“ජීවිතය පුදුමයන් සහ හාස්කම් පිරුණු තැනක්” බව සිහි කරන – Dia (2020)

“The life full of surprises and miracles” මේ වාක්‍යය ගැන ඔබ මොකද හිතන්නේ?ඔව්, ජීවිතේ හාස්කම් සහ පුදුමයන්ගෙන් පිරිලා තියෙනවා.ඒත් මේ හාස්කම් සහ පුදුම කිරීම් වෙන්නේ අපට ඕනෑ විදියටම නෙවෙයි.අපි ලැබෙනකම් බලා ඉන්න සමහර දේවල් නොලැබී වෙනත් දේවල් ජීවිතය අපට ගෙනත් දෙන්නේ හාස්කමක් හරි පුදුම කිරීමක් හැටියට හරි වෙන්න ඇති.

මේ කතාව හරියටම දැනෙන චිත්‍රපටියක් තමයි කන්නඩ චිත්‍රපටියක් වුණු Dia 2020.මේ අවුරුද්දේ අපේ චිත්‍රපටි ලෝලින්ගේ වැඩිම කතාබහට ලක් වුණු කන්නඩ චිත්‍රපටිය Dia කියලා කිව්වොත් ඔබ වාදයක් නැතුවම අපි එක්ක එකඟ වෙයි.

“බලන්න.. හැබැයි ඉතිං අඬන්න බලාගෙන”

එහෙම රිවීව් එකක් කාලෙකට පස්සෙ අහපු ෆිල්ම් එක Dia. ඇත්තටම ඇඬෙන මතක් වුණත් ඉකි ගැහෙන ෆිල්ම් එකක් Dia.

කෙල්ලෙක් කොල්ලෙකුට ක්‍රෂ් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.සෙලිබ්‍රිටි ක්‍රෂ් වලින් පටන් ගත්තම ටියුෂන් එකේ කොලේජ් එකේ ක්‍රෂ් කීයක් ටීනේජ් කෙල්ලෙකුට ඉන්නවද? ඇහැ ගැටෙන මානේ ඉන්න ඒ ක්‍රෂ් එකට ආදරේ අඟවන්න කෙල්ලො මොනතරම් විකාර කරනවද? හදිසියේ ඒ ඒකපාර්ශ්වික ප්‍රේමය ඇස් මානයෙන් නොපෙනී ගියාම මොනවා කරන්නද? ඒ වේදනාව කොහොම දරා ගන්නද?

දියාට රෝහිත්ව දැනෙන්නේ එහෙම. ඇය ඒ ආදරය ආයේ දිනාගත්තත් ආයෙම එක මොහොතක ඇයට රෝහිත් ගිලිහෙනවා.

ඒ ගිලිහීම ඇයට ආදිව මුණ ගස්වන්න දෛවය කරපු පොඩි ප්ලෑන් එකක් වෙන්න ඇති.

ආදි ආදරණීය කොල්ලෙක්.දියාගේ හුස්ම ගන්න සද්දේ ගැන පවා විපරමක් තියන, ෆෝන් එක ඔෆ් වුණත් කලබල වෙන ආදි ඇත්තටම ආදරණීය කොල්ලෙක්. ආදරයක් බිඳිලා ගිය කෙල්ලෙක්ගේ දෙවැනි පෙම්වතා වෙලා ඇය හිනාවෙන කෙල්ලක් කරන එක ලේසි වැඩක් නෙවෙයි.

ආදි ඒක කරනවා. ආදිට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ ඇත්තටම ලැබෙන්න ඕනෑ දේ ද කියලා ඔබ චිත්‍රපටිය බලලාම තීරණය කරන්න. කැප කිරීමක් කරන එක ලේසි දෙයක් නෙවෙයි. අන්තිම තත්පරයක පවා බලාපොරොත්තු තියාගෙන ඒ තත්පරයෙන් හරි අඩක් ගෙවෙන්න කලින් ආයේ ඒ බලාපොරොත්තුව උදුරා ගන්න දෛවයට ඉඩ දෙන එක ලේසි වැඩකුත් නෙවෙයි.

ප්‍රේමයකට කළ හැකි අවාසනාවන්තම අවසානය ඉරණම ලබා දෙන හැටි තමන්ගෙම ඇස් දෙකෙන් බලන එක කෙල්ලෙකුට ලේසි දේකුත් නෙවෙයි. දියා ඒකට මුහුණ දෙනවා. අපි තිරය දිහා බලාගෙන ඉකි ගහනවා.

Dia 2020 කන්නඩ චිත්‍රපටියක්. K.S අශෝක්ගේ අධ්‍යක්ෂණයක් වුණු ඩියා හි ප්‍රධාන චරිත පෘථීවි අම්බාර්,දීක්ෂිත් ෂෙට්ටි සහ කුෂී නිරූපණය කරනවා. 2020 පෙබරවාරි මාසේ හත්වැනිදාරිලීස් වුණු දියා IMDb අගය 8.2 ක්ම ලබා ගත්තු චිත්‍රපටියක්.

ජීවිතේ කියන්නේ හිස්තැනක් පිරෙනකම් බලන් ඉන්න හිස්තැනකට!!

Dia ගැන වෙන මොනවා කියන්නද?

Related Articles

Don't Miss


Latest Articles