කොරිඩෝවේ අසුනක හිඳ හිස බිමටම නැඹුරු කරගෙන සිටින මිතුරාගේ දසුන විශ්වගේ හිත සසල කලේය. ඔහු අඩියට දෙකට මනුජ වෙත ඇවිද ගියේය
” මචං…”
මනුජ තිගැස්සී හිස ඔසවා බැලුවේය. කොරිඩෝවේ වූ කහ ආලෝක විදුලි බල්බයේ ආලෝකයෙන් මනුජගේ දෑස් වල වූ තෙත දිලිසුනේය. විශ්ව ඔහු අසලින් හිඳ ගත්තේය
” ඇයි බං…?”
“මුකුත් නෑ බං… උඹට පුලුවන් නම්, කාර් එක දාලා තියාගනින්.. මං කැබ් එකක් දාගෙන යන්නම්.. දරුවා එක්ක නිසා…..”
“මොකක්ද වුනේ කියපංකෝ හු *&#…?”
” වෙන්න තියෙන දේ ..”
” ඇයි බං ඉවසන්න බැරි..? ඔහොම ෆයර් වෙන පුරුද්ද උඹේ ජොබ් එකෙන් එන එකක්ද ?”
“ඉවසන්න … ඉවසන්න ?? කොච්චරක් ඉවසන්නද ? මොකක් වෙනුවෙන් ඉවසන්නද ? ආහ්… මොකක් වෙනුවෙන් ඉවසන්නද ?”
“හරි.. දැන් මොකක්ද උනේ ?”
” උඹ හරි බං… සින්දූපා කියන්නේ මං ඉන්න ලෝකෙට ඇද ගන්න ඕනි කෙල්ලෙක් නෙවෙයි… මං එහෙම කරනවා නම්, ඒක මගේ ආත්මාර්ථකාමී කම… “
“උඹෙන් මම ඇහුවේ මොකක්ද වුනේ කියලා..”
“මං පැහැදිළි කලා..”
“මොකක්ද ?”
“අපි දෙන්නට එකට ගමනක් නෑ කියලා… අපි ඉන්නේ අන්ත දෙකක කියලා…උඹ කියපු විදියටම කිව්වා… ඒ හින්දා මේක තේරුමක් නෑ කියලා…”
“යකෝ.. මමද දැන් වැරදි ?”
“පිස්සුද විශ්ව… තොට පිස්සුද බල්ලෝ.. මේ.. මට ගෙදර යන්න දීපං.. පස්සේ කතා කරමු.. අරයාව බලපං…. හෙට කොළඹ යන කතාවක් කිව්වා…. ඇරේන්ජ් කරලා පරෙස්සමට ය්වපං… අද එයාගේ තාත්තාව මම පත් කරන්න යන තැනට, තව අවුරුදු විසි පහකින් තිහකින්, වෙන මිනිහෙක් මාව පත් කරාවි බං… දෛවය කිය්න්නේ එච්චරට සෙල්ලම් කරන එකක්… මගේ කෙල්ල …පණ.. මට…. සින්දූ ව ඒ අම්මා තාත්තාට එයාලාගේ පණ…. කොහොමද බං.. මං … උදුරන්නේ… ජීවිතේ එක පාරක් වැරදුනොත් ආයේ හදාගන්න එක ලේසි නෑ බං… කොච්චරක් හිතුවත් ලේසි නෑ…”
“යකෝ..”
විශ්ව උන්නේ නිරුත්තරව ය. මනුජගේ දැක්මේ පැහැදිළි භාවය වැටහේ. එහෙත් ඒවායේ ඇති සාධාරණභාවය ගැලපිම පහසු නැත.
” සාරතී නැන්දා අද ලඟ ඉඳී..”
“එහෙම ඕනි නෑ.. මෙහෙ කට්ටිය ඕනි තරම් ඉන්නවානේ බං…. නිකන් ඒ වයසක මනුස්සයා පුටු වල නිදි කිරවන්න ඕනි නෑ.. එක්ක පලයං…”
මනුජ හිස සැලුවේය.
” මචංචං… උඹ කලබල නොවී හිටපං… දෛවය කරන කොයි සෙල්ලමේ වුනත්, උඹේ චාන්ස් එක එන වෙලාවක් එනවා… “
” එහෙම එව්වා නෑ විශ්ව… උඹ දැන් මගේ හිත හදන්න ආයේ බොරු කතා කියන්නෙපා… උඹ දන්නවානේ මාව… මං කල කී දේ… මං කොහොම එකෙක්ද කියලා… උඹේ නංගිට මං වගේ මිනිහෙක් ගැලපෙන්නේ නෑ කියලා උඹේ මූණෙන් පේනවා බං…. මං යන එක ගැන උණ සතුටු බව මම දන්නවා… එන්නේ නෑ බං… ම්ං දන්නේ නෑ ඇයි මං ආවේ කියලා… ඒත්, ආයේ එන්නේ නැති බව දන්නවා…”
විශ්ව යලි නිරුත්තර කරමින් මනුක පැවසුවේය. කුලී රියකින් තිදෙනා නිවස බල පිටත් වූවෝය.
” දෝණි ළඟ සාරතී නැන්දා නිදාගන්න අද….”
මනුජ එලෙස පවසමින් උඩු මහලට ඇවිද ගියේය. හෙට දිනය සඳහා නිවාඩු ඉල්ලා අදාල අයදුම්පත්‍රය යොමු කලේය. කැබිනය තුළ වූ සැර අධික මත්පැන් බෝතල දෙකක් සමඟ බැල්කනියේ හිඳගත්තේය . ඇණවුම් කර ගෙන්වාගත් බයිට් පාර්සල් දිග හැරියේය.
සඳ වට තරු දිලිසෙන අහස මනුජට පැහැදිලිව පෙනෙන්නේය. රිදෙන්නේය.
මනුජ යු ටියුබ් පිවිස ගීතයක් වාදනය වෙන්නට දැමුවේය. අදින් මේ වේදනාව නිම කර නැගිටිය යුතුය. පියෙකු ගේ වගකීම තමා කරපිටඇති බව සිහියේ තමා ගත යුතුය.
නෙළා ගැනුමට නොහැකි වූවද …
අත්හැරීමත් නොවේ ප්‍රේමය …
බලා දුර හිඳ කතා නොකරම ..
සුසුම් පපුවක හිර කිරීමය ..
ඇස් පනාපිට බිඳුනු හීනෙක ..
ලොවට රහසින් සැරිසැරීමය ..
ඇස් පනාපිටබිඳුනු හීනෙක
ලොවට රහසින් සැරි සැරීම ය ..
හිත් පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීම ය
නෙළා ගැනුමට නොහැකි වුවද …
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම…
සුසුම් පපුවක හිරකිරීමය .
ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම් බස් සිහි කිරීම ය .
ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ …
පැරණි පෙම් බස්..සිහි කිරීම ය .
පනපිටින් මුළු සිරුර දන් දී ..
එකම හිතකට ලොබ බැඳීමය …
නෙළා ගැනුමට නොහැකි වුවද ..
අත්හැරීමත් නොවේ ප්‍රේමය ..
බලා දුර හිඳ කතා නොකරම ..
සුසුම් පපුවක හිර කිරීමය ….
මනුජ මිලාධික මත් පැන් බෝතලය කැඩුවේය. මේ දියණිය කැටුව ආවාට පසු නැවති තිබූ පුරුදුය.
” ඔන්ලි ෆො ටුඩේ දිස් මච්.”
මනුජ තමාටම දිවුරා ගත්තේය.
සීතල මනුජ වටා පැතිරෙමින් තිබුණි. ආඩම්බර හිතුවක්කාරකම ගිලිහී යන්නට මනුජ ඉඩ දුන්නේය. දැඩි බව පෙන්වමින් ඇති හදවටට නිදහස්ව ලෙහෙල් වන්නට දුන්නේය.හඬා වැටුනේය. මත් බවට තමා සම්පුර්ණෙන්ම ගිල ගන්නට දුන්නේය. වාදනය වන ගීත වල පද මිමිණුවෙය. සින්දූපා ගේ සේයාරුවක් ඉම්බේය. දියණියගේ සේයරුවක් ඉම්බේය. අහිමිවීමේ වේදනාවට තමාගිලගන්නට දුන්නේය. හෙටිම් ඇරඹෙන දවස් වල තමා හදවත ගල් කරගත යුතු බව අවධාරණය කරන්නට මත් බවට බල කලේය.
” යන්න..සින්දූ.. ආයේ එන්න එපා…. මෙහෙන්ම් යන්න… සැපෙන් ගෙවන්න තියෙන ජීවිතෙ තෝරගන්න…. බිලියනර්ස්… යාහ්හ්… යූ ආර් වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර් ඔෆ් මලිටි බිලියනර් ඩැඩ්…හ්හ්.හ…හා…..යාහ්…. ගෝ… ආදරේ..කියලා… එහෙම එකක් නෑ.. මේපපුව පිච්චෙන්නේ..මේ ලිකර් වලට.. එහෙම නැතුව ආදරේ මඟුලකට නෙවෙයි…. ආදරේ..හ්හ්හ්… ආත්මාර්තකාමි මිනිස්සු… ඔක්කොමලා..
ඉතින්… කොහෙන්ද ආදරේ හොයන්නේ ? .”
මනුජ වීදුරු පිලිවෙලින් හිස් කිරීම වෙනුවට, බෝතලයට මුව තබා හිස් කිරීම තෝරාගත්තේය.
දැනෙන පිලිස්සීයෑම අනුමත කර ගත්තේය.