පැණි වළල්ලක රසයට පුංචි අය බොහොම මනාපයි. අලුත් අවුරුදු තේ මේසයට ලොකු පොඩි හැම කෙනාටම නැතුවම බැරි පැණි වළලු හදන්නේ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය-
- උඳු ඇට 250g
- සුදු හාල් පිටි 100g
- සීනි ( පැණි මිශ්‍රණයට)හෝ කිතුල් පැණි
- ලුණු ස්වල්පයක
- පොල්කිරි
- සීනි හැඳි 2ක්
සාදාගන්නා ආකාරය
- උඳු ඇට පැය හයක් පමණ පෙඟෙන්නට තබා පොල් කිරි ටික ටික දමමින් කෑලි නොසිටින ලෙස කොටාගන්න.
- ඉන්පසු හාල් පිටි හා උඳු මිශ්‍රණය එකට එකතු කර ලුණු, සීනි හා තවත් පොල්කිරි ස්වල්පයක් දමා ඝණ හෝ දියාරු නැති මිශ්‍රණයක් සාදාගන්න
- එය පැය තුනක් හෝ හතරක් පිපෙන්නට තබන්න.
- මිශ්‍රණය පිපුණු පසු පයිපින් බෑග් එකකට එම මිශ්‍රණය පුරවා රත් වූ තෙලට රවුමට වත්කරගන්න.
- තෙල් වැඩිය රත් වෙන්නට දෙන්න එපා.තෙල් රත් වූ විට හැඩේ ගන්නට කලින් පිපී එන නිසා. සෑම විටම ගින්දර අඩුවෙන් තබන්න.
- ඒ පැණි මිශ්‍රණය මුට්ටියකට දමා අඩු ගින්දරේ තබන්න අමතක කරන්නත් එපා.
පැණි වළලු හදන එක ඔබ හිතුවටත් වඩා ලේසි වැඩක් නේද..