දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම ආදර්ශමත් යුවළක් වන සූරියා සහ ජෝතිකා, ඔවුන්ගේ විවාහ ජීවිතයේ 20 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් 11 දින සුවිශේෂී ලෙස සමරා තිබෙනවා.
මේ වන විට සමාජ මාධ්‍ය පුරා විසිවසරක් සපුරන ඔවුන්ගේ ආදර ජිවිතය ගැන මෙන්ම ඔවුන්ගේ විවාහ සංවත්සර සැමරුම් වීඩියෝ ගැනත් විශාල කතාබහක් ඇතිව තිබෙනවා.
මෙය හුදෙක් Celibrity යුවලකගේ විවාහ සැමරුමක් පමණක් නොව, සැබෑ ආදරය, අන්‍යෝන්‍ය අවබෝධය සහ කැපවීම මත පදනම් වූ අදරණීය යුවලකගේ සුන්දර ආදර කතාවක සැමරීමක් ලෙස ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ගේ හදවත් සංවේදී කළා…

💍 20 වෙනි සංවත්සරයේ සුවිශේෂී සැමරුම:
ඔවුන් මෙම සංවත්සර සැමරුම නම් කර තිබුණේ “THE SEQUEL” ලෙසයි.
එනම් THE SEQUEL – A vow renewal, celebrating our 20 years of love and war” ලෙසයි.
එහි අදහස සිංහලෙන් ගත් විට,
“දෙවැනි පරිච්ඡේදය – වසර 20ක ආදරය සහ අභියෝග යනුවෙන් පැහැදිලි කල හැකියි.
විවාහ සැමරුම ගැන ජෝතිකා තම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කර තිබුණේ මෙය “පරිපූර්ණ විවාහයක්” සැමරීමක් නොවන බවයි. ඒ වෙනුවට, වසර 20ක් පුරා ඔවුන් එකිනෙකා සමඟ බෙදාගත් අඩුපාඩු, වෙනස්කම්වලට හැඩගැසීම්, අවබෝධය, කැපකිරීම් සහ පරාර්ථකාමී ආදරය සැමරීමක් ලෙස ඇය මෙම අවස්ථාව විස්තර කළා.

වසර 20කට පසු නැවතත් එකිනෙකා තෝරාගත් සූර්යා සහ ජෝතිකා
මෙම සැමරුමේ විශේෂම අංගය වූයේ වසර 20කට පසුව විවාහ පොරොන්දු නැවත අලුත් කිරීම හෙවත් Wedding Vow Renewal යි.
මෙය සාම්ප්‍රදායික දකුණු ඉන්දීය විවාහ උත්සවයකට වඩා වෙනස් වූ, Christian-style wedding ceremony ආකාරයේ උත්සවයක් ලෙස පැවැත්වී තිබෙනවා.
ජෝතිකා සුදු පැහැති මනාලියකගේ ඇඳුමකින් සැරසී සිටි අතර, සූර්යා සුදු tuxedo jacket එකක් සහ කළු trousers වලින් සැරසී සිටියා.
එහිදී ඔවුන් දෙදෙනා දශක දෙකකට පෙර තම විවාහ දිනයේ එකිනෙකා තොරා ගනිමින් එකිනෙකා වෙත සපථ කර ගත් විවාහ පොරොන්දු නැවත අලුත් කරමින් මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම සිදු කරනු ලැබුවා.
කෙසේ වෙතත් පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් ඉදිරියේ සිදු වූ මෙම vow renewal ceremony එක, ඔවුන්ගේ වසර 20ක ගමනේ තවත් සුවිශේෂී මතකයක් බවට පත්වුණා.
උත්සවය පැවැත්වුණේ කොහේද?
ඔවුන් බෙදාගත් වීඩියෝවේ උත්සවය විදේශීය රටක church එකක් තුළ පැවැත්වුණු බව පැහැදිලිව දැකගත හැකි වුවත් , නිශ්චිත රටක් හෝ නගරයක් ඔවුන් විසින් නිල වශයෙන් හෙළි කර නැහැ.

සමීප හිතවතුන් පමණකගේ සහභාගිත්වය
මෙය හුදෙක් සූර්යා සහ ජෝතිකා දෙදෙනාගේම උත්සවයක් නොව, ඔවුන්ගේ පවුලේ අය සහ සමීප මිතුරන් සමඟ බෙදාගත් අවස්ථාවක් වුණා. එහිදී, ඔවුන්ගේ දියණිය Diya සහ පුත් Dev ද උත්සවයට එක්ව සිටි අතර, සූර්යාගේ සහෝදරයා සහ නළු Karthi ඇතුළු සමීප පවුලේ සාමාජිකයන් සහ මිතුරන්ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

තම බිරිද දුටු සූර්යයා සංවේදී වෙයි
උත්සවයේ වඩාත් සංවේදී දර්ශනයක් වූයේ ජෝතිකා සුදු මනාලියකගේ ඇඳුමින් සැරසී aisle එක දිගේ පැමිණෙන අවස්ථාවයි.
ඇය තම පුත් Dev සමඟ පැමිණෙන අතර, එම අවස්ථාවේ ඇයව දුටු සූර්යා සංවේදී වූ ආකාරය මේ වන විට සමාජ මාද්‍ය තුල බොහෝ කතා බහක් ඇති කිරීමට සමත්ව තිබේ.
“Perfect Marriage” එකක් ගැන නොවෙයි…
සැමරුමේ වඩාත්ම අවධානය දිනාගත් කරුණ වන්නේ ජෝතිකාගේ සමාජ මාද්‍ය පණිවිඩයේ තිබූ අදහසයි.
ඇය පවසන්නේ විවාහයක වටිනාකම පරිපූර්ණත්වය තුළ පමණක් නොව, අඩුපාඩු පිළිගැනීම, එකිනෙකා තේරුම් ගැනීම, අවශ්‍ය විට වෙනස් වීම, කැපකිරීම සහ එකිනෙකා වෙනුවෙන් සිටීම තුළ ඇති බවයි.
වසර 20කට පසුවත් තමන්ගේ සම්බන්ධතාවය ගැන කතා කරන විට, ඇය එය “අපේ” ගමනක් ලෙස හඳුන්වා තුබූ අතර ඔවුන්ගේ සබදතාව සෑම විටම “සම්පූර්ණයෙන්ම පරිපූර්ණ නොවුණත්, පරිපූර්ණ අවබෝධයක් ඇති අප” ලෙස හදුන්වා දී තිබුනා.
විවාහය යනු එකිනෙකාගේ සත්‍ය ස්භාවය පිලිගනිමින් එකිනෙකාගේ අත් අල්ලාගෙන යා යුතු ගමනක් ලෙස මේ සැමරුමේදී ජෝතිකා හා සූර්‍යා සුවිශේශී පණිවිඩයක් සමාජයට ලබා දුන්නා.

දශක දෙකක් පුරා එකිනෙකා වෙනුවෙන් වූ සුවිශේෂී ආදරය සහ කැපවීම:
ඔවුන්ගේ ආදරයේ සුවිශේෂී බව වන්නේ එය හුදෙක් සිනමා තිරයට පමණක් සීමා නොවීමයි. සැබෑ ජීවිතයේදීත් ඔවුන් දෙදෙනා එකිනෙකාට දක්වන ගෞරවය සහ ආදරය ඉතා ඉහළයි. ජෝතිකා, සූරියාගේ වෘත්තීය දියුණුවට නිරන්තරයෙන් සහාය දුන් අතර, සූරියා ද ජෝතිකාගේ නැවත සිනමාවට පිවිසීමේ තීරණයට සහ ඇගේ වෘත්තීය නිදහසට පූර්ණ ගෞරවය හා සහයෝගය ලබා දුන්නා.
සූරියා බොහෝ අවස්ථාවලදී පවසා ඇත්තේ ජෝතිකා තම ජීවිතයේ ශක්තිය බවයි. එමෙන්ම, ජෝතිකා ද සූරියා සමඟ ගත කළ කාලය තම ජීවිතයේ සුන්දරම කාලය ලෙස සලකනවා.
ඔවුන්ගේ සාර්ථක විසිවසරක විවාහ දිවිය හරහා ඔවුන් පෙන්වා දෙන්නේ සැබෑ ආදරය, අවබෝධය සහ එකිනෙකාට ගරු කිරීම සාර්ථක විවාහයකට අත්‍යවශ්‍ය වන බවයි.
The Sequel” ඇත්තෙන්ම ඔවුන්ගේ ආදර කතාවේ තවත් සුන්දර පරිච්ඡේදයක් බවට පත්ව තිබෙනවා.
ඔවුන්ගේ 20 වන විවාහ සංවත්සරය නිමිත්තෙන්, SmartLady අපි ඔවුන් දෙදෙනාට තව තවත් ආදරයෙන් පිරුණු, සාර්ථක සහ සුන්දර විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා! 💐🥂











