fbpx

ඉක්මන් කසාදේ.

“හායි කොහොමද මෙහෙ හොඳයිද?”

අලුත් ඔෆිස් එකට ඇවිල්ලා පැය ගානක් යනකොටම අනිත් අය මාත් එක්ක හිතවත් වෙන්න පටන් ගත්තා.මම හිනාවකින් එයාලට හිතවත් වෙන්න උත්සාහ කළා. කැම්පස් අවුට් වෙලා, ට්‍රේනින් පීරියඩ්ස් පහු කරලා ආපු පළවෙනි රස්සාව.ඉතින් හැමෝම එක්ක හොඳට ඉඳගෙන රස්සාව පරිස්සමින් කරන්න ඕනෑ.

“නංගි කැන්ඩි කිව්වා නේද? අපෝ එහෙනම් මේ රස්තියාදුකාර කොල්ලන්ට එහෙම අහු වෙන්න එපා.හොඳ නිලමෙ කෙනෙක්ම හොයා ගන්න..”

ජානකී, මං දිහා බලාගෙන එහෙම කිව්වා.මං දැනටමත් පෙම්වතියක් බව මම එයාට කිව්වේ ඉන්පස්සේ.ඕවා හංගලා මොකටද?

“කළුතර..ගෙදරින් කැමතිද ඉතිං?”

ජානකී වැඩිදුරටත් අහද්දී අපේ වෙඩින් එකට තියෙන්නෙත් තව පොඩි කාලයක් කියලා මං මතක් කළා.

“වෙලාවට අංජලී ඒක කිව්වේ..නැත්තම් ඔය ජානකී ඔයාගේ කේන්දරෙත් බලෝනවා. “

ප්‍රියමනාප පෙනුමක් තියන දුලානි හිනා වුණේ එහෙම කියන අතරේ.අංජලී කියන්නේ ඈතින් ඇසුරු කළ යුතු කෙනෙක් බව මම හිතා ගත්තා.රතු කොඩියක් දකිනකොටම දිවීම මගේ සාමාන්‍ය සි‍රිතක්.

“හායි..අනේ මං අද හාෆ් ඩේ.අපේ ටෙෂී අසනීප වෙලා ඩොක්ට ගාව හිටියේ.එයාව විකුම් එක්ක තියලා මං ආවා..”

ලස්සනම ගෑනු ළමයෙක් ආවේ එහෙම කියාගෙන.පුංචි දූ අසනීපෙන් වෙන්න ඇති.ඩොක්ට ගාවට ගිහින් එයාව තාත්ති ළඟ තියලා ඔෆිස් ආව අම්මා කෙනෙක්.මං හිතන්න ගත්තා.

“ඔය සක්කරවට්ටමට ඈතින් ඉන්න අංජලී.ඉශානි කියන්නේ මං දන්න නැහැදිච්චම කෙල්ලක්..”

තමන් එක්ක කාලයක් ඔෆිස් හිටිය කෙනෙක් ගැන අද මුණ ගැහුණු මට කියන ජානකී ගැන මට මහ අපුලක් ඉපදෙන්න පටන් ගත්තා.මම එයා දිහා බැලුවෙත් ඒ අප්‍රසන්න බව මූණට අරගෙන.ජානකීට ඒකෙ වගක් නෑ.

“ඔය ටාෂිද මාෂිද ගාන්නේ ගෙදර ඉන්න බලු තඩියට.දැන්ම ළමයි හදා ගන්න විදියක් නෑනෙ.ළමයෙක් වගේ බල්ලෙක් හදනවා.අනේ මටනම් මල අප්පිරියයි.මෙයයි එයාගේ කොල්ලයි Living together ඉන්නේ.කසාදයක් බඳින අදහසක් වත් නෑ..හිතන්නකො විලි ලැජ්ජා නැතිකම..”

අනුන්ගේ එක්ව ජීවත්වීමක් ගැන අපිට ලැජ්ජ හිතෙන්නේ එයාලගේ නිදන කාමරය අපේ මනසේ මවාගත්තම. living together කියන්නේ sex කරනවට විතරද? එයාලා එක ගෙදරක ජීවත් වෙනවා.උයනවා පිහිනවා.ගෙව අස් කරනවා.ඒකත් සාමාන්‍ය ගෙදරක්.විවාහ වෙනකම් එයාලගේ දරුවා ඒ බලු පැටියා වෙන්න ඇති.ඉතින් අපිට මොකද? ඒ එයාලගේ ජීවන රටාව.

“කසාද බඳින්න කලින් ඔහොම ඉඳලා මිනිහා යන්න ගියාම තේරෙයි.මෙයා නිකන් ගෙදර විස්තර කියන්නේ ඔයාටත් වඩා උජාරුවට..”

ජානකී දුලානිටත් කිව්වා.දුලානි හිනා වුණා.

“මම මැරි කළේ Praposal එකකින් තමයි.ඒත් මම නුවන්ව හොඳට තේරුම් අරන් වෙඩින් එක ගත්තේ.අවුරුදු ගාණක් යාළු වෙලා ඉඳලා මැරි කරපු මගෙ යාලුවෙක් ඔන්න දැන් ඩිවෝස් වෙන්න යනවා. එහෙම තමයි.නොගැලපීම් තේරෙන්න කාලයක් යනවා.ඉෂී විකුම් එක්ක Living Together ඉන්න එක මටනම් හිතෙන්නේ හොඳ දෙයක්.කාලයත් එක්ක අනිත් කෙනා තේරුම් අරන් එකට ඉන්නවද වෙන් වෙනවද කියලා තේරුම් ගන්න පුලුවන්නෙ..”

දුලානි එහෙම කියද්දී ජානකී මොනවාදෝ කියන්න උත්සාහ කරා. දුලානි එයා වැලැක්කුවා.

“අපි ඉෂී ගැන හනේ හුනේ කියන්න, අප්පිරියා කරන්න,කම්පා වෙන්න ඕන නෑ ජානු.එයා අවුරුදු විසි හයක කෙල්ලක්. ජීවිතේ ගැන තීරණ ගන්න එයාට පුලුවං..”

ජානකී නිශ්ශබ්ද වුණා.ඒත් ඉෂානිට ඉඩ ලද මොහොතක හින්ට් ගහන එක නතර වුණේ නෑ.ඉෂානි ඒවා ගණන් ගත්තෙත් නෑ.එක දවසක් ජානකී ඔෆිස් එකට ආවේ මලක් වගේ.මුහුණ හිනාවෙන් පිරිලා ගිහින්.

“මං ලබන මාසේ මැරි කරනව..”

අපි පුදුම වුණා.ජානකීට සම්බන්ධයක් තියෙන බවක් අපි දැනගෙන හිටියෙත් නෑ.

“ප්‍රපෝසල් ද ජානු? නැත්තං කෙල්ල අපට හොරා අෆෙයා එකක් තියන් හිටියද?”

දුලානි අහනකොට ජානකී ඉෂානි දිහාවට අවඥා බැල්මක් පා කළා.

“මට සමීර අයියා මීට් වෙලා සති දෙකයි අනේ.අපි බඳින්න තීරණේ කළා..”

අපි ඔක්කොම පුදුමයට පත් වුණා.දුලානි ඉක්මනින් කතා කළා.

“මගෙ දෙයියනෙ..එච්චර ඉක්මන් වෙන්න එපා ජානු.එක අම්මගෙ බඩේ ඉපදුණු සහෝදරයො පවා විශ්වාස නැති කාලයක් මේ..සති ගාණක් ආස්සරේ කරලා කසාද බඳින්න එපා..”

ජානකී ඒ කතාව සත පහකට ගණන් ගත්තේ නෑ.

“ප්‍රයෝජන ගන්න මාව ඔහේ තියන් ඉන්න සමීර අයියගෙ අදහසක් නෑ.අපි බඳිනවා..”

කිව්වත් වගේ ජානකී මාසයකින් විවාහ වුණා.ජානකීට වඩා අවුරුදු දහයක් දොළහක් වැඩිමල් සමීරගේ මුහුණේ අමුතු කුරිරුකමක් තියන බව මට හිතෙන්න ගත්තා.මගේ අනුමානය හරි.ජානකී දවසක් ඔෆිස් ආවේ අත් දිග කර පියවූ ඇඳුමකින් සැරසිලා.

“ලව් බයිට්ස් හංගන්න මහන්සි වෙන තරම්..”

මං පුංචි විහිළුවක් කළා.එයා මාව ඇදගෙන වොෂ් රූම් එක පැත්තට ගියා.

“අංජු..අනේ නංගි මේ බලන්න..”

බෙල්ල පුරාම සීරුම් තුවාල.ඒ රාගයේ අනන්තයක් නොවෙන බවත් සමීර රණ්ඩු කරලා ගෙල මිරිකීමක් බවත් ජානකී කිව්වේ හැඬුම් අතරින්.මම එයාගේ හිත හදන්න උත්සාහ කළා.ජානකී එන්න එන්නම කරදරයේ වැටෙනකොට මට හිත හදන එක එපා වෙමින් තිබුණා.

“ජානකීගේ හස්බන්ඩ් අර එකවුන්ට්ස් බ්‍රාන්ච් එකේ උදිතට ගහන්න ගිහින්.හේතුව ඒ කොල්ලා මෙයාගේ ෆේස්බුක් ෆොටෝ එකකට හාට් දාලා.අර මිනිහා මඟ රැකලා ගහන්න ගිහින්..”

දුලානි දවසක් අපට කීවේ කරදර මුහුණකින්. ඉතා ඉක්මන් විවාහයක් නිසා ජානකී පසුතැවෙමින් හඬන දවස් අපි බලාගෙන හිටියා.

“කමක් නෑ..මට කසාද සහතිකයක් තියනවා. මං මිනිහෙක් පාවිච්චියට අරන් තියන බඩුවක් නෙවෙයි. මම සමීර දිසානායකගේ කසාද ගෑනි.මිසිස් දිසානායක.”

තැලුම් තුවාල පිරිමදිමින් පවා ජානකී ඉෂානිට ඇනුම් පද කිව්වා. ඉෂානි ඒවා නෑහුණු ගාණට ඉන්නේ එයා ළඟ සන්තෝසය උතුරන නිසා බව මම දන්නවා.

ජානකී අතක් කඩාගෙන ඒ අත එල්ලාගෙන ඔෆිස් ආව දවසේ අපේ අංශ ප්‍රධානතුමිය එයා එක්ක සෑහෙන වෙලා කතා කළා.ජානකී එදා කෙටි නිවාඩුවක් අරගෙන ගෙදර ගියා.ජානකීට ටික කාලයකට නිවාඩු ලැබුණු බව අපිට දැන ගන්න ලැබුණා.ඊටපස්සේ මටත් ඒ ගැන හොයන්න වෙලාවක් තිබුණේ නෑ. ජීවිතේ ලස්සනම දවස් වෙනුවෙන් මම මහන්සි වුණා.

මම වෙඩින් එක අරගෙන හනිමුන් ගිහින් සන්තෝස දවස් ගාණක් පහු කරලා ඔෆිස් එකට එනකොට ජානකී ඇවිත් හිටියා.එයා මට සුබ පැතුවේ හරිම හෙමින්.

“මං ඩිවෝස් නඩුවක් දැම්ම නංගි.අපේ මැඩම්ගේ අක්කා ලෝයර් කෙනෙක්.එයා තමයි උදව් කරන්නෙ..”

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

කමක් නෑ.ගුටි කනවට වඩා වෙන්වීම සැපක්.ජානකී අලුතෙන් නැගිට ගනීවි.

“අංජු, සැලෝන් මනාලි එකේ ඩ්‍රෙසින් මාර පර්ෆෙක්ට්නෙ.මට එයාගේ කන්ටැක්ට්ස් දෙන්නකො.අපේ වෙඩින් එකටත් ඩේට්ස් හම්බුණානෙ..”

ඉෂානි එහෙම කියාගෙන මං ළඟට ආවේ එතකොට.ෆෝන් එක අතට අරගෙන මනාලි සැලෝන් එකේ අංකය හොයන ගමන් මම ජානකී දිහා බැලුවා.

ඒ ඇස්වල තිබුණේ හිස්කමක්.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x