ඩයට් කරන කාලෙට එන ඉවසගන්න බැරි බඩගින්නට කන්න සුදුසු දේවල්

ඩයට් කරන ඔබ ආහාරයට ගන්න දේවල් ගැන, ව්‍යායාම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා ඇති.ඩයට් කරන අතරතුර ඔබට හදිස්සියෙම දරාගන්න බැරි බඩගින්නක් ආවොත් මොකද කරන්නේ? ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු

ආහාර පාලනයේදි ඔබ ගන්න ආහාර වල අඩංගු දේවල් ගැන ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද ඔබේ බර අඩු කර ගැනීමෙදි ඒ දේවල් ඔබ දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.ඩයට් කරන ඔබට හදිස්සි බඩගින්නක් ආවොත් කන්න පුලුවන් ,ඒත් ඔබේ බර වැඩි නොවෙන ආහාර මොනවද කියලා තමයි අපි ඔබට කියන්න හදන්නේ

බිත්තර

බිත්තර කියන්නෙ හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් නිසා ඩයට් කරන ඔබට ඒක හොඳ තේරිමක්.ඒ වගේම බිත්තර වල අඩංගු වන ඇමයිනෝ අම්ල ශරීරගත උනාට පස්සේ බඩවැල් වල ඇති හෝමෝන ඔබේ ආහාර රුචිය මැඩපවත්වනවා.ඉන්පසු ඔබට කුසගින්න දැනීම අඩු වෙලා තෘප්තිමත් හැඟීමක් ඇති කරනවා.

යෝගට්

අඩු කැලරි ප්‍රමාණයක් සහිත ඉහල පෝෂණ ගුණයකින් යුතු යෝගට් ඩයට් කරම ඔබේ බඩගින්නට හොඳ විසඳුමක්.ඔබ ඔබේ උදෑසන ආහාරය වෙනුවට පලතුරු ස්මූති බොන කෙනෙක් නම් ඔබට එයට උනත් යෝගට් එකතු කරන්න පුලුවන් .පලතුරු වලට සාපෙක්ශව ඉහල තන්තු ප්‍රමාණයක් අඩංගු නිසා අතිරේක පෝෂණයක් සහ ශක්තියක් යෝගට් මගින් ඔබේ ශරීරයට ලබා දෙනවා.

අලිගැටපේර

අලිගැටපේර කියන්නේ සෞඛ්‍යයට හිතකර මේද අඩංගු පලතුරක්.අලිගැටපේර ආහාරයට ගැනීම මගින් කොලෙස්ටරෝල් අඩු කර, හෘද රෝග ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරන අතර ආතරයිටිස් වැනි වෙනත් ගැටළු සඳහාත් විසඳුම් ගෙන දෙනවා.මෙය ඔබේ හදිස්සි බඩගින්නට පානයක් ලෙසත් , සැන්විච් තැවරුමක් ලෙසත් භාවිතා කරන්න පුලුවන්. එමගින් ඔබේ කුස ඉක්මනින් පිරී ඔබට තෘප්තිමත් හැඟීමක් ඇති කරවනවා

ඇපල්

ඇපල් වල තන්තු සහ ස්වාභාවික සීනි අඩංගු වන අතර හොඳ ශක්‍ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා.ඔබ ඔබේ ප්‍රධාන ආහාර වේලකට විනාඩි විස්සකට පමණ පෙර ඇපල් ආහාරයට ගන්නවා නම් ඔබ ආහාර ගන්නා ප්‍රමාණය අඩු වන බව පර්‍යේෂණ වලින් සොයාගෙන තියනවා

දොඩම්

දොඩම් වල 80% ජලය පවතින නිසා දොඩම් ආහාරයට ගැනීමෙන්ද ඔබට ඉක්මනින් තෘප්තිමත් බවක් දැනෙනවා .ඒ නිසා ඩයට් කරන ඔබට හදිස්සියෙ ඇතිවන බඩගින්නකද ආහාරයට ගන්න හොඳම දෙයක් තමයි දොඩම් කියන්නේ

පිපිඤ්ඤා

ශරීරයට සිසිල් බව ලබාදෙන පිපිඤ්ඤා කියන්නේ ඩයට් කරන ඔබට ඕනම වේලාවක ආහාරයට ගන්න පුලුවන් ඉතාම හොඳ දෙයක්.ශරීරයේ තියන විශ ඉවත් කරලා ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරන පිපිඤ්ඤා ඔබේ ශරීරයේ අතිරික්ත බර අඩු කරගන්නත් බෙහෙවින් උපකාරි වෙනවා

මිදි

ස්වාභාවික මේදය, ප්‍රෝටීන් සහ ජලය අඩංගු මිදි සිරුරේ තරබාරු බව අඩු කිරීමට උපකාරි වනවා මෙන්ම බොහෝ රෝග රැසක් සමනය කරන්නත් හේතු වෙනවා. ආහාර පාලනය කරන ඔබට මිදි කියන්නේ ආහාරයට ගන්න හොඳ පලතුරක් .රුධිරය පිරිසිදු කරමින් පිළිකා තත්වයන් ඇතිවීම පව අවම කරන මිදි ඩයට් කරන ඔබේ බඩගින්නට ඉතා හොඳ පිළිතුරක්

ඩයට් කරන ඔබට හදිස්සි බඩගින්නක් ආව වෙලාවට මෙන්න මේ දේවල් ආහාරයට ගන්න පුලුවන් .ශරීරයේ බර අඩු කරගන්න ගමන් සෞඛ්‍ය සම්පන්නව ඉන්න මේ ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්න එක ගොඩක් වැදගත් වෙයි

Related Articles

Don't Miss


Latest Articles