නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් පාලනය කරන්නෙ කොහොමද?

නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන් ඔබ දැක තිබෙන්නට පුළුවන්.සමාජයේ එවන් අවස්ථා ඉතාමත් සුලභයි.බොහෝ විට එවන් අවස්ථාවන් ඉදිරියේ දෙමාපියන් අසරණ වනු අපි කොතෙකුත් දැක තිබෙනවා.
එහිදී බොහෝ විට දරුවන් සමග හැසිරෙන නිවැරදි ආකාරය පිළිබඳ අවම අවබෝධය නිසා දරුවන් මෙන්ම දෙමාපියන්ද බෙහෙවින් අපහසුතාවයට පත්වනවා.

දරුවන් කේන්ති ගන්නේ ඇයි?

මුලින්ම අප මතක තබා ගත යුතු කාරණය වන්නේ කේන්ති යාම සාමාන්‍යය මිනිස් හැඟීමක් බවයි.නමුත් එය නිතරම සිදු වෙනවා නම් හෝ අතිශයින් ප්‍රචණ්ඩකාරී නම් අපට ඒ පිළිබඳව සැලකිලිමත් වීමට සිදු වෙනවා.
සෑම දරුවකුටම ඔහුටම ආවේණික චර්යා රටාවන් තිබෙනවා.දෙමව්පියන් ලෙස දරුවන්ගේ ස්වභාවයන් හඳුනාගෙන තිබීම හරිම වැදගත්.බොහෝ විට කුඩා දරුවකුට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යක් ලෙස කේන්තිය වඩාත් සුදුසු බව සිතෙන්නට පුළුවන්.ඒ ඔහුට හෝ ඇයට කේන්තිය, වඩාත් අවධානය දිනා ගත හැකි මාර්ගයක් බව අවබෝධ වන ලෙසට වන වැඩිහිටියන්ගේ හැසිරීම් රටාව නිසා.ඊටත් අමතරව තමන්ගේ හැඟීම් තේරුම් නොගැනීම,ඉල්ලීම් ඉටු නොවීම,කිසියම් රෝගී තත්වයන් ආදිය නිසාත් කේන්ති ඇති වෙන්නට පුළුවන්.

කේන්තියේ විවිධ ප්‍රභේද තිබෙන්නට පුළුවන්.

1.කිසියම් ශාරීරික අපහසුතාවක් නිසා ඇතිවන කේන්තියාම.

නිදිමත ,බඩගින්න,ඇද වැටීමක් හෝ කිසියම් දෙයක් නිසා ඇතිවන වේදනාව වැනි දෙයක් මීට හේතු වන්නට පුළුවන්.දරුවාගේ හැසිරීම් රටාව සහ ඔහු සමග සමග කතා කිරීමෙන් ඒ ගැන තේරුම් ගන්නට පුළුවන්.බොහෝ විට නිදිමත වැනි දෙයක් නිසා කේන්ති ගන්නා දරුවන් එය ප්‍රකාශ කිරීමට තරම් තේරුමක් ඇත්තේ නැහැ.එම නිසා දෙමාපියන් ලෙස දරුවා ගේ එම හැඟීම් අවබෝධ කර ගැනීම හරිම වැදගත්.

2.බලයක් නොමැති බව දැනීම නිසා ඇතිවන කේන්තිය.

මෙහිදී අසාමාන්‍ය ලෙස දරුවාව හසුරුවන්නට යාම නිසා ඔහු හෝ ඇය අපහසුව කේන්ති ය මඟින් ප්‍රකාශ කරනවා ද විය හැකියි.සෑම දේටම එපා එපා එපා යනුවෙන් පවසන වැඩිහිටියන් ගේ ඇසුර නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්.

3.වෙන් වීම නිසා ඇතිවන කේන්තිය.

දරුවාගේ ආදරයට ලක්වූ දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියන්ගේ ඇසුර ප්‍රමාණවත් තරම් දරුවාට නොලැබෙන අවස්ථාවල දී මෙවැනි තත්ත්වයක් හට ගන්නට පුළුවන්.විශේෂයෙන් ම දෙමවුපියන් රැකියාවට යාම නිසා ආදී අවස්ථාවල මෙම තත්ත්වය දකින්නට පුළුවන්.

4.අන් අය විසින් තමාව තේරුම් නොගැනීම නිසා ඇතිවන කේන්තිය.

මෙය බහුතරයක් දරුවන් කෙරෙහි දකින්නට ලැබෙනවා.ඒ වගේම දරුවාගේ හැසිරීම් කෙරෙහි නිසි ප්‍රතිචාර නොලැබූ විටද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්.

දරුවාගේ කේන්ති හැසිරීම් රටාවට දෙමාපියන් හෝ වැඩිහිටියන් ලෙස ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද ?

  • බොහෝ වැඩිහිටියන් දරුවන්ගේ ආවේගශීලී,කේන්ති හැසිරීම් රටාවන් සඳහා ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු සපයනු අප දැක තිබෙනවා.වැඩිහිටියකු ලෙස එය ඔබ විසින් නොකළ යුතුම දෙයක් මුලින්ම අවධාරණය කළ යුතුයි.
  • ඔවුන්ගේ කේන්තිය පිට කිරීමට අවස්ථාවක් ලබා දෙන්න.එය අවතක්සේරුවට ලක් නොකරන්න.
  • කිසියම් වේලාවකින් පසු සන්සුන් වූ පසු ඔහු සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමට වගබලා ගන්න.
  • කේන්ති ගැනීමට හේතු වූ කරුණ වටහා ගැනීමට උත්සහ කරන්න.දරුවා කතා කළ හැකි මට්ටමේ සිටින්නෙක් නම් ඔහු සමඟ සංවාදයක් ගොඩ නගා ගන්න.
  • දරුවා ගේ අවශ්‍යතාවන්,හැඟීම් පිළිබඳ නිරතුරුව අවධානයෙන් සිටින්න.
  • ඔබේ කාලය,අවධානය ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න.
  • කේන්තිය පිටකරගත හැකි හානි දායක නොවන ක්‍රම කියා දෙන්න.උදාහරණයක් ලෙස ඇඩීම,කාමරයට ගොස් තනිව සිටීම ආදී ලෙස ඔහුට හෝ ඇයට ගැලපෙන ක්‍රමයක් තෝරාගැනීමට උදව් කරන්න.
  • කේන්ති එන අවස්ථා හදුනාගන්න.
  • ආදරය දැනෙන සේ හැසිරෙන්න.

Related Articles

Don't Miss


Latest Articles