අහඹු සිදුවීම් නිසා නිසා ජිවිතේ නොසිතූ ලෙස වෙනස් වෙන අඹුසැමි යුවලකගේ කතාව – Kali 2016

කෝපය බොහෝ අවාසනාවන්ත සිදුවීම් ඇති කරනවා.මේ එවැනි තරුණයෙකුගේ කතාව.ඉතා සුළු සිදුවීම් වලට පවා බොහෝ කෝප ගන්නා සැමියෙකු දරා සිටින තරුණ බිරිඳකගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටියක්

සමීර් තාහිර් නම් නිර්මාණය කළ Kali මලයාලම් චිත්‍රපට අතර ඉහළ ස්ථානයක රැඳෙන චිත්‍රපටයක්.Thriller ශානරයට අයත් වුණත් මිනිස් හැඟීම්.විවරණය කරන චිත්‍රපටියක්. විවාහක යුවලක් අතර ඇතිවන හැලහැප්පීම්, නොගැලපීම්, දුර්වලතා මැද එක්ව ගමනක කතාවක්.

සිද්ධාර්ත් සහ අංජලී විවාහ වී වැඩි කාලයක් ගත වෙලා නෑ.ඉතාම පුංචි තැනකින් ජීවිතය පටන් ගන්න මේ දෙන්නා අඩියෙන් අඩිය ජීවිතය ජය ගනිමින් ඉන්න තරුණ ජෝඩුවක්හොස්ස ලඟින් මැස්සෙකුටවත් යන්න බැරි සිද්ධාර්ත් එක්ක අංජලී ජීවත් වෙන්නේ ඉතාම ප්‍රවේසමෙන්.ඇය එක්ක විතරක් නෙවෙයි රැකියාව එක්කත් සිද්ධාර්ත් නිතරම කේන්ති ගන්නවා.කොටින්ම කීවොත් හැම සිදුවීමක කේන්ති එන තැනක් සිද්ධාර්ත් ටක් ගාලා හොයා ගන්නවා. එක දවසක් අංජලී එක්ක රණ්ඩු ඔහු නිසා අංජලි ඇගේ නිවසට යන්න සූදානම් වෙනවා. රණ්ඩු කරාට සිද්ධාර්ත් ඇයව ගෙදර ඇරලවන්නත් ඉදිරිපත් වෙනවා.

ඉතින් ඒක බොහොම සාමාන්‍ය ගමනක්.අතරමගදි ට්‍රක් රථ රියදුරෙක් එක්ක සිද්ධාර්ත් ගැටුමක් ඇති කර ගන්නකම් ඒක තරුණ ජෝඩුවක් යන සාමාන්‍ය ගමනක්.ගමන අතරමග කෑම කන්න හෝටලයකට ගිහින් බලනකොට පර්ස් එකේ සල්ලි නැති බව සිද්ධාර්ත්ට මතක් වෙනවා.සිද්ධාර්ත්ට හෝටලයට වෙලා ඉන්න වෙද්දී අංජලීට තනියම ATM එකකට කාරය පදවන්න වෙනවා.ඒ අතරේ හෝටලයට කඩා වදින හදිසි මැර ප්‍රහාරය එක්ක සිද්ධාර්ත් අහඹු කරදරයක වැටෙන තුරුම ඒක සාමාන්‍ය කතාවක්. ATM එකට යන අතරමග ස්ත්‍රී දූෂකයෙකු අංජලීට මුණ ගැහෙන තුරුම කාලි කියන්නේ සාමාන්‍ය ප්‍රේම කතාවක්.

තරුණියන්ට හිරිහැර කරන්න තැනක් නොතැනක් නැති වසල මිනිස්සු කෑදර ඇස් දල්වාගෙන ඕනෑම තැනක ඉන්න පුලුවන්.කරදරයකට පත් වුණාම උදව් ලැබෙයි හිතම්න් අන්තිම විනාඩිය දක්වාම සටන් කරන්න ගෑනු ළමයෙක්ට යෝධ ශක්තිය තියෙන්නත් පුලුවන්. නාහෙට නාහන හිතුවක්කාරයෙක්ගේ හිතේ මනුස්සකම මහ ගොඩක් තියෙන්නත් පුලුවන්.

මලයාලම් සිනමාවෙ හැඩකාරයා දුල්කර් සල්මාන් සිද්ධාර්ත් චරිතය මවද්දී මලයාලම් තිරයේ සිහින කුමරියක් වූ සායි පල්ලවී අංජලීට පණ දෙනවා.2016 නිකුත් වු කලි චිත්‍රපටිය තෙලිඟු සහ මලයාලම් භාෂා දෙකෙන්ම ප්‍රදර්ශනය වූවක්.

කෝපය බොහෝ දේවල් වෙනස් කරනවා.නොහිතන කරදර වලට අපිව ඇදලා දානවා.සිද්ධාර්ත්ව මුණ ගැහිලා බලන්න.ඔහු ඒ ගැන ඔබට මතක් කරලා දෙයි.

Related Articles

Don't Miss


Latest Articles