Washing machine එකක් ගන්න කලින්…

Washing machine එක මේ දිනවල නිවසකට නැතිවම බැරි අංගයක් බවට පත්වී ඇත. රෙදි සෝදන යන්ත්‍ර මේ වන විට අපේ රටේ සැලකිය යුතු නිවාස ගණනක භාවිත වන විදුලි උපකරණයකි. රෙදි සේදීමේ දී හා වියළා ගැනීමේ ඇති පහසුව නිසා රෙදි සෝදන යන්ත්‍ර ජනප්‍රිය වෙමින් තිබේ. විශේෂයෙන් නාගරික සමාජයේ මේ තත්ත්වය බහුලව දැකිය හැකි වේ. නොයෙකුත් මාදිලියේ washing machine වලින් වර්තමාන වෙළඳපල පිරී ඇත. එනිසාම washing machine එකක් ගැනීමට පෙර එහි වර්ග පිළබඳව අවබෝධයක් ලබාගැනීම වැදගත්.

රෙදි සේදීම සඳහා වූ යන්ත්‍ර නිපදවනු ලබන්නේ 17 වැනි සියවසේ දී පමණය. විදුලිය මඟින් ක්‍රියාත්මක වන රෙදි සෝදන යන්ත්‍ර 20 වැනි සියවස මුල් කාලයේ දී නිපදවා ඇති අතර ඒවා ජනප්‍රිය වී ඇත්තේ ඉන් දශක දෙකකට පමණ පසු ව ය. එතැන් සිට මේ දක්‌වා විවිධ මාදිලිවල රෙදි සෝදන යන්ත්‍ර වෙළෙඳපොළට පැමිණ ඇත.

Washing machine මූලික ක්‍රම දෙකකට වර්ග කළ හැකි ය.

  1. ඉදිරියෙන් රෙදි ඇතුළු කරන යන්ත්‍ර (front loaders) – මේවායේ රෙදි දැමීම සිදු කරනු ලබන්නේ ඉදිරියෙනි. මේවා ඉහළින් රෙදි දමන යන්ත්‍රවලට වඩා බලශක්‌තිය, ජලය හා සේදුම් ද්‍රව්‍ය භාවිතය අතින් කාර්යක්‌ෂ්ම ය. ඇතැම් විට මේ වර්ගයේ යන්ත්‍රයක්‌ සඳහා වැය වන්නේ අනෙක්‌ වර්ගයට වඩා තුනෙන් එකක්‌ තරම් විදුලියකි. එසේ ම මේ යන්ත්‍රවල එක්‌ වර වැඩි රෙදි ප්‍රමාණයක්‌ සේදිය හැකි ය.
  2. ඉහළින් රෙදි ඇතුළු කරන යන්ත්‍ර (top loaders) – මේවායේ රෙදි දැමීම සිදු කරනු ලබන්නේ යන්ත්‍රයේ ඉහළිනි. මේ වර්ගයේ ඇතැම් පැරැණි යන්ත්‍රවල ඇති කේන්ද්‍රගත කලතනය (central agitator) විදුලිය අධික ලෙස පරිභෝජනයට හේතු වේ.

එසේම එහික්‍රියාකාරිත්වය අනුව,

ස්‌වයංක්‍රීය (Fully automatic) – රෙදි සේදීම හා වියළීම සඳහා එක්‌ කොටසක්‌ පමණක්‌ ඇති මේ යන්ත්‍ර භාවිතයේ දී රෙදි සේදීමේ සමස්‌ත ක්‍රියාවලිය ස්‌වයංක්‍රීයව සිදු වේ.

අර්ධ ස්‌වයංක්‍රීය (Semi automatic) – මෙහි සේදීම හා වියළීම සඳහා කොටස්‌ දෙකක්‌ ඇති අතර රෙදි සේදීමේ ක්‍රියාවලියේ දී අප කිහිප වරක්‌ ඊට සම්බන්ධ විය යුතු ය.

ලෙස වර්ග කල හැක.

රෙදි සේදීමට පමණක්‌ නොව රෙදි වියළා ගැනීම සඳහා ද washing machine වැඩිවැඩියෙන් පාවිච්චි කිරීමට පුරුදු වී තිබේ. Washing machine භාවිත කිරීමට පෙර එහි වර්ගය පිළිබඳවඅවබෝධයක් ලබාතිබීමෙන් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගතහැකිවනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles