“ආදරේ අහිමිවීම තරම් දුකක් ගෑනියෙක්ට තවත් නෑ දුවේ”

“තාත්තා ඇයි අම්මේ අපිව දාලා ගියේ?”

ඒ මගේ දියණිය ජැස්මින් නිතරම මගෙන් අහන්න පුරුදු වුණු ප්‍රශ්නයක්.මම ඒ වෙලාවට හෙමින් සැරේ එයාගේ ඔලුව අත ගානවා.

“තාත්තට යන්න හිතෙන්න ඇති..”

මං ඊටපස්සේ හෙමින් කියනවා.

“මගේ යාළුවො ඉන්නවා තාත්තා මැරුණු. එයාලට වඩා මං අසරණ නැද්ද අම්මේ..එයාලා දන්නවා තාත්තා එයාලට ආදරෙයි කියලා. ලෝකෙන් යන්න වුණත් ඒ බැඳීම් පරිස්සම් කියලා. ඒත් අපිට..”

ජැස්මින්ට ඉකි ගැහෙනකොට මම හෙමින් එයාව තුරුලට ගන්නවා.

“මගේ දූ, එයා වෙන පවුලක් හදා ගත්තා තමයි. ඒත් දැන් මගේ හස්බන්ඩ් නොවුණත් එයා තාමත් ඔයාගේ තාත්තා.ඒකේ වෙනසක් නෑනෙ..”

මම ජැස්මින්ව නොරිදවා එහෙම කීවත් ඒ ඇත්ත නෙවෙයි කියලා ජැස්මින් දන්නවා. ඔහු ඇය ගැන සොයා නොබලන බව වගේම ඇය වෙනුවෙන් සතයක් වත් වියදම් කරන්න ඔහු අකමැති බව පවා ජැස්මින් දන්නවා. ඒත් මගේ දුව එයාගේ තාත්තට වෛර කරනවට මම ඇත්තටම කැමති වුණේ නෑ.

උස්මහත් වෙන දුවෙක් දිගටම ඉගෙන ගන්න ආසා වෙද්දී මගේ වැටුප ඒ වෙනුවෙන් සෑහුණේ නෑ. ඒ බව ජැස්මින්ට තේරෙන්න පටන් ගනිද්දී මං තවත් අසරණ වුණා.”මං ඉගෙන ගත්තා ඇති..”ජැස්මින්ට එහෙම හිතෙන හැම වෙලාවකම මං එයාගේ උවමනාවන්වලට මුදල් එයාගේ අතින් තියන්න පසුබට වුණේ නෑ.

“අම්මා සල්ලි හොයන්න මොනවද කරන්නේ”?

දූ එහෙම අහනකොට මම හිනා වෙනවා. මම ඇඟ විකුණන ගැහැනියක වෙයි කියල ඇය බය වෙන්න ඇති. ඒත් තමන්ගේ දරුවගේ සිහින වෙනුවෙන් මුදල් හොයන්න අම්මා කෙනෙක්ට තියන එකම විසඳුම වෛශ්‍යා වෘත්තිය විතරක් නෙවෙයි. මම වේටර්වරියක් වුණා.සුපිරි වෙළඳ සැල් වල පාට් ටයිම් වැඩ කළා. රැකියාවෙන් පස්සේ මුළු හවස්වරුවම මම කාර්යබහුල වුණා.

කියවන්න :  ඔබත් smart phone එකේ වහළෙක් බවට පත් වෙලා ද?

“පාට් ටයිම් කරන්න මටත් පුලුවං…”

ජැස්මින් එහෙම කියද්දී මම කිව්වේ එක දෙයයි.

“ඔයාට තියෙන්නේ ඉගෙන ගන්න.”

වෛද්‍යවරියක් විදියට පත් වූ දවසෙත් මනමාලියක් වෙන්න කලින් දවසේ ‍රාත්‍රියෙත් මගෙන් ජැස්මින් ආයෙම ප්‍රශ්නයක් ඇහුවා.

“ඇයි අම්මේ තාත්තා ඔයාව ඩිවෝස් කළේ?”මනමාලියක් වෙන දූට උත්තර දෙන්න මට හිතුණා.

“එයාට මට වඩා එයාගේ පෙම්වතිය ගොඩක් ලස්සන උනා දූ..”

මම හෙමින් උත්තර දුන්නා. ජැස්මින් මාව වැලඳ ගත්තා

“අම්මා තමයි මේ ලෝකේ ලස්සනම අම්මා..එච්චරයි..”

ජැස්මින් මේ ලෝකයේ ඉන්න හොඳම දියණිය වෙන්න උත්සාහ කළා. ඇගේ සැමියා ඩැනියෙල් මට පුතෙක් වෙමින් හිටියා.කාලයක් පිරිමියෙක් අහිමි වූ ගෙදරට ඔහු ආරක්ෂාවත් ආදරයත් අරන් ආව පිරිමියා වුණා.මගේ සැමියා ඒ කාලයේ හැම වෙලාවෙම මගේ වැරදි හෙව්වත්, මට විරුද්ධ මතය ගත්තත් ඩැනියෙල් හැම විටම ජැස්මින් සමඟ සිට ගත්තා. ඔහු සෑමවිටම ඇය අගය කළා.

ඒත් එහෙම නොවුණු දවසක් ආවා.

“අම්මා මට තාත්තාව මුණ ගැහුණා.අද හොස්පිටල් එකේදී.එයා වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා තනි වෙලා ඉන්නේ.ලොකු සනීපයක් නෑ..”

කියවන්න :  රෙස්ටුරන්ට් menu එකකින් කෑම තෝරමු

ජැස්මින් කියන්න පටන් ගත්තා.

“මට එයාව ගෙදර එක්කන් එන්න හිතෙනවා..”

දුවෙකුගේ හඬ අවදි වුණා.

“ඔයාට එහෙම කරන්න බෑ ජැස්මින්. ” පළමුවෙනි වතාවට ඩැනියෙල් මගේ දුවට විරුද්ධ වුණා.

“ජැස්මින්,අපි තාත්තාට සනීප වුණාම එයාව එල්ඩර්ස් හෝම් එකකට ගෙනියමු.අපි එහෙට ගිහින් එයාව බලමු..අවශ්‍ය දේවල් ගිහින් දෙමු. ඒත් ගෙදර එක්ක එන එක ගැන ආයේ හිතන්න. ඔයා මට කියලා තියනවා අම්මා හැමදේම දරා ගත්තු හැටි. අම්මා ඉවසපු හැටි. අම්මා වෙන කසාදයක් නොකර ඔයාව තුරුළු කරන් හිටිය හැටි. ලේසියෙන් සල්ලි හොයන මාර්ග ගෑනුන්ට ඕනතරම් තියනවා. ඒත් අම්මා ඒ පාරවල් තෝරා ගත්තේ නෑ. එයා ඔච්චර දුර්වල වුණේ ඔයාව බලා ගත්තු මහන්සිය නිසා. මොකුත්ම නොකරපු තාත්තාව, ඔයාලව අතෑරල දාපු තාත්තව එක්කන් එන්න කලින් ඔයා අම්මගෙන් අහන්නම වෙනවා..”

මං එතැනින් නැගිටලා එළියට ආවා.

“ආදරේ අහිමිවීම තරම් දුකක් ගෑනියෙක්ට තවත් නෑ ජැස්මින්. ඒ දුකට දරුවෙක්ගෙ බරත් එකතු උනාම අම්මගෙ ජීවත් මොනතරම් අමාරු වෙන්න ඇද්ද..එයාට දුකක් දෙන දෙයක් කරන්න ඔයාට හීනෙන්වත් බෑ. යුතුකම් එක්ක අම්මගෙ ආදරේ පටලා ගන්න එපා..”

ඩැනියෙල්ගේ හඬ මට ඇහෙනවා.

“තාත්තට ඔයා කැමති විදියකට සලකන්න දුවේ” එහෙම කියන්න හිතාගෙන මම ආපහු හැරුණා.

3.7 6 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments