අවශ්‍ය දේවල්:
- අලිගැට පේර ගෙඩි 1
- තක්කාලි ගෙඩි 1
- බී ළූණු ගෙඩියක්
- දෙහි යුෂ
- ලුණු ස්වල්පයක්
- සිහින්ව කපාගත් පාස්ලි මේස හැදි 2
සාදාගන්නා ආකාරය:
- අලිගැට පේර ගෙඩියේ පොත්ත ඉවත් කර කොටු හැඩයට කපාගන්න.
- තක්කාලි කොටු හැඩයට කපාගන්න
- ළූණු සිහින්ව ලියා ගන්න.
- භාජනයක් ගෙන සියල්ල දමා ගන්න. පාස්ලි ටිකක් පැත්තකින් තබා ඉතුරු පාස්ලි එයට එක් කරන්න.
- ලුණු හා දෙහි රස අනුව එක්කර සියල්ලම කලවම් කරන්න.
- ඉතුරු කරගත් පාස්ලි උඩින් ඉහගන්න.