සාර්ථක වෙන්න කැමති කාන්තාවක් ළඟ තිබිය යුතු පුරුදු.

සාර්ථක කාන්තාවක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?උසස් රැකියාවක්,ව්‍යාපාරිකාවක්,සාර්ථක ගෘහණියක්,සාර්ථක ලේඛිකාවක් ඇතුළු වූ බොහෝ ගමන් මාර්ගයන් තෝරා ගැනීමට ඔබට සිදුවේවි.එය සම්පූර්ණයෙන්ම එකිනෙකාට වෙනස් විය හැකියි.නමුත් ඒ කවරක් තෝරා ගත්තත් සාර්ථකත්වය වෙනුවෙන් ඔබට මෙන්න මේ දේවල් සිදු කිරීම හරිම වැදගත්.

තමාටම අභියෝග කරගැනීම.

ඔබේ අභියෝගයන් තිබෙන්නේ ඔබ සමග බව වටහා ගන්න.ඔබගේ ධාවකයා ඔබ මිස වෙන අයෙකු නොවෙයි.ඒ වගේම ශාරීරිකව මෙන්ම මානසිකව ද ශක්තිමත් වීම කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කිරීම හරිම වැදගත්.සාර්ථකත්වයට පත්වන කාන්තාවකගේ එදිනෙදා ජීවිතය කිසිසේත්ම කිසිසේත්ම ඒකාකාරී නැහැ.

කෘතවේදී බවින් යුතු වීම.

කෘතවේදී තාවය කියන්නේ හදවතට හරිම වැදගත් බෙහෙතක්.එය ඔබට සතුට ප්‍රීතිය ගෙන දෙනවා.තමා ලබා ගන්නා සේම තමාට ලැබෙන සෑම දෙයක් කෙරෙහිම කෘතවේදී වන කාන්තාව නැවුම් ආකාරයෙන් තමන්ගේ ඉදිරි ගමන යාම ට සමත් වෙනවා.

ඉලක්ක තබා ගැනීම සහ ඒවාට ඇලුම් කිරීම.

සාර්ථක කාන්තාවක් ළඟ තබා ගත යුතු වැදගත්ම පුරුද්දක් වන්නේ ඉලක්ක තබාගැනීමයි.ඒ ඉලක්ක කිසිසේත්ම ඇයට වදයක් වෙන්නේ නැහැ.සියලුම ඉලක්කයන් වලට ඇය ඇලුම් කරන තරමටම ඒවා සපුරා ගැනීමේ ඉඩකඩ වෙතට ඇය වඩාත් ලංවෙනවා.

අවශ්‍ය දේට පමණක් අවධානය යොමු කරනවා.

තමන්ගේ අරමුණු කෙරෙහි පමණක් නිසි අවධානයෙන් කටයුතු කිරීම සාර්ථකත්වයට ඉක්මන් මග කියා දෙනවා.හඳුනාගත් ඉලක්කයන් වෙත ගමන් කිරීමේ දී අවධානය වෙන අත් වල යොමු වීම සාමාන්‍ය දෙයක් .ඉතින් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වගේම අවශ්‍යම දෙයට අවධානය යොමුකර එය නිසි ලෙස පවත්වාගෙන යාම සාර්ථක කාන්තාවකගේ පුරුද්දක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

වඩාත් වැදගත්ම කාර්‍යයන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම.

සාර්ථක කාන්තාවක් තමන් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කුමකටද යන්න
පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහිත විය යුතු වෙනවා.එහිදී තමන්ගේ ඉලක්ක සපුරා සපුරා ගැනීමේ කාර්යය වෙනුවෙන් යන ගමනේදී වඩාත්ම සුදුසු කාර්‍ය්යන් තෝරා ගැනීම කෙරෙහි ඇය අවධානය යොමු කිරීම වැදගත්.මෙහිදී කාල කළමනාකරණය අංක එකට පැමිණෙනවා.

අඛණ්ඩව වැඩකටයුතුවල නිරතවීම

සාර්ථකත්වයට පත්වුණ කන්තාවන් ගේ විශිෂ්ට ලක්ෂණයක් වන්නේ අඛණ්ඩව සිය කාර්යයෙහි නිරත වීමයි.ඒ එය කාටවත් උවමනාවට නොව තමන්ට තමන් විසින් තෝරා තෝරා ගත් අභියෝගයක් නිසා.

මානසික සුවතාවය පවත්වා ගැනීම

නිසි ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සුවය ගැන සාර්ථක කාන්තාවන් බෙහෙවින් උනන්දු වනවා.නිසි පරිදි ව්‍යායාම සිදු කිරීම,යෝගා ,භාවනා කටයුතු ආදිය මගින් ශාරීරික මෙන්ම මානසික නිරෝගීතාවය නිසි ලෙස පවත්වා ගැනීම මනා පිටිවහලක් වෙනවා.

කියවීම සහ ඉගෙනීම

සාර්ථකත්වයට පත්වන කාන්තාවන්ගේ ඉතාමත් හොඳ පුරුද්දක් වන්නේ කියවීමේ පුරුදදයි.ඒ ඔස්සේ ඇය නව දැනුම සොයා යනවා සේම රසවින්දනය වැඩිවීම නිසා කරන සියලු කාර්යයන්ගේ ප්‍රශස්ත මට්ටමට ඉතාමත් ඉක්මනින් ම ළම ලඟාවීමට පහසු වෙනවා.

නිතරම පොසිටිව් අදහස් දරන පුද්ගලයන් ඇසුරු කිරීම.

ඔබ වටා සිටින සමීපතම ඔබේ අනාගතය තීරණය කිරීමට සමත් වෙනවා කිව්වොත් ඔබ එය පිළිගන්නවාද ?ඔහු එලෙසින් ම සිදුවෙනවා.ඔබ කරන කටයුතු කෙරෙහි සැක කරන,ඔබට එය බැරි බව පවසමින් ඒවාට බාධා එල්ල කරන අයගේ ඇසුරින් ඉවත් වීම හරිම වැදගත් .ඒ වෙනුවට ඔබගේ ශක්තිය පණ ගැන්වීමට සමත් මිතුරන් ඇසුරු කරන්න.

පැහැදිලිව සන්නිවේදනය කිරීම.

වැල් වටාරම් වලින් තොරව පැහැදිලිව අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාව සාර්ථකත්වයට පත්වන කාන්තාවක් තුළ තිබිය යුතු ම වැදගත් පුරුද්දක් ලෙස හඳුන්වන්නට පුළුවන්.ඔබේ එදිනෙදා කටයුතු සාර්ථක බවට පත්කර පත් කර ගැනීම කෙරෙහි එය අති අතිමහත් බලපෑමක් ඇති කරනවා.

ඉතාමත් හොඳ සවන්දෙන්නෙක් වීම.

බොහෝ අය කැමැති නිතරම කතා කිරීමට.නමුත් සාර්ථක අය කැමති යි වැඩිපුර ඇහුම්කන් දීමට.මේ සාවධාන සවන්දීම ඔබට බොහෝ දේවල් ඉගෙන ගැනීමට මඟ පෙන්වනවා.

පරාජයන්ට බිය නොවීම.

ඕනම කෙනෙක් සාර්ථකත්වය කෙරෙහි ගමන් කිරීමේදී විවිධ අසමත් වීම් සිදු විය හැකියි.ඒවාගෙන් කලකිරී ආපස්සට යාම වෙනුවට,එවන් බාධා අපේක්ෂිතව,ඒවාට බිය නොවී මුහුණ දීම සාර්ථක කාන්තාවකගේ සුවිශේෂ ලක්ෂණයක් ලෙස හඳුන්වන්නට පුළුවන් .

ඉතින් ,ඔබ ඔබේ සාර්ථකත්වයට යන ගමන හඳුනා ගැනීමෙන් පසු ඉහත සියලුම දේවල් ඔබට අත්වැලක් වන බවට smart lady අපට ඉතාමත් හොඳින් ම විශ්වාසයි.

Related Articles

Don't Miss


Latest Articles