අලුත් අවුරුදු තේ මේසය රසවත් කරන පහසුවෙන් හදා ගන්න පුළුවන් ටොෆී වර්ග

අද අපි ඔබට කියන්න යන්නේ අලුත් අවුරුදු තේ මේසය රසවත් කරගන්න ලේසියෙන්ම ඔබට හදාගන්න පුලුවන් ටොෆී වර්ග කීපයක් ගැන

රුලං ටොෆී

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

රුලං ග්‍රෑම් 250
සීනි ග්‍රෑම් 200
බටර් තේ හැඳි 1
කිරි මේස හැඳි 1
වතුර අඬු කෝප්ප 1/2
වැනිලා බිංදුවක්
එනසාල් ඇට කිහිපයක්
ලුණු ටිකක්
කලරින් (කැමති පාටකින්)

හදන්නෙ මෙහෙමයි

මුලින්ම රුලං ටික කබලේ බැදගෙන නිවෙන්නට අරින්න

භාජනයක් ලිප තබා එයට සීනි සහ වතුර ටික එකතු කර හොඳින් කලවම් කරගන්න

ඉන්පසුව එනසාල් ටික එකතු කර රස අනුව ලුණුද එකතු කරගන්න

සීනි හොඳින් දියවුන පසු, (ඇලෙන ගතියට මෙන් ) රුලං ටික එකතු කරගන්න

කැමති පාටකින් කලරින් එකතු කර තලපයක් සේ වනතුරු හොඳින් හැඳිගාන්න

දැන් බටර් සහ කිරි මේස හැන්ද එකතු කරගෙන ත​වත් මද වෙලාවක් ලිපේ තබාගෙන තෙත ගතිය නැති වීගෙන එනවිට වගේ ලිපෙන් ඉවත් කරගන්න

බටර් ගාගත් තැටියකට දමා තුනීකරගෙන අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපාගන්න

පොල් ටොෆී

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

උකුකිරි ටින් 1
වැනිලා තේ හැඳි 1
සිනි මේස හැඳි 5
වතුර කෝප්ප 1/2
හීනියට ගාන ලද පොල් මේස හැඳි 8 -10 පමණ
කැමති පාටකින් කලරින් බිංදු කීපයක්

හදන්නෙ මෙහෙමයි

භාජනයකට කිරි, වතුර, සහ සිනි දමා මිශ්‍ර කරමින් උණු කරගන්න

ඉන්පසු එයට පොල් දමා හොඳින් හැඳි ගාන්න.

පසුව එයට වැනිලා එකතු කරන්න

මිශ්‍රණය තරමක් ඝන වේගෙන එන විට කලරින් එකතු කරගන්න

හොඳින් ඝන වන විට බටර් තැවරු තැටියකට හෝ ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපාගන්න

තල ටොෆි

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

තළ ඇට ග්‍රෑම් 250
ගාගත් පොල් ග්‍රෑම් 200
හකුරු ග්‍රෑම් 500
හාල්පිටි ග්‍රෑම් 200
එනසාල් ඇට 2
ලුණු ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි

මුලින්ම තල ඇට ටික රන්වන් පාට වෙනකල් කබලෙ බැදගන්න

ඉන්පසුව හාල්පිටි ටිකද ඒ වගේම බැදගන්න

හකුරු ටික හීනියට ග්‍රේට් කරගන්න

ගාගත්පොල් රන්වන් පාට වනතුරු බැදගන්න

දැන් භාජනයක් ගෙන හකුරු ටික එකතු කර එයට වතුර කෝප්පයක් පමණ මිශ්‍ර කර හොඳින් දියකරගන්න.

එයට එනසාල් ඇට දෙකක්, ලුණු ස්වල්පයක් එකතු කරගන්න.

දැන් හකුරු මිශ්‍රණය සාමාන්‍ය ගින්දරේ කලවම් කරමින් උණු කරන්න.හැන්දෙන් ගන්නවිට උඩට ඉස්සෙන පදමට එනතුරු හැදිගාන්න

දැන් ලිපෙන් ඉවත් කර නැවතත් හොඳට හැඳි ගාන්න. 

ඉන්පසුව මෙයට පොල් සහ හාල් පිටි ටික එකතු කර හො​ඳින් කලවම් කරන්න.

අවසානයට තල ඇට ටික දාගන්න

දැන් බටර් ගාගත් තැටියකට මෙම මිශ්‍රණය දමා තුනී කර ඉරි ඇඳගන්න.

නිවුනු පසු කෑලි වෙන් කරගන්න

Related Articles

Don't Miss


Latest Articles