනෙ එයා ඊයෙ ෆේස්බුක් ස්ටේටස් දාපු පෝස්ට් එක? ප්‍රශ්න කරදර ළඟ අඬන්න ලේසියි. අඬන්නෙ නැතුව දරාගෙන ඉන්න අමාරුයි කියලා දැම්මෙත් අර තමන් මාර ලොකු කැපකිරීමක් කරනවා කියලා පෙන්නන්නද කියලා මට හිතෙනවා.

අනික අක්කා මලිත් අයියගෙන් ප්‍රයෝජන අරන් මලිත් අයියා එයාගෙ හිත රිද්දුව තැන ඒ හිත ආය හරිගස්ස ගන්න මුක්කුවක් විදියට තුරුණු අයියව යූස් කරනවද කියලත් මට හිතෙනවා” කියා ආන්‍යා කියද්දී නිසල්ට ඒ වෙනුවෙන් දෙන්න තිබුණේ එකම එක උත්තරයකි.

“සමහර රිලේශන්ශිප්ස් අපි හිතනවට වඩා සංකීර්ණයි බබා. ඔයාගෙ අක්කා කියන්නෙත් එහෙම සංකීර්ණ රිලේශන්ශිප්ස් වලට කැමති කෙනෙක්. අපි නිස්කලංක සම්බන්ධකම් ජිවීතේට හෙව්වට සමහර අය ආස ජීවිතේ කම්ප්ලෙක්ස් වෙනවට බබා. එක එක අයගෙ මෙන්ටලිටි තමයි. අපිට ඒව ජජ් කරන්න බෑ ඉතින්” කියා නිසල් කියන්නට යෙදුනද හිත දවන ලද ඒ ප්‍රශ්නය අක්කාගෙන අහන්නේ නැතුව ඉන්න ආන්‍යාට පුළුවන් උනේ නැත.

බඩේ දරු ගැබක් දරාගෙන ඉද්දී හිතේ තව බරක් දරාගෙන ඉන්න එක අමාරු නිසාම ආන්‍යා අක්කාගෙන් ඒ ගැන ඇසුවාය.

“මලිත් අයියා නැතිවෙච්ච එක ගැන අක්කට ඇත්තටම දුකක් නැද්ද අක්කේ? මොක උනත් ඒ අක්කගෙ හස්බන්ඩ්? මොන ප්‍රශ්නෙ උනත් අපි කියනවා නේද ආදරේට සමුදෙන්න ඕන ආදරේ පටන් ගත්ත වගේම හොඳ හිතින් කියලා” නංගී එහෙම අහද්දි එයට උත්තර දෙන්නට පෙර ජාන්වි හිනා උනාය.

ඒ වනාහී නංගී ඇසූ දෙයට සමච්චලයක් එක්වුන සිනාවකි.

“තමන්ගෙ ලයිෆ් එකෙන් අයින් වෙච්ච දේවල් ගැන වොරි වෙලා වැඩක් නෑ නංගි. මේ මෝමන්ට් එකේ තමන්ට තියෙන දේවල් තමයි තමයි බලන්න ඕන. කෙයා කරන්න ඕන. එන එන මෝමන්ට් එකට ඇඩ්ජස්ට් වෙන්නයි ඕන”

“එතකොට තුරුණු අයියා කියන්නෙත් ඇඩ්ජස්මන්ට් එකක්ද?” කියා ආන්‍යා ඇසුවද ජාන්වි එයට උත්තර දුන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here