ඉඳුදුන්න -27

“ඉඳුවර..කලබල නොවී පොඩ්ඩක් ෆේස්බුක් පැත්තට යන්න..”

සිතිජගෙන් ඇමතුමක් ආවේ උදෑසන උදා වෙද්දීම ය.ඉඳුවර අවදි වූයේ ද ඒ ඇමතුමට ය.ඔහු ඇමතුමේ හිඳිමින් ම සිතිජ පැවසූ දේ ඉටු කළේ ය.දුටු දේ ඔහුව කම්පනයට පත් කරන්නට සමත් ය.

“ඒ තරිඳි නෙවෙයි…”

ඉඳුවර වචන සොයා ගත්තේ එපමණක් කියන්නට ය.දුරකථනයේ පසුබිමින් ඇසෙන්නේ සිතිජගේ බිරිඳ පහත් හඬින් මොනමොනවාදෝ කියන අන්දම ය.ඇයද උගත්කම් පසෙක තබා සාමාන්‍ය ගැහැනියක සේ සතුටු වනවාදැයි ඉඳුවර සිතුවේ ය.

“මේ මෙයා කියන්නෙත් ඒ තරිඳි නෙවෙයි කියලා ඕනේ කෙනෙකුට පේනවා.ඒත් ඕක පිළිගන්න එවුන් නැති වෙයි.හැමෝටම ඒ තරිඳි කියලා නටන්න ඕනි වෙයි.ඒ හින්දා අපි තරිදි එක්ක ඉන්න වෙනවා..”

ඇය තබා තමා ද හිඳින්නේ කම්පනයෙනි.මේ ගැටලුවට කොහෙන් කොහොම විසඳුම් සොයන්නදැයි ඉඳුවර සිතුවේ ය.

අන්තර්ජාලය පුරා තරිඳිගේ යැයි සැක සිතෙන වීඩියෝවක් තටු ලැබී පියාසර කරයි.ඒ ඈ නොවේ යැයි කියනවාට වඩා මිනිසුන් කැමති ඒ ඇය බව කියමින් හිනැහෙන්නට බව ඉඳුවර දැන සිටියේ ය.

ජනප්‍රිය මට්ටමට ළඟා වන්නට තැත් දරමින් සිටී බොහෝ නිළියන් සිතුවේ මේ තරිඳි පාගා පොඩි කරන්නට ලැබෙන හොඳ අවස්ථාවක් බව ය.ඔවුහු සන්තෝසයෙන් ඒ ආරංචියට ප්‍රැටෝල් බූලි හලන්නට ගත්හ.

“නංගි අඬන්න එපා.ඒ ඔයා නෙවෙයි කියල ඇස් තියන එකෙක්ට පේනව.ඒ ඉන්දියන් කෙල්ලක්.කමක් නෑ.නටන උං නටපුවාවෙ.අපි ඕක මීඩියාවලින්ම ඔප්පු කරමුකො..”

තමන් සැබෑවටම පෙනී හිඳින තරුණ කාලයේ වීඩියෝවක් නිසා තවමත් නින්දා විඳින දේවකී තරිඳිට පැවසුවා ය.සම්මාන පිට සම්මාන ලබා ගනිමින් අති දක්ෂ නිළියක වගට පත්වෙමින් හුන්නද ඇය තවම අහවලිය වී හිඳින්නී ය.ඒ වීඩියෝව නොහික්මුණු අධ්‍යක්ෂකවරයෙකු අන්තර්ජාලයට නිකුත් කළ කාලයේ පෙර පාසල් ගිය ළපටි කොල්ලන් පවා අද ෆේස්බුක් ප්‍රතිචාර ලියන්නේ දේවකී සමඟ නිදාගත් ගාණට ය.ඒ හැම මානසික පීඩාවක් ම මත්වීමකින් අහවර කරන දේවකී තරිඳි ගැන කම්පා වූවා ය.අසත්‍ය චෝදනාවකින් මේ තරුණියට විනාශ නොවන්නට උදව් කරන්නට ඉටා ගත්තා ය.

ෂෙරිල් හුන්නේ සන්තෝසයෙන් මන්මත් වී ය.තරිඳිට සමාන රූපකායක් සොයමින් බොහෝ වෙහෙසවූවන් හා එක් වී රාත්‍රිය පුරා මධු සාදයක හුන් ඇය අවදි වූයේ මද්දහන ද ගෙවී යද්දී ය.

“ගින්න ඇවිලිලා..”

ඇය සතුටින් පිනා ගියා ය.කෑගසා නටන තරමේ සන්තෝසයකින් හැඩවුණු ඈ වහාම තාත්තාට ඇමතුමක් දුන්නා ය.

“ෆීල්ඩ් එකට ඇවිල්ල මාස හත අටයි..වීඩියෝත් ලීක් වෙනව.මොනුන්ද තාත්ති ඔයාගෙ චැනල් එකේ වර්ක් කරන්නෙ?”

ඇය අසන්නේ මවාගත් අප්‍රසන්න බවකිනි.උදෑසනම ඒ කතාව දැනගත් වික්‍රමබාහු මහතා පුහුල් හොරා කරෙන් දැනෙන බව තරයේ ඇදහුවේ ය.තමන්ට සමාජයට මුහුණ දෙන්නට පවා අසීරු කළ වැඩිමහල් දියණියට සෘජු පිළිතුරක් දෙන්නට ඔහු සිතුවේ එනිසා ය.

“බබී, ඔයා පුහුල් හොරා කරෙන් දැනේ කියලා ඉගෙන ගත්තේ ග්‍රේඩ් ෆයිව් නේද? ඔයාට අක්කි බබා වෙලාවකට ඒ තරම් පොඩි කාලේ ඉගෙන ගත්තු පාඩම් ආයේ උගන්නලා ගන්න මට හිතෙනව.මං බිසී.මං අක්කි බබාට පස්සෙ ගන්නම්..”

තාත්තා කතා කළේ සෞම්‍ය හඬකිනි.නමුත් ඒ බිහිසුණු කුණාටුවකට පෙර හඬ වග සිහි වූ ෂෙරිල් කැළඹෙන්නට ගත්තේ ය.

තරිඳි නිසා ඉඳුවර අප්‍රමාණ මානසික තැවුලකින් පෙළෙන්නට ගත්තේ ය.නමුත් මානසික වේදනාවන් විඳිමින් හුන්නේ ඔහු පමණක් නොවේ.ඔහු හිඳින අහස යටම හුන් අමන්දීට ද නරක කාලයක් ලබා තිබිණ.

“ළමයව නාවල එන ටිකට කොල්ලා කක්ක දාලා.එකෙක් හෝදලා නෑ.”

නයනි, අමන්දිගේ ලොකු නෑනා සාලය හරහා ගියේ පුපුරමිනි.පත්තරයක් බලමින් හුන් අමන්දී හිස පමණක් ඔසවා බැලුවා ය.

“බොරුනං කියන්න එපා අක්කෙ.අම්මා පුතාව හෝදලා ගෙටත් ගෙනාව.පුතාටත් මාර නරක පුරුදුනෙ තියෙන්නෙ.ඇයි මිදුල මැද්දෙ කක්කා දාන්නෙ.දැන් එයා ටොයිලට් එකට යන්න තරම් ලොකුයිනෙ.කඩේට මිනිස්සුත් එනව..”

රූපවාහිනියට ඇස ඔබාගෙන හුන් සඳුනි ආඩපාලි කීවා ය.නයනි කෝපයෙන් ඇවිලී ගියා ය

“මේක මගෙ ගෙදර.මගෙ ළමය මිදුල මැද්දෙ නෙවෙයි සාලෙ මැද කැත කරත් ඒක උගෙ අයිතිය.එක එක කොළඹ සෑම්පලේට උඹ නැටුවට මම නටන් නෑ..”

ඒ ඇනුම්පදය තමන්ට වග අමන්දී වටහා ගත්තා ය.හැකි සෑමවිටකම නයනිට උපකාර කළද ඇය තමන් හා තරහකින් පුපුරන්නේ ඇයිදැයි නොදැන අමන්දී වේදනාවට පත් වූවා ය.

“ළමයට කෑම එකක් ලිපේ තිබ්බ.ඒක අස් කරල.ඌ කන්නෙ මොනවද?”

මුළුතැන්ගෙය දෙසින් නයනිගේ කෑගෑම යළිත් ඇසිණ.අමන්දී අසරණව ගිය මුහුණකින් සඳුනි දෙස බැලුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -17

"සකී?" සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත. "ඒ ළමයා උඹට...

ප්‍රේමයේ අභිමන් – 10

දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා...

සුහදිනි – 16

සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ...

(අ)හිමි සිහින -179

මේ කතා මෙසේ ඔබට පවසද්දී මේ කාරණාව ඔබ සමඟ බෙදා නොගෙන බැරි බව මට හිතෙනවා.නීත්‍යානුකූල විවාහ තුනක් කරගත් එක් මිනිසෙකු වෙනුවෙන් ජීවිතය...

ප්‍රේමයේ අභිමන් -09

අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල්...