Chicken and Cashew Fried Rice

පුතාගේ උපන්දිනය වෙනුවෙන් මං හදපු බත් එකේ රෙසපි ඉල්ලලා මෙසේජස් කීපයක්ම ආව නිසා අද ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න හිතුවා ඒ වගේම ඒකට ඉස්සන් වෙනුවට කුකුල්මස් දාලා හදන හැටි කියන්න කියලා තමා ඉල්ලලා තිබුනේ. ඉතිං මේ හදන විදිහ…

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පිසගත් බත් කෝප්ප 8
  • කටුරහිත කුකුල්මස් 450g
  • හීනියට කපාගත් කැරට් ගෙඩි 1
  • හීනියට කපාගත් ලීක්ස් ගස් 1
  • හීනියට කපාගත් 150 g ගෝවා කැබැල්ලක්
  • බිත්තර 2
  • කජු
  • තලාගත් ඉගුරු සුදුලූණු තේහැදි 2
  • බටර් 50g
  • චිලිපේස්ට් මේසහැදි 2
  • මිරිස්කුඩු තේහැදි 1
  • සුදු විනාකිරි තේහැදි 1/2
  • රස අනුව ලුනු

සාදන ආකාරය :

මුලින්ම මස් තරමක කැබලි කපා හොඳින් පිරිසිදුකරගන්න. පෑන් එකක් ගෙන එයට මස්,මිරිස් ,විනාකිරි හා ලුනු දමා හොඳින් කළවම් කර විනාඩි 15 පමණ තබන්න. පසුව මස් තැම්බෙන්නට අවශ්‍ය පමණට වතුර දමා පෑන් එක පියනකින් වසා මස්ටික හොඳින් තම්බා ගන්න. පසුව තවත් තරමක් ලොකු පෑන් එකක් ගෙන එයට බටර් ටික දමා බටර් දියවී රත්වූ පසු තම්බාගත් මස්ටික එයට එක්කර පෑන්ෆ්‍ර්‍යි වෙන්න දෙන්න. මස් තරමක් බැදීගෙන එන විට එයට කජු එකතුකරන්න. කජුටික බැදීගෙන එන විට එයට තලාගත් සුදුලූණු හා ඉගුරු එක්කර සියල්ල හොඳින් කළවම් කරමින් මස්ටික ගෝල්ඩන් බ්‍රවුන් වෙනත්ක් කළවම්කරමින් පිසගන්න. දැන් කැරට්, ලීක්ස් හා ගෝවා එක්කර හොඳින් කළවම් කරමින් විනාඩියක් පමණ පිසගන්න. පසුව මස් එළවළු මිශ්‍රණ පෑන් එකේ එක පැත්තකට කර යන්තම් බීට් කරගත් බිත්තර දෙක එකතු කරන්න. දැන් බිත්තර කුඩා කැබලි වලට කැඩෙනසේ හැදිගාමින් පිසින්න බිත්තර හොඳින් පිසුනු පසු මස් එළවළු මිශ්‍රණය සමඟ හොඳින් කළවම් කරන්න. පසුව එයට පිසගත් බත් ලුනු හා චිලිපේස්ට් එක්කර ඉතාහොදින් කළවම් කරන ගමන් විනාඩි දෙකක් පමණ පිසගන්න. දැන් ඔබ කැමති ආකාරයට පිළිගන්වන්න .

Chicken and Cashew Fried Rice

Ingredients:

  • 8 cups of cooked rice
  • 450g of boneless chicken
  • 1 finely chopped carrot
  • 1 finely chopped leeks
  • 150g of finally chopped cabbage
  • 2 eggs
  • Cashews
  • 2 tsp of crushed garlic and ginger
  • 50g of butter
  • 2 tbsp of chili paste
  • 1 tsp of chili powder
  • 1/2 tsp of white vinegar
  • Salt according to taste

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]

Preparation:

Start by cutting the chicken. Then take a pan and add chicken, chili powder, vinegar and salt, mix well and leave it aside for 15 minutes. Next add some water (enough water to boil the chicken), close the pan with a lid and boil till well cooked. After that take another slightly large pan and add butter. Once the butter has melted, add the boiled chicken and pan fry it. When the chicken starts to fry add cashews. Once the cashews also start to become cooked, add crushed ginger and garlic. Now pan fry till the chicken becomes golden brown. Then add carrots, leeks and cabbage and stir fry for around a minute. Next push aside the mixture and add the slightly beaten eggs to the remaining space (refer to pic). After that stir fry just the eggs. Once the eggs are fully cooked mix it with the remaining part of the mixture (chicken, carrots, leeks, etc). Then add cooked rice, salt and chill paste and stir fry for 2 minutes. Finally serve as you wish.

Related Articles

Don't Miss


Latest Articles