කොයිතරම් බිසී වුනත් ඔබ දෙදෙනාට පමණක් වෙන් වූ ආදරණීය වෙලාවක් වෙන් කිරීමේ වාසි.

ආදරේ කරනකොට ඔබේ සම්පූර්ණ ලෝකය ඔහු වෙන්න පුලුවන්. ඔහුගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක ඔබ වෙන්න පුලුවන්. ඒත් ඉතාම කාර්‍යබහුල හින්දම ඔබ දෙදෙනාට පමණක් අනන්‍ය වූ වෙලාවන් ලැබෙන්නේ හරිම අඩුවෙන් වෙන්න පුලුවන්.නැතිනම් දරුවන් පවුලට එක් වූ පසුව දරුවන්ගේ වැඩ වලට මූලිකත්වය දෙන නිසාත් ඔබ දෙදෙනාට හුදෙකලා වෙන්න අදහස් බෙදා ගන්න වෙලාවක් අහිමි වෙන්නත් පුලුවන්

එය ඔබේ සබඳතාවට බලපාන්නේ කොහොමද?

පවුල් සබඳතා පිළිබඳ විශේෂඥයන් පවසන්නේ නම් ඔබ දෙදෙනාට අනන්‍ය වූ දෙදෙනාට පමණක් සීමා වූ වෙලාවන් තිබිය යුතුමයි කියල .ඒ ඇයි කියලා අපි අද කතා කරමු. ඇත්තටම ඔබ දෙදෙනා වෙලාවක් වෙන් කර ගැනීම ඔබේ පවුලේ සාර්ථකත්වයට බලපාන්නෙ කොහොමද කියලා මේ ලිපියෙන් ඔබට දැන ගන්න පුලුවන්.

කොහොමද ඔබ දෙදෙනාට පමණක් වෙන් වූ වෙලාවක් හදා ගන්නේ?

නිවාඩුවකදී සංචාරයක යෙදෙන්න ඔබට පුලුවන්. ඒ සංචාරය ඔබ දෙදෙනාට පමණක් සීමා වෙන්න ඕනෑ.ඒත් එදිනෙදා ඔබ දෙදෙනාට පමණක් වෙන්වූ වෙලාවක් මේ විදියට තබා ගන්න පුළුවන්.එකතුවී ඉවීම,රැකියාව නිම වී නිවසට එන අතර Coffee එකක් බොන්නට ඔබේ ප්‍රියතම අවන්හලට යාම, රාත්‍රියේදී නින්දට පෙර කතාබහේ යෙදෙන්නට වෙලාවක් තබා ගැනීම වගේ දේවල්වලින් ඔබට ඔබ දෙදෙනාට අනන්‍ය වූ වෙලාවක් තබා ගන්න පුළුවන්.
Candle light dinner එකක්, එළිමහනට වී ගිටාරයක් වයමින් ගී ගයන මොහොතක්, long trip එකක් මේ මොහොත වඩා වර්ණවත් කරන්න යොදා ගන්නත් ඔබට පුලුවන්.

මෙයින් ලැබෙන වාසි මොනවද?

ආදරය අලුත් වීම.

ඔබ දෙදෙනා පමණක් එක්ව ගත කරන මොහොතකින් සිදුවෙන ලොකුම වාසිය ඔබේ ආදරය අලුත් වීමයි.ඔබේ ක්‍රමයට එකිනෙකාට ලං වී ආදරයෙන් ඉන්න විට ඒ ආදරය අලුත් වෙනවා.ඔබට අනෙකාව වඩාත් දැනෙනවා.අමනාපකම් අමතක කර දෙදෙනාට ආදරය අලුත් කර ගන්න මේ වගේ වෙලාවක් හරිම වටිනවා.ඒ වගේම දෙදෙනා තුළ ලිංගික ආකර්ෂණය වර්ධනයටත් මෙය හේතුවක්.

තමන්ගේ අඩුපාඩු බෙදාගන්න හැකි වීම.

ඔහු තුළ දකින අඩුපාඩු කෑගසා හැමවිටම නොකියා මේ වගේ මොහොතක දී ඔහුට කියන්න.ඒ ඔබ දෙදෙනා සැහැල්ලුවෙන් සහ සතුටින් ඉන්න වෙලාවක්.මහන්සිය හෝ ආතතිය නැති වෙලාවක්.අනිත් කෙනාගේ අඩුපාඩු හෝ ඔබ දකින වැරදි මේ වගේ වෙලාවක සාකච්ඡා කරන්න පුලුවන්.රණ්ඩු නොවී එකිනෙකාට අනෙකාව නිවැරදි කරන්න මේ වගේ මොහොතක් හොඳින් ගැලපෙනවා.

අනාගත අරමුණු ගැන එකතු වී කතාබහ කළ හැකි වීම.

උසස් අධ්‍යාපනයට හෝ රැකියාවට විදේශගත වීම ගැන ඔබ මිතුරන් හා එක්වී කතා කිරීමේ වාසි තිබෙනවා තමයි.නමුත් ඔබ දෙදෙනා තමන්ගේ මොහොතක ඒ කාරණාව ගැන කතා කළොත් දෙදෙනාම කැමති තීරණයකට පහසුවෙන් එළඹෙන්න පුලුවන්.ඔබේ නිවස ඉදිවන ආකාරය,ඔබ මිලට ගන්නා වාහනය, දරුවන් සෑදීම වගේ දේවල් ගැන දෙදෙනා එක් වී කතා බහ කිරීම හරිම නුවණක්කාර වැඩක්.දෙමාපියන්ගේ හෝ මිතුරන්ගේ අදහස් ලැබුණත් ඒවා ගැන ඔබ දෙදෙනාට අනන්‍ය වූ වෙලාවක කතා කිරීමෙන් ගැටුම් රහිත තීරණ ගන්න ඔබට පහසු වෙනවා.

දෙදෙනාව රුචි කරන දේවල් කරන්න ඉඩ ලැබෙනවා.

පවුලේ අය සමග චාරිකාවක් යද්දී ඔවුන්ගේ රුචියට මුල්තැන දෙන්න ඔබට සිදුවෙනවා.මිතුරන් කැටුව රාත්‍රී ආහාරයට පිටතට ගිය විට වෙන්නෙත් ඒ දේමයි .ඔබ දෙදෙනා එක්ව මේ මොහොතවල් සැමරීමෙන් ඔබ දෙදෙනාගේ රුචියට අනුව වැඩ කිරීමට නිදහස ඔබට ලැබෙනවා.අනිත් කෙනාගේ ප්‍රිය
තාවයන් තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා.

ඔබට සැහැල්ලුවක් දැනෙනවා.

ඔබ වැඩියෙන්ම ආදරය කරන කෙනා සමඟ තනිවීම, ඇවිදින්නට යාම ඔබ සැහැල්ලු කරන ක්‍රියාවක්.Relaxing කියන්නේ Relationship එකකට අත්‍යවශ්‍යම දෙයක්.ඔබටම පමණක් වෙන් වුණු වෙලාවකදී ඔබ දෙදෙනාටම මේ relaxing කියන දේ හොඳින් ලඟා කර ගන්න පුලුවන්.

ඔබ දෙදෙනාට තමන් අවබෝධ කර ගන්න, රුච් අරුචිකම් බෙදා ගන්න, ගැටළුවක් විසඳා ගන්න, ලිංගික ආකර්ෂණය වැඩි කරගන්න මේ අනන්‍ය වූ මොහොත හරිම වැදගත්.

ආදරේ අලුත් කරගත හැකි කිසිම මොහොතක් මඟ අරින්න එපා.

Related Articles

Don't Miss


Latest Articles