Office මේකප් භාවිතයේදී ඔබ මතක තබාගත යුතු දෑ

මේකප් අපි භාවිතාකරන්නේ තිබෙන ලස්සන තවත් වැඩි දියුණුකරගන්නයි. ඔබේ තිබෙන සුන්දර පෙනුම මේකප් නිසා අඩුවෙනවා නම් එය ඔබේ ප්‍රතිරූපයට හානියක්. ඒනිස ඔබ අනිවාර්යයෙන්ම මතකතබාගත යුතු සහ පිළිපැදිය යුතු පුංචිද්වල් කිහිපයක් තමයි මේ.

  1. මූලිකම නීතිය තමයි, වර්ණ සහ ඒවායේ ප්‍රභේද නිසි පරිදි ගලපාගත යුතුයි. අනිවාර්යයෙන්ම කාර්යයාලයට, උත්සවයකට, සාමාන්‍ය ගමනට බිමනට භාවිතාකරන වර්ණ අතර පැහැදිලි වෙනසක් තිබිය යුතුයි. ඔබ තෝරාගන්නා වර්ණ සංකලනයන් අනුව ඔබේ පෙනුම තීරණයවනවා.
  2. රෑට නිදාගන්න කලින් මතක ඇතිව පහුවදාට ඕනකරන පාට වර්ග, මේකප් වර්ග තීරණයකරන්න. විශේෂයෙන්ම ඔබ අඳින ඇඳුමට ගැලපෙනවාද කියන එක ගැනත් කල්පනාර බලන්න. එවිට උදේට කලබලේට, අවලස්සන මේකප් දැමීම වළක්වගන්න පුළුවන්.
  3. අනිවාර්යයෙන්ම දිගු වේලාවක් පවතින මේකප් තෝරාගන්න. දවසකට දෙවතාවකට වඩා මේකප් අලුත්කරන්න වෙනවා නම් එය වෙලාව අපතේ හැරීමක්.
  4. අනිවාර්යයෙන්ම ජලයට ඔරොත්තුදෙන (water proof) අඩු ශ්‍රමයකින් පවත්වාගත හැකි මේකප් තෝරාගන්න.
  5. ආසාත්මිකතා ඇති නොවන්නට කල් ඉකුත් නොවූ සහ උසස් ප්‍රමිතියෙන් යුතු මේකප් වර්ග තෝරාගන්නට වගබලාගන්න.
  6. පිපුණු පෙනුමක් එන ලෙස පවුඩර් සහ ෆවුන්ඩේෂන් ආලේපකිරීමෙන් වළකින්න.
  7. ඔබට කවාකාර ඇස් පිහාටු අවශ්‍ය නම් mascara ආලෙපකරන්නට පෙර ඇස් පිහාටු Curl කරන්න.
  8. Lip gloss දවස පුරාම ලස්සනට තියාගන්න අවශ්‍ය නම් lip gloss ආලේපකිරීමට පෙර තොල් අයිස් කැටයකින් තවන්න.
  9. ඇස් යට concealer ආලේපකිරීමෙන් ඇස්වල ගිලුණුපෙනුම සහ කළු පැහැය නැතිකර ලස්සන ජීවයෙන් පිරුණු පෙණුමක් ලබාදෙන්න පුළුවන්.
  10. මතක ඇතිව හොඳින් වතුර බොන්න. නැතිනම් කෙතරම් මේකප් භාවිතාකළත් සමේ මලානික පෙනුම වසන්නට නොහැකිවේවි. ඒ වගේම අධික උෂ්ණත්වයෙනුත් වැළකෙන්න මතකතබාගන්න.

නොසැලකිල්ලෙන් මේකප් භාවිතාකළොත් ඔබට වෙන්නෙ පාඩුවක්. ඒනිසා මතක ඇතිව මේකප් නිසි ආකාරයෙන් භාවිතාකරන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles