තම දියණියගේ ජීවිතේ වැඩිපුර දිනක් වෙනුවෙන් වෙහෙස වෙන මාපිය යුවලක්.

ඔබ සැලසුම් නොකල හදිසි ගැබ් ගැනීමක සතුට විඳ තිබෙනවා ද?මේ දරුවා මේ මොහොතේ පවුලට අවශ්‍ය නැතැයි හැගෙන ඒවේදනාකාරී හැගීම එක්කම එන තිගැස්ම විඳ තිබෙනවා ද?

දෙමාපිය යුවලකට කුසට ආ කළලයක් ගබ්සා කරන්නට හිතෙන කාරණා කිහිපයක් තිබෙන්න පුලුවන්.ඒ අතරින් උපදින්න සිටින දරුවා මතු දිනක ජාන රෝගයක් නිසා මිය යාමට ඉඩ ඇති බව සිහිවෙන විට දෙමාපිය යුවලකට දැනෙන තිගැස්ම ගැන ඔබට හිතන්නට හෝ මවා ගන්නට පුලුවන් ද?

අදිති සහ නරේන් විවාහයෙන් පසුව ප්‍රථම වරට 1989 දෙසැම්බර් මාසයේ පුංචි ටාන්‍යාට දෙමාපියන් වෙනවා.නමුත් ඒ සතුට මාස හයකට සීමා කරම්න් ජාන රෝගයකට ලක් වෙන පුංචි ටාන්‍යා සමු ගෙන යන්න යනවා.ඒ මහා කඩාවැටීමෙන් පස්සේ අදිති ක්‍රිස්තියානි ආගමට බැඳී හිත හදා ගන්නට තැත් කරනවා.ඇයට යම් සැනසීමක් ගෙනෙමින් ඇගේ දෙවන දරුවා ඉෂාන් ඇය වෙත එන්නෙ ඒ අතර. ඇගේ දියණියට උරුම වුන ජාන රෝගයෙන් පුතෙක් වීම නිසා ඉෂාන්ට ගැටලුවක් නැහැ.

නමුත් නැවත අභියෝගයක්.අනපේක්ෂිත ගැබ් ගැනීමක්.මෙවර අනවශ්‍ය ගැටලුවකට මැදි නොවී එම දරු ගැබ ගබ්සා කරන්න නිරේන්ට ඕනෑ වුණත් මව වන් අදිති එයට එකඟ නෑ.ඇය අභියෝගය දරා ගන්න තීරණය කරනවා.පුංචි අයිෂා ඉපදෙන්නේ ජීවිතේ අවිනිශ්චිත බව උරුම කරගෙනමයි.

මාස හයකට පස්සේ SCID රෝගය පුංචි අයිෂා ගොදුරු කරගෙන බව දැනගන්න දෙමාපියන්ට සිද්ධ වෙනවා.නිරේන් සහ අදිති මේ වතාවේ පරාජය වෙන්න සූදානම් නැහැ. ඔවුන් දියණිය බේරා ගන්න ලන්ඩනයට යනවා.කළ හැකි සියලු දේටත් ඔබ්බෙන් ගිය දෙවල් කරමින් ඔවුන් පුංචි අයිශාගේ ජීවිතේ වෙනුවෙන් සටන් කරනවා.පවුම් 120,000 අය්ෂාගේ සැත්කමට උවමනා වෙද්දී Sun rice රේඩියෝ,අර්ජුන් ගිල්ගෙ වැඩසටහන හරහා අසන්නන්ගෙන් නිරේන් උදව් ඉල්ලනවා.
විස්වාස කරන්න! අයීෂා වාසනාවන්තයි.පවුම් 250,000 ලැබෙනවා.ඉන්දීය හා බ්‍රිතාන්‍ය අසන්නන් ඇයට පවුම් 250000ක් ලබා දෙනවා.ඒ මුදල් ලබා දෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් පමණක් නෙවෙයි.සංක්‍රමණිකයන්ගේ මුදල් පවා ඇයට ලැබෙනවා. අයිෂාගේ සැත්කමෙන් පසු ජීවිතය තවත් අසීරුයි. අයිෂාටත් ඇගේ මව වන අදිතිටත් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් ලන්ඩන්වල නවතින්න වෙද්දී ඉෂාන් සහ නරේන් ඉන්දියාවේ තනි වෙනවා.

Great ormond street hospital for children රෝහලේ නිත්‍ය සාමාජිකාවක් වෙන්න වුණු අයිෂාත් එයාගේ අම්මාත් තනි නොකර පවුලේ ඉතිරි සාමාජිකයන් වූ තාත්තාත් පුතාත් ලන්ඩනයට එනවා.අමාරු කාල පහුකරමින් ආර්ථිකය ස්ථාවර කරගනිමින් ඉන්නකොට 2009 අවුරුද්ද සිදුවෙන්නේ සම්පූර්ණයෙන් ප්‍රාතිහාර්යයක්.

ලස්සන යොවුන් දැරියක් වුණු, අම්මාට ආදරේට මූස්, තාත්තට පැන්ඩා අයියාට ජිරාෆ් කියලා කතා කරන අයිෂාට සම්පූර්ණයෙන් සුව බව එයාලා දැන ගන්නවා.සාකච්ඡා වට කීපයකින් පස්සේ ආපහු ඉන්දියාවට යන්නේ සන්තෝසය පිරුණු පවුලක්.ඉන්දියාවේ ජීවිතේ පටන් ගන්නේ සන්තෝසයෙන් පිරුණු පවුලක්.

නමුත් අභියෝග අවසන් නෑ.පවුලේ සාදයකදි ඉෂාන්ටත් එයාගෙ පෙම්වතියටත් බිම වැටුණු අයිෂා මුණ ගැහෙනවා. SCID රෝගයට කරපු ප්‍රතිකාර වල අතුරුඵලයක් ලෙස අයිෂාට පෙනහළු රෝගයක් ඇති බව දැන ගන්නා ඔවුන්ගේ ජීවිත වල සැනසීම ආයෙත් නැතිවෙනවා. එතෙක් පවුලක් ලෙස සන්තෝසයෙන් හිටියඔවුන්ගේ පවුලට නැවත සැනසීමක් නැති දවස් උදා වෙනවා.

අයිෂාට ජීවිතේ ගෙවන්න පුලුවන් දහ අට වෙනකම් විතරයි. ඔවුන් ඒ සත්‍ය දැන ගනන්ව.

ඉතින් ඒ සත්‍යය එයාලා දරා ගත්තේ කොහොමද? The sky is pink චිත්‍රපටිය බලන්න.

පවුලක බැඳීම මොනතරම් විශාල ද අම්මා කෙනෙක් මොනතරම් දරා ගන්නවද තාත්තා කෙනෙක්ට කොච්චර සටන් කරන්න පුලුවන් ද කියලා වගේම අයියා කෙනෙක්ට එච්චර ආදරේ කරන්න පුලුවන් ද කියලා ඔබ එතකොට දැන ගනීවි.

එච්චර විතරක් නෙවෙයි පුංචි කෙල්ලක් මරණය පෙනි පෙනී පවා සතුට හොයනවා.තමන්ගේ හීන ලුහුබඳිනවා.මේ චිත්‍රපටිය මේ තරමටම ලස්සන අයිෂාගේ කතාව සත්‍යය කතාවක් නිසා.අයිෂා සැබෑවටම ගෙවපු ජීවිතය මේ චිත්‍රපටිය ඔබට කියන නිසා.

The Sky Is Pink” ඉන්දියානු සිනමාවේදිනි ශොනාලි බෝස් විසින් නිර්මාණය කරන ලද සිව් වැනි වෘත්තාන්ත චිත්‍රපටය යි. අයිෂා චෞද්‍රි කියන ඉන්දීය දැරියගේ කතාව ඇය ඔබට ගෙන එන්නේ ප්‍රියංකා චොප්‍ රා, ෆර්හන් අක්තාර්ගේ රඟපෑම් එක්ක.අයිෂා චෞද්‍රි ලෙස රංගනයේ යෙදෙන්නේ සයිරා වාසීම්.

“හැමෝටම අහස නිල් පාට උනාට
ඔයාගේ අහසත් නිල් පාට වෙන්නම ඕන නෑ
ඒක රෝස පාට වෙන්නත් පුලුවන් ඉශාන්”

අහස රෝස පාටයි.අයිෂා වගේ සුරංගනාවියන්ට සැණකෙළි පවත්වන්න ඒ අහස රෝස පාටයි.

2019 වසරේ ඉන්දියාවේ බිහි වූ මේ විශිෂ්ට චිත්‍රපටිය මඟ නොහැර නරඹන්න.

Related Articles

Don't Miss


Latest Articles