උත්සවයකට ගැලපෙන ලස්සන සාරි ජැකට් විලාසිතා

මංගල උත්සවයකට හෝ වෙනත් විශේෂ උත්සව අවස්ථාවකට සහභාගීවන්නට සිදුවූවිට අඳින්නේ කුමක්ද යන්න බොහෝ දෙනාට සුලබ ගැටලුවක්. විශේෂයෙන්ම සාරියක් අඳින්නට අවශ්‍ය අවස්ථාවක දී සාමාන්‍ය සාරි විලාසිතාවකට වඩා යමක් එකතු කළහැකි නම් කියා සිතෙන්නට පුළුවන්. මේ අදහස් කිහිපය විශේෂ උත්සව අවස්ථාවකට ලස්සනට සැරසී සහභාගීවන්නට ඔබට ප්‍රයෝජනවත් වේවි.

saree 1

Puff sleeves යනු තරමක් පැරණි විලාසිතාවක් වූවත් එය නැවතත් ජනප්‍රිය මෝස්තරයක් බවට පත්වී ඇත. විශේෂයෙන්ම නව යෞවනියන් අතර මෙම විලාසිතාවක ඉතාමත් ජනප්‍රියයි. Puff sleeve එකේ පහත කොටසට සාරි බෝඩරයෙන් කොටසක් එක් කිරීමෙන් වැඩි අලංකාරත්වයක් එක්කොටගත හැකියි.

saree 2

නැවත විලාසිතා ලොව ජයගන්නට velvet සමත්වී ඇත. Velvet වලින් සැකසූ සාරි විලාසිතාවක් රාත්‍රී සාදයකට සහභාගීවන ඔබට නැවුම් පෙනුමක් ලබාදෙනු ඇත.

saree 3

මෙය නවතම විලසිතාවක්. ලේස් වැනි රෙදිවර්ගයක් සාරියට ගැලපෙන සේ යොදාගත හැකි අතර පිටු පස කර වඩා විවරව තිබීම අපහසු යැයි සිතෙනවා නම් එම කොටස සඳහා නෙට් වැනි රෙදිවර්ගයක් යොදා ආවරණය කළ හැක.

saree 4

රාත්‍රී කාලයේ පැවැත්වෙන සාදයක් සඳහා මෙම විලාසිතාව වඩාත් සුදුසුයි. සාරියේ මැද කොටස චාම් බවින් යුත් නිසා විසිතුරු ජැකට් එකෙන් වඩාත්වැඩි පෙනුමක් ලබාදෙනු ඇත.

saree 5

උත්සවයක් සඳහා දිලිසෙන සාරියක් ඇඳිය යුතුයි කියා නීතියක් නැහැ. ලා පැහැති මෙවැනි විලාසිතා වැඩි ලස්සනක් වගේම ලාබාල පෙනුමක් ගෙනදෙනවා. මෙය උදෑසන හෝ දිවා කාලයෙහි පැවැත්වෙන උත්සවයකට වඩාත් ගැලපෙනවා.

හැමදාම එකම විලාසිතාවට අනුව සැරසෙනවාට වඩා අලුත් විලාසිතාවක් එකතුකරගැනීමට කැමතිනම් බලන්න මෙම විලාසිතාවලින් ඔබටත් නවමු අදහසක් ලබාගතහැකිද කියා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles