සුදු හඳුන් පැක් මගින් අවපැහැ වූ සම සුදු ම සුදු කරන්නේ මෙහෙමයි.

සුදු හඳුන් කියන්නේ අතීතයේ සිටම කාන්තාවන් විසින් රූපලාවණ්‍ය කටයුතු වලට භාවිතා කරන ඉතාම හොඳ අමුද්‍රව්‍යයක්. ඉතින් සම පැහැපත් කරගන්න කැමති ඔබට සුදුහඳුන් භාවිතා කරලා හදාගන්න පුලුවන් ෆේස් පැක් කීපයක් ගැන කියන්න අපි හිතුවා

සුදු හඳුන් වලින් සමට ලැබෙන ප්‍රතිලාභ මොනවද ?

සම පැහැපත් කරයි
හිරු කිරණින් ඇතිවන පිළිස්සීම් වලින් සම ආරාක්ශා කරයි
සමෙහි අනවශ්‍ය තෙල් පාලනය කරයි
සමෙහි ඇතිවන කැළැල් මකා දමයි
රැලි වැටීම් අවම කරයි
කුරුලෑ ආසාදන තත්ව සුව කරයි
විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරයි

සුදුහඳුන් පැක් සත්කාරය 1

සුදු හඳුන්
රෝස වතුර

රෝස වතුර මගින් සමෙහි තෙල් ගතිය පාලනය කරන අතර සම ආරාක්ශා කරන ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ.එමෙන්ම සම වියපත් වීම අවම කරමින් සමෙහි රැලි ඇතිවීම පාලනය කරයි

මෙම අමුද්‍රව්‍ය දෙක මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගෙන මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර විනාඩි විස්සකට පසු සීතල වතුරෙන් සෝදා හරින්න

සුදුහඳුන් පැක් සත්කාරය 2

සුඳු හඳුන්
විටමින් ඊ
ලෙමන් යුෂ

විටමින් ඊ මගින් සම පෝශණය කරන අතර සමෙහි ඇති ලප කැළැල් ඉවත් කරයි.එමෙන්ම සම වියපත් වීම පමා කරයි

ලෙමන් වල ඇති විටමින් සී මගින් සම පැහැපත් කරන අතර කොලජන් නිශ්පාදනය දියුණු කරනවා.සමේ මැරුණු සෛල ඉවත් කරමින් සමෙහි ඇති ලප කැළැල් ඉවත් කරනවා

මෙම අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර වියලුනු පසු සාමාන්‍ය වතුරෙන් මුහුණ තෙත් කර , කවාකාරව ස්ක්‍රබ් කරමින් සෝදා හරින්න

සුදු හඳුන් පැක් සත්කාරය 3

සුඳු හඳුන්
නැවුම් කිරි

නැවුම් කිරි මගින් සම මෘදු කරමින් සම රැළි වැටීම පාලනය කරනවා.ඒ වගේම ස්වාභාවික මොයිස්චරයිසර් එකක් ලෙසද ක්‍රියා කරනවා

මෙම අමුද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කර මුහුණෙහි සහ ගෙලෙහි ගල්වා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න

සුදුහඳුන් පැක් සත්කාරය 4

සුඳු හඳුන්
මී පැණි

මී පැණි මගින් සමේ අවපැහැ ගැන්වීම් දුරු කර , සම පැහැපත් කරන අතර මී සම පිරිසිදු කර සමේ තෙතමනය රැකදෙනවා.ඒ වගේම මැරුණු සම ඉවත් කරනවා

මෙම අමුද්‍රව්‍ය දෙක මිශ්‍ර කර මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර විනාඩි පහලවක් පමණ තබා සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න

සුදු හඳුන් පැක් සත්කාරය 5

සුදු හඳුන්
ඔරේන්ජ් පීල් කුඩු
රෝස වතුර

ඔරේන්ජ් පීල් කුඩු වල අඩංගු විටමින් සී මගින් සම ස්වාභාවිකව පැහැපත් කර ලප කැලැල් අවම කරනවා

සුදු හඳුන් සහ ඔරේන්ජ් පීල් කුඩු සමාන ප්‍රමාණ වලින් ගෙන එයට රෝස වතුර මිශ්‍ර කර මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න

සුදු හඳුන් පැක් සත්කාරය 6

සුදුහඳුන්
කඩල පිටි
රෝස වතුර

කඩල පිටි මගින් කුරුලෑ සුවපත් කරමින් සම පැහැපත් කරනවා

මෙම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න

මෙම සත්කාර වලින් ඔබේ සමට ගැලපෙන ඔබ කැමති සත්කාරයක් සිදු කරන්නට ඔබට පුලුවන් . මේ කුමන සත්කාරයක් වුවත් කරන්නට කලින් ඔබ ඔබේ මුහුණ ඉතා හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. සත්කාරය කිරීමෙන් පසු මුහුණට අනිවාර්යයෙන්ම ටෝනර් එකක් ගල්වන්නත් අමතක කරන්න එපා

Related Articles

Don't Miss


Latest Articles