රජයේ පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීමට අයදුම් කළ යුතු ආකාරය.

රජයේ පාසලකට දරුවකු ඇතුළත් කර ගැනීමේ දී සපුරා ගත යුතු සුදුසුකම් රාශියක් තිබෙනවා.ඒ කෙසේ වෙතත් ඔබේ දරුවා ට පාසලක් නොලැබේ යැයි බිය විය යුතු නැහැ .ඉතා හොඳින් නිසි ලෙස අයදුම්පත් සම්පූර්ණ කිරීම සහ අදාළ ලිපි ලේඛන නිසි පරිදි යොමු කිරීමට වග බලා ගැනීමයි වැදගත්. පහත විස්තරය ඔබට උපකාරයක් වන්නේ අන්න ඒ නිසයි .

රජයේ පාසලකට දරුවකු ඇතුළු කිරීමට සපුරා ගත යුතු විවිධ සුදුසු කම් රාශියක් තිබෙනවා .දරුවා පාසලට ඇතුළු කළ යුතු වසරට පෙර වසරේ මැද භාගයේ දී ඉල්ලුම් පත්‍ර පුරවා යැවිය යුතු වෙනවා.ඉල්ලුම් පත්‍ර පිරවීමේදී පහත සඳහන් කාරණා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

1.අදාල වර්ෂයේ ජනවාරි මස 31 වන දින වන විට ළමයාගේ වයස අවුරුදු පහක් සම්පූර්ණ විය යුතු වෙනවා.
උදාහරණයක් විදිහට ඔබ ඉල්ලුම් කරන්නේ 2021 නම් 2021.01.31 වන විට ළමයාගේ වයස අවුරුදු පහක් සම්පූර්ණ වී තිබිය යුතුයි .

2.ළමයාගේ වයස නිවැරදි බව තහවුරු කිරීම සඳහා උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුයි.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ පිළිවෙල

1.අයදුම්පත නිසි ලෙස පුරවන්න.

  1. එය සමග තම නම ලිපිනය සඳහන් ලියාපදිංචි තැපැල් ඒ සඳහා අවශ්‍ය මුද්දර ගැසූ ලියුම් කවරයක් ද සූදානම් කර ගන්න .
    3.ළමයා ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් පිළිබඳ තමන් විසින්ම සහතික කළ අදාළ ලිපි ලේඛන වල පිටපත් ද ,ඒවා සනාථ කිරීමට දිවුරුම් ප්‍රකාශයක් ද සමග සූදානම් කරන්න .
    උදාහරණයක් ලෙස විදුලි ජල සහ දුරකථන බිල්පත් ඉදිරිපත් කරන අයදුම් කරුවන් එක් අවුරුද්දකට එක බැගින් ,අයදුම් පත එවන මාසයට පෙර මාසයේ බිල්පතේ එවිය යුතු යි .
    4.සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඊට අමතර ව ඉල්ලා සිටිනවා නම් ඒ සඳහා ද සූදානම් විය යුතු බව මතක තියාගන්න.
    5.ඉල්ලුම් කිරීමේ ලිපිය තැපෑලෙන් එවිය යුතු අතර අතින් බාර දෙන්නේ නම් ලිපිය බාර ගත් බවට ලදු පතක් ලබා ගැනීම කළ යුතුය.
    6.සෑම අයදුම්කරුවෙකු ම අවම වශයෙන් තමාට ආසන්න පළාත් සභා පාසල් තුනක් ද ඇතුළුව පාසල් 6 කට වත් ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා .

තෝරා ගන්නා අයුරු

  1. තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණය පරීක්ෂණ මණ්ඩලයක් මගින් මගින් සිදු කරනවා
  2. පරීක්ෂණ මණ්ඩලය විසින් අයදුම්පත් පරික්ෂා කර කිසියම් ක්‍රියාපටිපාටියක් අනුව ලකුණු ලබා දෙනවා.

තෝරා ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමවේදය.

පහත සඳහන් ප්‍රතිශතවලට අනුව දරුවන් තෝරා ගැනීම සිදු වෙනවා.

1.පාසලට ආසන්න පදිංචිකරුවන් ගේ දරුවන් 50%

2.අදාළ පාසලේ ආදි සිසුන් වන මව්පියන්ගේ දරුවන් 25%

3.දැනටමත් අදාල පාසලේ අධ්‍යාපනය ලබන ළමුන් ගේ සහෝදර සහෝදරියන් 15%

4.අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රජයේ පාසල් අධ්‍යාපනයට සෘජුවම බලපාන ආයතනයක කාර්ය මණ්ඩලයට අයත් තැනැත්තන් ගේ දරුවන් 05%

5.රජයෙන් සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු වීම් ලැබූ රාජ්‍ය/ සංස්ථා /ව්‍යවස්ථාපිත මණ්ඩල /රාජ්‍ය බැංකු නිලධාරීන්ගේ දරුවන්
04%

6. ළමයා සමග විදේශගතව පදිංචිව සිට පැමිණෙන තැනත්තන්ගේ දරුවන් 01%

ලකුණු ලබා දෙන්නේ ලකුණු 100 කින්.
සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛන වලින් අවම වශයෙන් එක් ලේඛනයක් හෝ නීත්‍යනුකූල නොවන එකක් නම් එම අයදුම් පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබෙනවා.

දරුවෙක් පාසලට ඇතුලත් කිරීම සදහා ඔබ සපයා දිය යුතු ලිපි ලේඛන ගැන වගේම ඒ ලේඛන සඳහා ලකුණු ලබා දීමේ පිලිවෙල ගැන පහත ලේඛනයෙන් ඔබට විස්තර දැන ගන්න පුලුවන්.

ඒ පිළිබඳ වැඩිදුර විස්තර සදහා පහත විස්තර පත්‍රිකාව බලන්න.

https://drive.google.com/file/d/1yJBjfSv_iRdv3HgFAX8zj5VtmwB8YTxV/view?usp=sharing_eil&ts=5f75edd8

Related Articles

Don't Miss


Latest Articles